ඕස්ට්‍රේලියා~අගමැති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕස්ට්‍රේලියා~අගමැති

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා හට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලද වටිනා තෑගී ඔහු විසින් එරට රජයට බාර දී ඇතැයි වාර්තා වේ.

    Tony+Abbott+Commonwealth+Leaders+Attend+2013+BxLsxW6GQbAl.jpg


    ජනාධිපතිවරයා විසින් ඔහුට මෙසේ තෑගී කොට ඇත්තේ දියමන්ති එබ්බවූ කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් (cuff links) හා කැටයම් කළ රිදී පෙට්ටියකි.

    ඕස්ට්‍රේලියා රජයේ නීතිය අනුව එරට මන්ත්‍රීවරයෙකුට වෙනත් රටකින් ලැබුණු තෑග්ගක් තමන් සන්තකයේ තබාගත හැක්කේ ඕස්ට්‍රේලියානු ඩොලර් 750 ක (ලංකා මුදලින් රුපියල් අසු නව දහසක් පමණ) වටිනාකමින් අඩු තෑග්ගක් පමණි.

    නමුත් ජනපතිවරයා ලබාදුන් එම තෑග්ග එම වටිනාකමට වඩා වැඩි හෙයින් ඔහු ලංකාවේ සිට නැවත ඔස්ට්‍රේලියාව බලා පැමිණි වහාම ඕස්ට්‍රේලියානු රාජ්‍යය බාන්ඩාගාරය වෙත බාර දී ඇත. එයට අමතරව බෘනායි රාජ්‍යයේ සුල්තාන් වරයාගෙන් ලැබුණූ හම් බෑගයක් ද ෂැම්පේන් බෝතල් දොළහක්ද, ශිරාස් වයින් බෝතල් දොළහක් ද ඔහු රජයට බාරදී ඇත.

    එරට ජනපතිවරයා සිට සිළුම මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වත්කම්, ඔවුන් වෙනත් ආයතනවල ආයෝජනය කර ඇතිද යන්න, ඔවුන්ගේ බැංකු ගිණුම් විනිවිදබාවයකින් යුක්තව පවත්වාගෙන යායුතු අතර ඒවා රජයට හෙළිකොට සිටිය යුතුවේ.

    එහෙයින් ටෝනි ඇබට් සතුව කිසිදු ආයෝජනයක් නොමැති අතර ඔහු සතුව වත්කමට ඇත්තේ සිඩ්නි නුවර ඇති ඔහුගේ නිවහන පමණක් වේ. එමෙන්ම එරට විපක්ෂ නායකවරයා වන බිල් ෂෝර්ට්න් හට ද වත්කමක් කියා දෙයකට ඇත්තේ මෙල්බෝර්න් වල ඇති ඔහුගේ නිවස පමණි.

    ඕස්ට්‍රේලියාවේ මැති ඇමති වරු එහෙම උනත් ලංකාවේ මැති ඇමතිවරු එහෙම නෑ. :P:P:P
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඕස්ට්‍රේලියාවේ මැති ඇමති වරු එහෙම උනත් ලංකාවේ මැති ඇමතිවරු එහෙම වෙන්නෙ නෑ.:yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පොඩ්ඩක් හිටපල්ලකො ජාතිය ගොඩ නැගීමේ ඇමති ධූරය ජේම්ස් පැකර් මහතාට පිරිනමන කල්..... :D:P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඒ රටවල් දියුණු ඒකනේ. මෙහෙ ඉන්න කාලකන්නි ගැන නම් කියල වැඩක් නෑ :angry::angry:.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවට මචන් යුද්දෙ කියන එක ජෝක් එකකට ගන්න එක නවත්තන එක හොදයි ..මොකද ඔය යුද්දෙ දිනන්න අපේ කොල්ලො ලොකු කැපවීමක් කලා ..ඒක බාල්දු කරන්න එපා ...
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    ඔය වගේ රටවල දේශපාලනය කරන්නේ ඇත්තටම රටට වැඩක් කරන්න ඕනේ කියල හිතන උන්. ඒකට අපේ උන් දේශපාලනය දකින්නේ පරම්පරා 7කට හරියන ජොබක් වගේ...
     
    ඕස්ට්‍රේලියාව කියන්නේ බටහිර අධිරජ්‍යවාදී රටක්, මොකඩ එහේ ඉන්නේ සුද්දෝ, සුද්දෝ කරන කිසිම දෙයක් හරි නැහැ, මොකද අපි .................

    (තව ටිකකින් ආන්ණ්ඩුවේ කක්කුස්සි දිවෙන් හෝදන, තමුන්ගේ මෑණියන්ව රජ ගෙදර බල්ලෝ ලඟට ගණිකා වෘත්තියේ යවන කුක්කෙක් අවිත් මෙහෙම කියයි )
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවට මචන් යුද්දෙ කියන එක ජෝක් එකකට ගන්න එක නවත්තන එක හොදයි ..මොකද ඔය යුද්දෙ දිනන්න අපේ කොල්ලො ලොකු කැපවීමක් කලා ..ඒක බාල්දු කරන්න එපා ...

    හමුදාවේ කොල්ලෝ බාල්දු කරන්නේ අපිද? බේබිලාට නයිට් රේස් පදින්න හමුදාවේ කොල්ලෝ දාලා වැලි කොට්ට අද්දවන එක හොඳද එතකොට?? හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ සිය ගානක් මරලා දාපු කරුණා පිල්ලයාන් උන්ට හමුදා එස්කොට් සෙකියුරිටි දෙන එක කොහොමද බන්? ඒකත් බාල්දුවක් නෙමේද? මම දන්නේ නැති නිසයි අහන්නේ:rolleyes::rolleyes:
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අනේ නිකන් පලයන් බන් යන්න..අපේ ඇමතිලා හරි අහිංසකයි...

    ඔය යන්තම් ගෙවල් 15/20 ක් විතරයි
    අන්රෙජිස්ටර් වාහන හත අටකුයි
    බැංකු පොතේ කෝටි පහ හයකුයි විතරයි තියෙන්නේ...

    අපේ රටේ නීති වෙනස්..රාජ්‍ය භාණ්ඩාගාරය තියෙන්නේ අමතිලගේ ගෙවල් වල..:yes::yes:
     

    Similar threads