ඕක නොගෙනාවත් ඉල්ලන්නේ නැහැ
ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස පළ කළේය.
එහිදී හෙතෙම සඳහන් කළේ “ මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ.. බයවෙන්න එපා ඊළඟ පාර මං ඉල්ලන්නේ නෑ.. ඕක නොගෙනාවත් ඉල්ලන්නේ නැහැ.” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැදිගම දී පැවසීය.
තවද " අද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තා, සමෘද්ධිලාභීන්ගේ මුදල් ඔවුන්ට ලබාදුන්නා කියලා. සිල් රෙදි බෙදාදීම වරදක්ද ? ඉදිරියේදී රජයේ සේවයකයන් රාජකාරි කරන්නත් බය වේවි. අමාත්‍යවරයාට පුළුවන් එය වංචාවක් කියලා අත්අඩංගුවට ගන්න. මේ අපෙන් පළිගැනීම නවත්තන්න.. මට මන්දිරෙත් එකයි.. හිරගෙදරත් හුරුයි. මේ පවතින වෛරී ක්‍රෝධ දේශපාලනය නවත්වලා මෛත්‍රිය පතුරුවන්න." යැයි ද හෙතෙම පවසා සිටියේය.
දෙවරක් ජනපති ධුරය දැරූ පුද්ගලයකු යළිත් තෙවැනි වර එම පදවියට තරඟ කිරීම වළක්වමින් ජේ ආර් ජයවර්ධන හිටපු ජනපති 1978 ව්‍යවස්ථාවට ඇතුළු කළ වගන්තිය ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ 18 වැනි සංශෝධනය ලෙස 2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ හදිසි පනතක් ලෙසිනි.