ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

Shan_LK

Member
Dec 13, 2016
184
82
0

මම මුලින් ජාල ගත කරපු " සබරගමුව දුම් රිය මග" කියන හුයට දිගුවක් විදියට තමයි මේ හුය ඉදිරිපත් කරන්නෙ.

මේ ලින්ක් එකෙන් පලමු කොටසට යන්න පුලුවන්.:)

මේ නූල කියව්ල ආවනම් හොදයි ඉස්සෙල්ලම.http://www.elakiri.com/forum/showthread.php?p=21429022#post21429022

මේ තියෙන්න සබරගමුව දුම් රිය මාර්ගය දිගේ තියෙන දුම් රිය ස්තාන සහ අනෙකුත් ගොඩනැගිලි වල දැන් තියෙන තත්ත්වය.:(

1. අවිස්සාවේල්ල පැරණි දුම් රිය ස්තානය.

මේ තියෙන්නෙ අවිස්සාවේල්ල පරණ දුම් රිය ස්තානය. මෙ ගොඩනැගිල්ල දැනට භාවිතයට ගන්නෙ සේවක නිවස්නයක් විදියට. පරණ දුම් රිය වේදිකාව උස්සලා පුලුල් ආමාන දුම් රිය භාවිතයට උචිත ලෙසට සකස් කරලා තියෙනව දකින්න පුලුවන්.

HkqnOYA.jpg


මේ තියෙන්නෙ පැරණි පටු ආමාන දුම් රිය ධාවනාගාරය. මේක ඇතුලේ පැරණි මගී ප්රවාහන ගැලක් දිරා යමින් පවතිනව. මේය ඇත්තටම පැරැනිම දාවනාගාරය නොවේ. මෙය පසුකාලීනව, 80 දශකයෙ තමයි ඉදිකරල තියෙන්නේ. අතීතයේ දුම් රිය මං සන්ධියක් උන අවිස්සාවේල්ල දුම් රිය ස්තානය දැන් කුඩා දුම් රිය ස්තානයක් පමණයි. මේ දුම් රිය ස්තානයේ විශාල වපසරියක් ගොඩ කරලා තමයි කොලඹ අවිස්සාවේල්ල මාර්ගය සාදා තියෙන්නෙ.

4gm2FXz.jpg


2. ගැටහැත්ත දුම් රිය ස්තානය.

මේ තියෙන්න ගැටහැත්ත දුම් රිය ස්තානය. මෙය මේ වන විට මුලුමනින්ම අත්හැර දමලයි තියෙන්නෙ. මෙහි තිබුන පැරණි බඩු ගබඩාව දැන් දකින්නට නැහැ. තව ටික කාලයකින් මෙය කාලයේ වැලිතලාවෙන් වැසිල යාවි.

SOCmKjS.jpg


3. ඇහැලියගොඩ දුම් රිය ස්තානය.

මේ ගොඩනැගිල්ල මෑත කාලයේදී අලුත් වැඩියා කොට තහවුරු කර තිබෙනවා. එය සතුටට කරුණක්.

iBwbwBd.jpg


මේ තියෙන්නෙ ඇහැලියගොඩ පැරණි බඩු ගබඩාව සහ නිල නිවාසය. (උඩු මහලේ නිල නිවාසත්, යටි මහලේ බඩු ගනඩාත් පිහිටා තිබෙනවා)

o3lNrRJ.jpg


4.පරකඩුව දුම් රිය ස්තානය.

මේ දුම් රිය ස්තානයෙන් ඉතිරිව තියෙන්නේ බඩු ගබඩාව සහ නිල නිවාස ගොඩනැගිල්ල පමණයි. මෙය දැනට අනවසර පදිංචිකරුවන් විසින් අයිති කරගෙන තිබෙනවා.

Ws6Z6Y5.jpg


ZuDAFWK.jpg


මෙම ගොඩනැගිල්ලට සමීපව මහපාර හරහා පැරඹි මාර්ගයේ රේල් පීලි දෙකක් දකින්නට තිබෙනවා. මෙවැන්නක් දක්නට ලබෙන්නෙ මෙම ස්තනයේ පමණයි.

fzwasYV.jpg


5. කුරුවිට දුම් රිය ස්තානය.

මේ ජායාරූපය ගන්නා අවදියේදී දුම් රිය ස්තාන ගොඩනැගිල්ල ගබඩාවක් ලෙස තමයි භාවිතා වෙන්නෙ.

28xPB3K.jpg


මේ තියෙන්නෙ කුරුවිට දුම් රිය ස්තානයේ බඩු ගබඩාව සහ සේවක නිවස්නය.

jkUUlZi.jpg


මේ තියෙන්නෙ මෙම දුම් රිය ස්තානයේ ඉතිරිව ඇති වාශ්ප එන්ජින් වලට ජලය සැපයූ වතුර ටැංකිය. දුම් රිය කවුතුකාගාරයක සංරක්ශනය කල යුතු වස්තුවක් දිරායනව නිරපරාදේ.

HgoKcrc.jpg


6.රත්නපුර දුම් රිය ස්තානය.

සබරගමුව මාර්ගයේ විශාලම දුම් රිය ස්තානය තමා රත්නපුර දුම් රිය ස්තානය. මෙහි දීර්ඝ දුම් රිය වේදිකාවක්, බඩු ගබඩා සහ නිල නිවාස, නඩත්තු මඩුවක්, අගුරු මඩුවක්, මැදිරි වල බර කිරන තරාදියක්, හැරවුම් වේදිකාවක්, ජල ටැංකි දෙකක් ආදිය ඇතුලත් උනා. දැන් දක්නට ඇත්තේ පැරනි වේදිකාවෙන් කොටසක් සහ දුම් රිය ස්තාන ගොඩනැගිල්ල පමණයි. මේ ජායාරූපයේ දැක්වෙන යකඩ ආරුක්කු ශුම් රිය වේදිකාව් වහල දරා සිටිය ආරුක්කු. මෙයට සමීපව පරණ ස්තානාධිපති නිල නිවාසයේ අනවසර පවුලක් පදිංචිව සිටිනවා. එහු ජායාරූප ගන්නවට ඔවුන් දැඩි සේ විරුද්ධ උනා.

es9qNHe.jpg


bUpjyjP.jpg


මේ තියෙන්නෙ ලංකාවේ පටු ආමාන දුම් රිය මාර්ගයක ඉදිවුන දීර්ඝතම හා මනස්කාන්තම පාලම වන රත්නපුර පාලම. මෙය ඉතා හොද තත්වයේ තාමත් පවතිනවා. මෙය අවට ප්රදෙශය තනිකර මුස්ලිම් කොලනියක්. රේල් පාරට කිට්ටුවම පල්ලියකුත් හදලා. මම පොටෝ ගන්න කොට පොඩි සද්දයක් දම්මා.

lDii7XO.jpg


7. තිරුවානාකැටිය දුම් රිය ස්තානය.

මේ තියෙන්නේ තිරුවානාකැටිය දුම් රිය ස්තාන ගොඩනැගිල්ල. මෙහි පවුල් කීපයක් පදිංචි වී සිටීම නිසා තරමක් දුරට හොද තත්වයේ පවතිනවා. මෙම දුම් රිය ස්තානයේ පමනයි කොන්ක්රීට් ස්ලැබ් එකක් මත ඉහල මහල නිමවා ඇත්තේ. අනික් දුම් රිය ස්තාන වල තියෙන්නේ ලී තට්ටු.

WumUIKw.jpg


අත්හැර දමන ලද තිරුවානාකැටිය බඩු ගබඩාව සහ නිල නිවාස.

JrB0VPP.jpg


8. දෑල දුම් රිය ස්තානය.

මෙය දනට ප්රජා මද්යස්තානයක් ලෙස භාවිතා වෙනවා. පැරණි ගොඩනැගිල්ල බොහෝ සේ වෙනස් කරලා තියෙන්නේ.

E0TPmnb.jpg


මේ තියෙන්න ගබඩාවෙ නටබුන්. සම්පූර්ණයෙන්ම කැලයෙන් වැහිල තියෙන්නෙ.

89bbIrh.jpg


9. වටාපත දුම් රිය ස්තානය.

මෙම ස්තානයේ පිහිටා තිබිල තියෙන්නෙ එක ට බද්ද උන බඩු ගබඩාවක් සහ දුම් රිය ස්තානයක්. මෙම ගොඩනැගිල්ල අත්හැර දාලා තියෙන්නෙ. බිමට පාත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.

5oe4EjU.jpg


10. කහවත්ත දුම් රිය ස්තානය.

x0TKb2C.jpg


මේ දුම් රිය ස්තානය අද වන විට ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප ඩිපෝවක් හා බස් නැවතුම් පලක් ලෙස භාවිතා වෙනවා. සෑහෙන්න හොද තත්වයේ තිබ්බත් නිසි නඩත්තුවක් නෑ. දැන් මේක නිල් පාට ගාලා. කහවත්ත සබරගමුව දුම් රිය ස්තානයේ ඉතා වැදගත් ස්තානයක්. හම්බන්තොට සිට ගැල් වලින් මේ ස්තානය දක්වා ගෙන ආ ලුණු දුම් රිය මගින් කොලඹ දක්වා ගෙන ගොස් තිබෙනවා.
මේ තියෙන්නෙ කහවත්තෙ බඩු ගබඩාව.

sAU6Unp.jpg


11. ඕපනායක දුම් රිය ස්තානය.

සබරගමුව දුම් රිය මාර්ගයේ අන්තය තමා ඕපනායක. මෙය අවිස්සාවේල්ල, රත්නපුරට අනතුරුව විශාලම දුම් රිය ස්තානයයි. මෙය දැනට පොලිස් දෙපාර්තමේන්තුඒටයි අයිති. ඕපනායක පොලිසිය තියෙන්නේ මේහි.

aPbzmFf.jpg


මේ තියෙන්නේ බඩු ගබඩාව.

eQ23WcJ.jpg


මේ තියෙන්නෙ ගැල් වල බර කිරූ තරාදිය. දැනට මේක පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වීම්ව්න් ප්රතිසංස්කරනය කරල සංරක්ශනය කරල තියෙනව.

G18YGcB.jpg


මේ තියෙන්නෙ ඕපනායකට නුදුරින් පිහිටි හුණුවල දුම් රිය පාලම. මෙය දැන් වාහන දාවනයට යොදා ගන්නා මාර්ගයක්.

KhPiuAp.jpg


සියලුම චායාරූප මාවිසින් ගන්නා ඒවාය. බ්ලොග් වලට කොපි පේස්ට් කිරීමෙන් වලකින්න.

11.gif
11.gif

නියමයි මචං

T F S !
REP++
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හදපු දෙයක් නඩත්තු කරගන්නවත් බැරි මුනිස්සු බන් අපි. ඉතින් අලුත් දෙයක් කරන්න බැරි එක අහන්න දෙයක් නැ . මේවා දකිද්දී දැනෙන්නේ පුදුම කලකිරීමක්.
    උබේ ගොඩක් ඉස්තුති
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරාවට මොර අයියා පට්ට කට්ටක් කල තියනව මේවා හොයාගෙන ගිහින් තොරතුරු එකතු කරන්න. අපිවත් මෙහෙම විස්තරයක් වත් දන්නැ ඇත්තටම .......................:yes::yes::yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹේ නමටම ගැලපෙන මිනි මුතු වගේ වටින ත්‍රෙඩ් එකක්.මහන්සිවෙලා තොරතුරු බෙදාගත්තට ස්තුතියි.:love::love::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later.