ඕෂධී WTF?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    එතකොට මට වයස අවුරුදු දාහතරක් විතර ඇති. මොන්ටිසෝරි කාලේ එයා මට ලංවුනා. එත් මගේ ආදරය එයාට ගොඩක් ලන්වුනේ දහය වසරේදී -ඕෂධී හිමාෂා



    අශාවරී ගීතයෙන් රංගන ජීවිතය ආව ඔෂධි කියන්නේ දැන් හුඟක් ජනප්‍රිය කෙනෙක් ජනප්‍රිය තාවය නිසාම ඔෂධීට එක එක කතා හැදෙනවා ඒවා වැඩිය ගණන් නෑ කියලා තමයි ඔෂධි කියන්නේ. සමහර අය ඕෂධිගේ පාසල් ප්‍රේමණය ගැන අහලා තිබුනා ඒකට උත්තරයක් විදිහට ඔෂධි එයාගේ පාසල් ආදර කතාව ගැන හෙළි කලේ මේ විදහටයි….

    පාසල් කාලයේ ඕෂධීගේ හිතටත් ආදර හැඟීම් ගලාගෙන නොඑන්න විදියක් නෑනේ ?
    ආ… මේ පාර ඔයගොල්ලෝ ආදරය ගැනද කතා කරන්නේ ?

    ඔව්. අපිත් එක්ක ඒ ගැන කතා කරන්න කැමතිද ?
    කතා කරමු.

    පාසල් ආදරය කාටවත් අමතක කරන්න බෑ. ඕෂධීටත් ඒක එහෙම වෙන්න ඇති ?
    ඔව්. ජීවිතේ ගොඩක්ම දැනෙන්නේ ඒ කළේ ආදරය තමයි. ඒ කාලේ ඉඳන් මගේ ආදරේ තමයි දැන් මගේ සැමියා.

    ඉතිං ඒ ආදරය ඇති වුණේ කොහොමද ?
    එතකොට මට වයස අවුරුදු දාහතරක් විතර ඇති. මොන්ටිසෝරි කාලේ එයා මට ලංවුනා. එත් මගේ ආදරය එයාට ගොඩක් ලන්වුනේ දහය වසරේදී.

    ඒ කියනෙන් එයා කාලයක්ම ඔයාගේ ආදරේ ගන්න ලොකු කට්ටක් කළා?
    කැමැත්ත ගන්න ලොකු කට්ටක් තිබුනේ නෑ. ඒ තරමට නිදහසක් තිබ්බා. හැබැයි පුංචි බයක් හිතේ කොනක තිබුණා.

    ඔය බය හින්දා එදා ඔයාගේ පසුපස එන්න එයාට එපා කියන්නත් ඇති ?
    එය මං ක්ලාස් යද්දී ඇවිත් ඉන්නවා.

    ඔයා යන යන තැන එයා ඉන්නකොට කවුරුත් ඒ ගැන ඇහුව්වේ නැද්ද ?
    අපි දෙන්නම එකට දහම්පාසල් ගියා. ඉස්කෝලේ යද්දී බස් එකේදිත් මීට් වුණා. ටික ටික මේ වැඩේ ගෙදරට ලීක් වෙලයි තිබුනේ.

    ඉතිං ගෙදරින් කැමති වුණාද ?
    මුලින්ම විරුද්ධ වුණා.

    ඒ කාලේ හිතට දුකක් එන්න ඇත ?
    හ්ම්.. (ඕෂධී කතාව අතරේ කට හඬේ සැර බාල වුණේ ඒ දවස් මතක් වෙලාද කොහෙද)

    හරි ඉතිං තහංචි මැදින් ආදර කතාව ගලාගෙන යන්න ඇති ?
    ගෙදරින් එයාට කැමති වුණේ මම ඕලෙවල් ලියන කාලේ. එතකන්ම අපි අපේ හිත්වල ආදරේ හංගගෙන හිටියා.

    ආදරේ වැඩිකමට දෙන්න අතර පොඩි පොඩි ලියුම් කඩදාසි, කවි හුවමාරු වෙන්නත් ඇති ?
    මගේ පැත්තට නම් එයාගෙන් ලියුම් ලැබුණා. එයා මට ලස්සන කවි, නිසඳැස් ලියල එවනවා. දවසක් මගේ රූපේ ඇඳලා චිත්‍රයක් එයා මට දුන්නා.

    යාළුවෙච්ච කාලේ ඉඳන් බර්ත්ඩේ එහෙම අමතක වෙලා රණ්ඩු වෙලා නැද්ද ?
    එහෙම නෑ. ලව් කරන කාලේ වගේම දැනුත් අපි අතර පුංචි පුංචි රණ්ඩු නැතිවම නෙවෙයි. පොඩි දේටත් මට තරහ යනවා. ඒක එයා තේරුම් අරන් තියෙනවා.

    ක්‍ෂේත්‍රය කසු කසු හින්දා සමහර අය තමන්ගේ ආදර කතාව හෙළිදරව් කරන්නේ නෑනේ.?
    එකට හේතු ඇති. අපි මොන ක්ෂේත්‍රයේ හිටියත් අපේ ආදරය, සහකාරයා එක්ක සතුටින් එන්න ඕනා. සමහර අය විවාහකයි වගේ එකට හිටියට ඒ අය වෙන් වෙලා. කොච්චර රඟපෑවත් මම මගේ සැමියා ඉස්සරහ බිරිය කියන එක මතක තියාගෙන වැඩ කරන කෙනෙක්.



    sss-110-326x235.png
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොච්චර රඟපෑවත් මම මගේ සැමියා ඉස්සරහ බිරිය කියන එක මතක තියාගෙන වැඩ කරන කෙනෙක්.:baffled: