ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කියෝල තියෙනවනම් මොනාද අහන්නෙ, මනෝකාය පැහැදිලි කරපන්කො පුලුවන් නම් භෙතිකයෙන් හරි රසායනයෙන් හරි ????? බැ ෆේල්..අන්න ඒ ෆේල් විමටයි උත්තරය බුදු දහම තියෙන්නෙ,උබට ඒක තේරුම් ගන්ඩ තරන් මොලයක් තියෙයි කියල හිතන්නෙ නැ ..

    මනෝකාය කියලා දෙයක් නෑ ගොන්ස්..එක මිනිස්සු හදාගත්ත එකක්...ඕනම වස්තුවක් වටා තියෙනවා corona discharge එක, මිනිස්සු වටා තියෙන එක තමයි ඔය මනෝකාය කියන්නෙ.....අහපු ප්‍රශ්නෙට උත්තර දියන් පැනල යන්නෙ නැතුව...
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කියෝල තියෙනවනම් මොනාද අහන්නෙ, මනෝකාය පැහැදිලි කරපන්කො පුලුවන් නම් භෙතිකයෙන් හරි රසායනයෙන් හරි ????? බැ ෆේල්..අන්න ඒ ෆේල් විමටයි උත්තරය බුදු දහම තියෙන්නෙ,උබට ඒක තේරුම් ගන්ඩ තරන් මොලයක් තියෙයි කියල හිතන්නෙ නැ ..

    මනෝකාය කියලා දෙයක් නෑ ගොන්ස්..එක මිනිස්සු හදාගත්ත එකක්...ඕනම වස්තුවක් වටා තියෙන corona discharge එක...අහපු ප්‍රශ්නෙට උත්තර දියන් පැනල යන්නෙ නැතුව...

    giphy.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනෝකාය කියලා දෙයක් නෑ ගොන්ස්..එක මිනිස්සු හදාගත්ත එකක්...ඕනම වස්තුවක් වටා තියෙනවා corona discharge එක, මිනිස්සු වටා තියෙන එක තමයි ඔය මනෝකාය කියන්නෙ.....අහපු ප්‍රශ්නෙට උත්තර දියන් පැනල යන්නෙ නැතුව...

    ඔය කියුවෙ ඔන්න කියුව මෝඩය ලොල්,.:lol::lol::lol: මනෝකාය ගැන බටහිර විද්යාවේ පරීක්ශන ටිකවත් හොයාගෙන කියෝපන්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය කියුවෙ ඔන්න කියුව මෝඩය ලොල්,.:lol::lol::lol: මනෝකාය ගැන බටහිර විද්යාවේ පරීක්ශන ටිකවත් හොයාගෙන කියෝපන්..

    අනේ බන්...ලීදක් කපන් පැනපන්....ආදා වගේ ලිස්සල යන්නෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔව් රුචිර තව ගොඩක් ඒවා තියෙනවා...මම දන්න විදිහට බුදු හාමුදුරුවො හෘදය මූලික කරගෙන තමයි විඤ්ඤානය පිහිටනවා කියලා මම අහල තියෙන්නෙ...එහෙම නැතුව විඤ්ඤානය වෙනම පිහිටනව නම් සිතහෝ මොලය ඇසුරු කරගෙ මේ ලගදි චීන්නු ප්‍රථම මිනිස් ඔලු බද්ධය කරා කියනවා....ඒ ගැන මොකද කියන්නෙ..

    බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනේ හදවත ආශ්‍රිත ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි. තනිකරම හදවතෙත් නෙවේ මොලේත් නෙවේ. ඔය තැන් දෙකේම වෙන්නත් පුළුවන්. එහෙම එක තැනක් නැතුව තැනින් තැන වෙන්නත් පුළුවන්.

    ඒ බල්ලා මරුනලු නේද බන්. ඉතින් මගේ තර්කය මේකයි. මම දැකල තියෙනවා පත්තෑයෝ සර්පයො වගේ සත්තු ඔළුව නැතුව කඳ විතරක් තියෙද්දි ඳගල ඳගල පැය ගානක් ජීවත් වෙනවා. හැබැයි කොයි වෙලේ හරි මැරෙනවා. තව මම අහලා තියෙනව කැරපොත්තා හරි වෙන මොකෙක් හරි සතෙක් ඔළුව නැතුව දවස් ගානක් ජීවත් වෙනවා කියලා. ඉතින් එහෙම බැලුවම ඒ බල්ලා ජීවත්වීම කිසි ගැටළුවක් නෑ. හැබැයි වැඩි කල් බෑ. වැඩි කාලයක් ජීවත් උනොත් අන්න තර්කය බිඳෙනවා. එහෙම උදාහරණයක් අරගෙන අපි කතා කරමු.

    හැබැයි සිත වෙනත් ශරීරයක පිහිටවීම මම විශ්වාස කරනවා. හැබැයි ඒක ඔය දොස්තරුන්ගෙ ඔපරේශන් වලින් විතරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

    මම මනෝ විද්‍යාවට ගොඩක් ආසයි...එක නිසා භාවනාව මොලයට දෙන හොද ව්‍යායාමක් සහා උද්දීපනයක් කියලා තමයි විශ්වාස කරන්නෙ..ඒත් ඔය් කියන මගපල ධ්‍යාන කියන ඒවා මනෝ මූලික එක්තරා අවස්තාවක්..එහෙම නැතුව ඒකෙන් හම්බවෙන දෙයක් නෑ......අනික මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය ඍධි ප්‍රාතිහාරය වගේ දේදල් බොරු..රුචිර අපි සාමාන්‍යයෙන් වෙන හැම දේටම රසායන භෞතික විද්‍යා රිති තියෙනවා ඒවගෙන් පිට යන්නෙ නෑ...ඒක නිසා මැජික් වගේ වෙන්න බැරි දෙවල් මේ ලොකෙ අපි ඉන්න කොටසෙ වෙන්නෙ නෑ...ඒක නිසා ඒව විස්වාස කරන්න අමාරුයි..අනික ඒඅගේ නොදියුනු සමයක..ඒගැන මොකද කියන්නෙ...?

    මම නම් මනෝ විද්‍යාව ගැන එහෙම ඉගෙනගෙන නෑ. ඒ ගැන ලොකු ආසවකුත් නෑ. ඒ වගේම මට ඒ ගැන ලොකු දැනුමකුත් නෑ.

    ඉස්සර විද්‍යාවට අනුව ඒ නීති රීති හැම එකක් එක්කම බැලුවම පෘතුවිය තැටියක්. ඒ විද්‍යාවෙ පිහිටලා ඒ රීති වල පිහිටලා ගැලිලියොට ඒ කාලේ කොච්චර කරදර කරාද. උබ ඔය කියපු වචන "මනෝ මූලික" ෆැන්ටසි කියලා ඒ මිනිස්සුත් ඉස්සර කියන්න ඇති. මොකද ඒ දවස්වල ඒ මිනිස්සුන්ට ගැලිලියෝගේ හිතේ තිබ්බ විද්‍යාව තිබ්බේ නෑ. අදටත් විද්‍යාවේ කෙලවර මෙතනයි කියලා අපි අවසානෙකට ගිහින් නෑ. අප්ඩේට් වෙවි අප්ඩේට් වෙවි ඉස්සරහට යනවා. ඒ නිසා "මනෝ මූලික ෆැන්ටසියක්" කියලා කියන එක අපි ඒ අවස්ථාවේ අපේ දැනුම මත වෙනත් දෙයක් ගැන අපි තීන්දු කරලා නිගමනයට එන විදිහක් මිසක් ඒක සාර්ථක උත්තරයක් නෙවේ. අපිට සාමාන්‍යයෙන් ටච් කරන්න බැරි දේවල් ඉග්නෝර් කරන්න හදාගත්තු අපිට සාධාරණයි කියලා හිතෙන උත්තරයක් විතරයි.

    ඒ නිසා අපි ඔය මගඵල ධ්‍යාන ඍධි ගැන කතා නොකර ඉමු. අපිට ඒවා ටච් කරන්න බැරි නම් අපිට ඒ ගැන නිගමන වලට එන්න පුළුවන්කමක් නෑනේ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනේ හදවත ආශ්‍රිත ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි. තනිකරම හදවතෙත් නෙවේ මොලේත් නෙවේ. ඔය තැන් දෙකේම වෙන්නත් පුළුවන්. එහෙම එක තැනක් නැතුව තැනින් තැන වෙන්නත් පුළුවන්.

    ඒ බල්ලා මරුනලු නේද බන්. ඉතින් මගේ තර්කය මේකයි. මම දැකල තියෙනවා පත්තෑයෝ සර්පයො වගේ සත්තු ඔළුව නැතුව කඳ විතරක් තියෙද්දි ඳගල ඳගල පැය ගානක් ජීවත් වෙනවා. හැබැයි කොයි වෙලේ හරි මැරෙනවා. තව මම අහලා තියෙනව කැරපොත්තා හරි වෙන මොකෙක් හරි සතෙක් ඔළුව නැතුව දවස් ගානක් ජීවත් වෙනවා කියලා. ඉතින් එහෙම බැලුවම ඒ බල්ලා ජීවත්වීම කිසි ගැටළුවක් නෑ. හැබැයි වැඩි කල් බෑ. වැඩි කාලයක් ජීවත් උනොත් අන්න තර්කය බිඳෙනවා. එහෙම උදාහරණයක් අරගෙන අපි කතා කරමු.

    හැබැයි සිත වෙනත් ශරීරයක පිහිටවීම මම විශ්වාස කරනවා. හැබැයි ඒක ඔය දොස්තරුන්ගෙ ඔපරේශන් වලින් විතරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

    මම නම් මනෝ විද්‍යාව ගැන එහෙම ඉගෙනගෙන නෑ. ඒ ගැන ලොකු ආසවකුත් නෑ. ඒ වගේම මට ඒ ගැන ලොකු දැනුමකුත් නෑ.

    ඉස්සර විද්‍යාවට අනුව ඒ නීති රීති හැම එකක් එක්කම බැලුවම පෘතුවිය තැටියක්. ඒ විද්‍යාවෙ පිහිටලා ඒ රීති වල පිහිටලා ගැලිලියොට ඒ කාලේ කොච්චර කරදර කරාද. උබ ඔය කියපු වචන "මනෝ මූලික" ෆැන්ටසි කියලා ඒ මිනිස්සුත් ඉස්සර කියන්න ඇති. මොකද ඒ දවස්වල ඒ මිනිස්සුන්ට ගැලිලියෝගේ හිතේ තිබ්බ විද්‍යාව තිබ්බේ නෑ. අදටත් විද්‍යාවේ කෙලවර මෙතනයි කියලා අපි අවසානෙකට ගිහින් නෑ. අප්ඩේට් වෙවි අප්ඩේට් වෙවි ඉස්සරහට යනවා. ඒ නිසා "මනෝ මූලික ෆැන්ටසියක්" කියලා කියන එක අපි ඒ අවස්ථාවේ අපේ දැනුම මත වෙනත් දෙයක් ගැන අපි තීන්දු කරලා නිගමනයට එන විදිහක් මිසක් ඒක සාර්ථක උත්තරයක් නෙවේ. අපිට සාමාන්‍යයෙන් ටච් කරන්න බැරි දේවල් ඉග්නෝර් කරන්න හදාගත්තු අපිට සාධාරණයි කියලා හිතෙන උත්තරයක් විතරයි.

    ඒ නිසා අපි ඔය මගඵල ධ්‍යාන ඍධි ගැන කතා නොකර ඉමු. අපිට ඒවා ටච් කරන්න බැරි නම් අපිට ඒ ගැන නිගමන වලට එන්න පුළුවන්කමක් නෑනේ.

    Reply එකට තෑන්ක්ස්...මෙතන පැත්තෑයො සර්පයො වගේ උන් නෙවෙයි,ක්ෂීරපායි primate උන් ගැනයි කතාව..කශීරුකාවක් තියෙනකොට සම්පූර්න කතාව වෙනස්...කලින් russian අය 50,60 ගනන් වල ක්ශීරපායි උන් බද්ධ කරලා තියෙනවා..සතියක් විතර උන් ඉදලා තියෙනවා...ඉස්සරහට සම්පූර්ක මිනිස් බද්ධයක් කරනවා කියලා තියෙනවා...

    දෙවෙනි එක හරි අපිට තාම එහෙම කියන්න බෑ..hypnosis මෝහනයට තාම නූතන විද්‍යාවෙන් හරිහමන් පිලිතුරක් නෑ...ඒවගේ...ඉස්සරහට බලමු..;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන්...ලීදක් කපන් පැනපන්....ආදා වගේ ලිස්සල යන්නෙ...

    උබනෙ ලිදේ ඉන්නෙ ,පැහැදිලි කරපන් ''මනෝකාය'' උබේ භෙතිකයෙන් හරි රසායනයෙන් හරි මොකෝ උනේ...ෆේල්.. :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Reply එකට තෑන්ක්ස්...මෙතන පැත්තෑයො සර්පයො වගේ උන් නෙවෙයි,ක්ෂීරපායි primate උන් ගැනයි කතාව..කශීරුකාවක් තියෙනකොට සම්පූර්න කතාව වෙනස්...කලින් russian අය 50,60 ගනන් වල ක්ශීරපායි උන් බද්ධ කරලා තියෙනවා..සතියක් විතර උන් ඉදලා තියෙනවා...ඉස්සරහට සම්පූර්ක මිනිස් බද්ධයක් කරනවා කියලා තියෙනවා...

    දෙවෙනි එක හරි අපිට තාම එහෙම කියන්න බෑ..hypnosis මෝහනයට තාම නූතන විද්‍යාවෙන් හරිහමන් පිලිතුරක් නෑ...ඒවගේ...ඉස්සරහට බලමු..;)

    හරක් එළුවො වගේ සත්තුන්ගෙ බෙලි කැපුවම උන්ගෙ කඳත් දඟල දඟල ඉන්නවලු බන්. මම කොහේ හරි අහලා තියෙනවා ඒ සත්තු විඳවන විනාඩි ගනන් එක්කම. ඒ වෙලාවල් හරියටම හරිද නැද්ද කියලා කියන්න මම දන්නෙ නෑ.

    උබට බුදු දහම ගැන මොනා හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒවා මේකේ දාලා අහපන්. උත්තර දෙන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය උත්තර දේවි. උබේ ප්‍රශ්ණ කීපයකට හරි උත්තර දෙන්න ඕන නිසයි මම ඒවා හාර හාර ඇහුවෙ. මම උබට ඇනයක් වෙන්න කැමති නෑ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හරක් එළුවො වගේ සත්තුන්ගෙ බෙලි කැපුවම උන්ගෙ කඳත් දඟල දඟල ඉන්නවලු බන්. මම කොහේ හරි අහලා තියෙනවා ඒ සත්තු විඳවන විනාඩි ගනන් එක්කම. ඒ වෙලාවල් හරියටම හරිද නැද්ද කියලා කියන්න මම දන්නෙ නෑ.

    උබට බුදු දහම ගැන මොනා හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒවා මේකේ දාලා අහපන්. උත්තර දෙන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය උත්තර දේවි. උබේ ප්‍රශ්ණ කීපයකට හරි උත්තර දෙන්න ඕන නිසයි මම ඒවා හාර හාර ඇහුවෙ. මම උබට ඇනයක් වෙන්න කැමති නෑ.

    එල ඒත් මට සෑහිමකට පත් වෙන්න මදී...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උබනෙ ලිදේ ඉන්නෙ ,පැහැදිලි කරපන් ''මනෝකාය'' උබේ භෙතිකයෙන් හරි රසායනයෙන් හරි මොකෝ උනේ...ෆේල්.. :cool::cool:

    මන් අහන එකට උත්තර දෙන්නෙ නැති උබ මම උත්තර දිපු එකම අහනවා...අමේ බන් උබ කාගෙ දරුවෙක්ද..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් අහන එකට උත්තර දෙන්නෙ නැති උබ මම උත්තර දිපු එකම අහනවා...අමේ බන් උබ කාගෙ දරුවෙක්ද..?

    උබ අහන්නෙ මොකක්ද පරිනාමවාදය ගැන ඕක පැහැදිලි කරන්ඩ මට කිසිම අවශ්යතාවයක් නැ...ආගමික දෙයක් නම් උත්තර දෙනව එච්චරයි ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    එල ඒත් මට සෑහිමකට පත් වෙන්න මදී...

    සෑහීමකට පත්වෙනවද නැද්ද කියන එක මචන්, දීලා තියෙන උත්තරය මත හා උබේ පැත්තෙන් තීරණය කරන දෙයක්. සෑහීමකට පත්වෙලා නැත්නම් ආයි ආයි ප්‍රශ්න කරොත් ඒ ගැන සංවාදය ඉස්සරහට යන්න පුළුවන්. මුකුත්ම උත්තර නොදෙන එකෙයි සෑහීමට පත්නොවෙන එකෙයි අතර වෙනසක් තියෙනවනෙ.

    උබට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා ඒවා මෙතන නොදා ඉන්න එකත් හරි නෑනේ බන්. මම කිව්වෙ ඒක. ප්‍රශ්ණ ඇසීමේ නිදහස තියෙන නිසා ඕන දෙයක් අහන්න පුළුවන්.

    උබ කලින් කිව්වා "කාමයට ඇති කැමැත්ත අපේ ජානවල ප්‍රෝග්‍රෑම් කරපු එකක් ...ඒක නවත්වනවා කියන්නෙ මිනිස් සංහතියම ඉවරයි කියන එක"

    ඔව් මචන්. ඒ කැමැත්ත නිසා කොච්චර දුකක් විඳින්න වෙනවද කියන එකයි බුදු හාමුදුරුවො පෙන්නලා දුන්නෙ. මම පොඩි දරුවන්ට අම්මලා තාත්තලා මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ව පෙන්නලා ඉගෙන නොගත්තොත් මේවා කරන්න වෙයි කියලා කියනවා. බය වෙන එකා ඒ දුක මග හරින්න කෙටි කාලීන කැපකිරීමක් කරන්න පොතපත තෝරගන්නවා. ඒ වගේ දෙයක් තියෙන්නෙ.

    කිසිසේත්ම සංහතියම විනාශ වෙන්නෙ නෑ බන්. ඒ ගැන බය වෙන්න එපා. මොකද ඒ කියන එක කරන්න ලේසි නෑ. පට්ට අමාරුයි.
    ඒ හැරත් සෝවාන් සකෘදාගාමී උනත් මානව සංහතිය පවත්වාගෙන යන්න කිසිම බාදාවක් ඇති වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: dayt0na

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    විඤ්ඤානය යනු කුමක්ද?

    Posted on November 26, 2012
    විඤ්ඤාණය යනු කුමක්දැයි නිවැරදිව දැන පැහැදිළි කර ගැනීම නිවන් දැකීමට ඉතාමත් උපකාරකය. මේ පිළිබඳව හොඳින් තේරුම් ගතහැකි පරිදි පැහැදිළි විස්තරයක් අද කිසි පොතකින් හෝ දේශණයකින් ලබා ගත නොහැකි වීම, නිවන් මඟ වැසී තිබීමට එක් මූලික හේතුවකි. සාමාන්‍ය පුද්ගලයින් මෙන්ම උගතුුන්ද, සිත, යටිසිත, මනස ආදී විවිධ නම් වලින් හැඳින්වූවත්, උපන් හැම සත්ත්වයකුටම ඇත්තේ විඤ්ඤාණයකි. ඒ නිසාම අංග පහකින් යුත් පංචස්කන්ධයේ වැදගත්ම කොටස ලෙසද විඤ්ඤාණය පෙන්වා දී ඇත.
    විඤ්ඤාණය ලෙස හඳුන්වන්නේ කහට ගැන්වී, බලගැන්වී, කිළිටි වූ ජවයක් (සං)එකතු වූ චිත්තයට බව මුලින් ද පෙන්වා දී ඇත. මේ සියලු කහට ගැන්වීම් වලින් බලගැන්වීම් වලින් ජවයක් (සං) එකතු වීමෙන් වන්නේ (චිත්තයෙහි) සිතෙහි බලාපොරොත්තු පිරීමයි. මේ නිසාම විඤ්ඤාණය යනු බලාපොරොත්තු වලින් පිරුණු සිත ලෙසද සරළ ලෙසින් විග‍්‍රහ කළ හැකිය. බලාපොරොත්තු නැති විඤ්ඤාණයක් හෝ විඤ්ඤාණයක් නැතිව බිහි වූ බලාපොරොත්තුවක් හෝ විග‍්‍රහ කළ නොහැකිය. සිතක විඤ්ඤාණයක් (බලාපොරොත්තුවක්) උපදින්නේ ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා සංඥා මගිනි. (මෙතන ද සංඥා යනු ”සං” යන ජවයෙන් එකතු කර ගත් දැනුමයි). ඇස, ඇසින් දකින රූප නිසා, කන, කනෙන් ඇසෙන ශබ්ද නිසා, දිව, දිවෙන් ලබන රසය නිසා, කය, කයට ලැබෙන ස්පර්ශය නිසා, මන, මනසට ලැබෙන අරමුණු (ධම්ම) නිසාම සිතක යම් බලාපොරොත්තුවක් උපදී. එම බලාපොරොත්තු චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, පොට්ඨබ්බ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යනුවෙන් සය ආකාරය. මේ සියලු විඤ්ඤාණයෝ ඉන්ද්‍රියයන් මුල්කොට ගෙනම උපදිති. මේ හය ආකාරයෙන් තොරව සිතක කිසිදු විඤ්ඤාණයක් උපදිය නොහැකිය. මේ ඉන්ද්‍රියන් හයම විඤ්ඤාණය ශක්තිය උපදින උල්පත්ය. මේ කුමන ඉන්ද්‍රියකින් විඤ්ඤාණය උපන්නත්, එය මනස වෙත යොමු වී, සකස් වී, ඒකාබද්ධ වී ක‍්‍රියාත්මක වන නිසා ”සං” උපදවන්නේ, එකතු කරන්නේ මනෝ විඤ්ඤාණයෙන්මය.
    මෙලෙස සිතක උපදින බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) කර්ම විඤ්ඤාණය, ප‍්‍රවෘත්ති විඤ්ඤාණය, පටිසංධි (ප‍්‍රත්‍යය) විඤ්ඤාණය යැයි නිදානය අනුව වර්ග කර විග‍්‍රහ කර තිබේ. කර්ම විඤ්ඤාණය යනු, මීට පෙර සිතින් බිහිකළ ශක්තීන්, චිත්තජ රූප (දැන් කර්මජ රූප) විපාක දීමක් ලෙස සිතෙහි අරමුණු පහළ වීමයි. සෑම චිත්තජ රූපයක්ම (ශක්තියක්ම) අතීතයට ගිය පසු කර්මජ රූප ලෙසින් හඳුන්වන අතර එය විපාක ලැබෙන හේතුවක් බව කලින්ද පෙන්වා දී ඇත. ප‍්‍රවෘත්ති විඤ්ඤාණය යනු, යම් සිදුවීමක් දැකීම, ඇසීම වැනි හේතුන් මනසෙහි ස්පර්ශ වීම නිසා උපදින බලාපොරොත්තුය. පටිසංධි විඤ්ඤාණය, වෙනත් හේතුවක් ප‍්‍රත්‍යය කොට (පටිච්චසමුප්පන්නව) උපදින අරමුණය. සංකාර නිසා, වේදනාව නිසා ආදී කොට විඤ්ඤාණ උපත ලබයි.
    මේ සියලු විඤ්ඤාණයෝ අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණ, කුසල මූලයෙන් උපන් විඤ්ඤාණ යැයි දෙකොටසකි. අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ කෙළෙස් උපදවන, සසර දිගු කිරීම සඳහා හේතු වෙයි. ඒවා පින් හෝ පව් විය හැකිය. කුසල මූලයෙන් උපන් සිත් සංසාර ගමන නවත්වන ”සං” එකතු නොකරන, පහත් වූ කුණු වැනි දේ සළාහරින නිසාම නිවනට උපකාරක ධර්මයෝය.
    අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ රාග, ද්වේෂ, මෝහ යනුවෙන් සරළ ලෙස බෙදා ඇත. තණ්හා, ආශා, ලෝභ, තරහා, වෛර, මෝඩකම ආදී සියල්ල මීට ඇතුළත්ය. විඤ්ඤාණය, අතීත විඤ්ඤාණය, අනාගත විඤ්ඤාණය හා වර්තමාන විඤ්ඤාණ යැයි කොටස් තුනකට බෙදෙයි. මේ එකොළොස් ආකාර වූ සියලු කොටස් එකතුකර පෙන්වීම සඳහා විඤ්ඤාණස්කන්ධය යන පදය භාවිතා කෙරෙයි.
    සත්ත්ව සංථානයක උපදින දුක් වලින් සියයට අනූනවයක්ම උපදවන්නේ අවිද්‍යා සහගත විඤ්ඤාණයයි. පෘතග්ජන පුද්ගලයකු දුක් විඳින්නේ, තම අතීතය ආවර්ජනය කරමින්, අතීත සිදුවීම් නැවත නැවතත් සිහිපත් කරමින්, සිතින් සිහින මවමින්, දහසක් බලාපොරොත්තු (විඤ්ඤාණ) උපදවා ගෙන ඒවා ප‍්‍රියයි, මනාපයි, සුවයි කියා සිතා ඒවා ලබාගැනීමට අල්ලා ගන්නට කරන උත්සාහයන් නිසාමය. එය අතීත විඤ්ඤාණයයි. අතීතය යනු වැළලී ගිය නැවත කිසි දිනක ආපසු මතුකර ගත නොහැකි දෙයක් බව කිසි කෙනෙකු කල්පනා නොකරයි. එහි යථාර්ථය දැකිය නොහැක්කේ, චන්දරාගය මුසු වූ මෝහය නිසාය.
    අනාගත විඤ්ඤාණය යනු, ඉදිරිය ගැන, හෙට ගැන විවිධ බලාපොරොත්තු (විඤ්ඤාණ) බිහිකර ගෙන, ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා කරන විවිධ සංඛාර, ක‍්‍රියා, වදන්, සිතුවිලිය. අවිද්‍යා සහගත වූ මේ නූපන් බලාපොරොත්තු (විඤ්ඤාණ) ඉටුකර ගැනීමට සියලු සත්ත්වයයෝ අනන්ත දුක් විඳිති. මේ අනුව බලන කළ අතීතය ආවර්ජනය කරමින්, අනාගත විඤ්ඤාණ අරමුණු ඉටුකර ගැනීම සඳහාම සියලු සත්ත්වයෝ දුක් විඳිති. වර්තමාන විඤ්ඤාණ නිසා දුක් විඳින කෙනෙකු නැත. මේ බලාපොරොත්තු මනසින් බිහිකර ගෙන හදාවඩාගත් (”සං” කරගත්) එකතු කරගත් දේ මිසක (මායාවල් මිසක) සත්‍යයක් නොවේ. අතීත, අනාගත සියලු විඤ්ඤාණයන්ට හේතුව චන්දරාගයයි. උපන්දා පටන් හෝ පසුගිය ආත්මයක පටන් හෝ එන මතක සටහන්, නැවත නැවතත් ආවර්ජනය කරමින්, ඒවා පිළිබඳ ඇති කරගත් කැමැත්තෙන් බිහිකරගත් බලාපොරොත්තුවල මුල චන්දරාගයයි.
    පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් (විඤ්ඤාණයක්) නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප‍්‍රියයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ලෝකාස්වාදයක් විඳියි. අවිද්‍යා සහගත බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) නිසාම මෙසේ ප‍්‍රියයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙයි, බැඳෙයි. කොහොල්ලෑවක් මැලියමක් වැනි වූ මේ චන්දරාගයෙන් ඇළීම, බැඳීම ඇති කරගෙන මුළාවී කටයුතු කරයි.
    අවිද්‍යා සහගත විඤ්ඤාණයෝ අනුත්පාද කිරීම, නිරෝධ කිරීම නිවන් මඟයි. අතීත, අනාගත විඤ්ඤාණ (බලාපොරොත්තු) නිරෝධ කිරීම මගින් නිවන් මඟ හෙළි කරගත හැකිය. ඉන්ද්‍රියයන් හය මගින් මනසට ලැබෙන සංඥා උපකාර කරගෙන, මනසෙහි බිහිවන බලපොරොත්තු දිගේම මනස මෙහෙයවා වල්මත් වෙනවා වෙනුවට, මනස සංවර (සං-වැරීම මගින්) කරගෙන, සං උදය (සමුදය) සං-උපදින තැන දැක, සං දිට්ඨික වී, ”සං” නිරෝධ කිරීම මගින් නිවනට මඟ පූර්ණ කරගත හැකිය.
    අවිද්‍යා සහගත බලාපොරොත්තු උපදින උල්පත් වූ ඉන්ද්‍රියයන් හය(6) පාලනය කර, චන්දරාගය නමැති කොහොල්ලෑවක් මැලියමක් වැනි ඇලෙන ගතිය අක‍්‍රීය බවට පත් කර, නිරෝධ කිරීම මගින්, අවිද්‍යා සහගත විඤ්ඤාණ උපදින උල්පත් වසා දැමීම කළ හැකිය. මෙය ඉන්ද්‍රිය සංවර කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. ත‍්‍රිවිධ සුචරිත පූර්ණ කිරීමයි. සප්තබොජ්ජංග වැඞීමයි. අරිය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. නිවන් මඟයි. අරිය පර්යේෂණයයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනේ හදවත ආශ්‍රිත ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි. තනිකරම හදවතෙත් නෙවේ මොලේත් නෙවේ. ඔය තැන් දෙකේම වෙන්නත් පුළුවන්. එහෙම එක තැනක් නැතුව තැනින් තැන වෙන්නත් පුළුවන්.

    අපි මෙහෙම තේරුම් ගමු.. විඤ්ඤාණයේ ස්වභාවය නම්,

    "දූරංගම ඒක චරං

    අසරිරං ගුහාසයං

    යෙ චිත්තං සඤ්ඤ මෙස්‌සන්ති

    මොක්‌ඛන්ති මාර භන්ධනා"

    ඕකනෙ බුදු දහම පැහැදිලි කිරීම...

    ජීවත් වීම හෝ නොවීම තීරනය කරන්නෙ විඤ්ඤාණය නෙමේ ''කර්ම විපාක''..කර්ම විපාකවලට අනුකූලව ජීවත් වෙන්ඩ පුලුවන් නම් සහ ජනන කර්මය බලවත් නම් ඖෂධ බලයෙන් මිනිස්සු ජිවත කරවන්ඩ පුලුවන් කියල,බලoගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවො පැහැදිලි කරල තියෙනව.. :yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මටත් දැනගන්න ඕනා සිත තියෙන තැන ගැන තියෙන දේශනා. . හොයද්දි ඕක දැක්කේ. .

    සිත තියෙන්නෙ කොහෙද..??

    "දූරංගම ඒක චරං
    අසරිරං ගුහාසයං
    යෙ චිත්තං සඤ්ඤ මෙස්‌සන්ති
    මොක්‌ඛන්ති මාර භන්ධනා"​

    සිත කියන්නෙ, දුර ගමන් යන්ඩ පුලුවන්, තනිව හැසිරෙන, සරීරයක් නොමැති දෙයක් කියල බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනා කරල තියෙනව..මනුස්සයට බෙල්ල ගලෝල වෙන තැනක හයිකරනව කියන එක අදාල වෙන්නෙ ඖෂධ බලයට..බලoගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවන්ට අනුව, ජනන කර්මය බලවත් නම් ජීවත් කරන්ඩ පුලුවන්, සිතෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැ ...
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පුලුවන්නම් අලුත් 4to එකක් හොයලා add කරපංකෝ.. 2008/2009 result එකක් තියෙන්නේ.. මිට අවුරුදු 10කට කලින් :sorry:
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    අපිට අවුරුදු 2500 ඉතිහාසයක් සංකෘතියක් තියනවා . ඔය ලා නිල් රවවලට එම නෑ . ඒක තමා උන්ගේ වාසනාව. රට පරණ වෙන්න කුණු ගොඩවල් වැඩි .

    :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මනෝකාය කියලා දෙයක් නෑ ගොන්ස්..එක මිනිස්සු හදාගත්ත එකක්...ඕනම වස්තුවක් වටා තියෙනවා corona discharge එක, මිනිස්සු වටා තියෙන එක තමයි ඔය මනෝකාය කියන්නෙ.....අහපු ප්‍රශ්නෙට උත්තර දියන් පැනල යන්නෙ නැතුව...

    oඔක උත්තර දෙයි බලා හිටපන් . ලිදට දැම්මට පස්සෙ වෙන බහුබූත කෙලින පිස්සු ගොනෙක් ඕක . පුදුමෙ කියන්නෙ ඔය වද ගෑනි කියන එවට එකගවෙන ගොන්ගසුත් මේකෙ ඉන්නවනෙ