ඔළුව ජපන් කඳ ජර්මන්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔළුව ජපන් කඳ ජර්මන්

    ෂෝන් කොනරි – අමිතාබ් බච්චන් ගාමිණී ෆොන්සේකා එකට එක්වීම නූලෙන් වැළකෙයි

    සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි, බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සහ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා යොදා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ චිත්‍රපටයක් නොවැළැක්විය හැකි හේතූන් නිසා එසේ නොකර වෙනත් නළුවන් තිදෙනකු යොදා රූගත කළ වග වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ ෂෝන් කොනරිගේ දුරකථනය විසන්ධි කොට තිබීමත්, අමිතාබ්ගෙන් එක දිගට රූපගත කිරීම් යොදා ගැනීමට නොහැකිවීමත් සහ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙලොව හැර ගොස් තිබීමත්ය. එහෙත් මේ වෙනුවට වෙනත් නළුවන් තිදෙනෙකු යොදා එය රූ ගැන්වීම අවසන් කිරීමට සමත් වී තිබේ.:(
    ඒ අනුව ෂෝන් වෙනුවට සංජය ලීලාරත්නත්,:shocked: අමිතාබ් බච්චන් වෙනුවට මොහාන් හෙට්ටිආරච්චිත්,:oo: ගාමිණී ෆොන්සේකා වෙනුවට ටෙනිසන් කුරේත් :baffled:ආදේශ කොට රූගන්වා ඇති මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ඔළුව ජපන් කඳ ජර්මන් යනුවෙනි. දිනේෂ් ප්‍රියසාද් එහි අධ්‍යක්ෂවරයා වෙයි.
    සංජය, මොහාන්, ටෙනී සමඟ දිල්හානි අශෝකමාලා, ශේෂද්‍රි, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා ආදීන් මෙහි සෙසු චරිත මවනු ලබති.
    ෂෝන් කොනරි, අමිතාබ් බච්චන් හා ගාමිණී ෆොන්සේකා යොදා රූ ගැන්වීමට අදහස් කළ වග වාර්තා වන්නේ මේ චිත්‍රපටය සකසන ලද ට්‍රේලර් පටය හේතුවෙනි. මේ ට්‍රේලර් පටය සරසවිය වෙබ් අඩවිය, යූ ටියුබ් ආදියෙන් ළඟදීම දැක ගත හැකි වනු ඇත.:dull:

    Amitabh-Bachchan-20130706.jpg
    gamini-20130706.jpg
    shon-konari-20130704-1.jpg
     
    • Like
    Reactions: lamithr