ඖෂධ හා කලහාකරීත්වය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මානසික රෝගවලට හාවිතා වෙන ඖෂධ හා කලහාකරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශය
    පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේදී සිදුවූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තීබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග හා ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිළි කිරීම සිදු කෙරේ. මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත් බොහෝ විට සිදුවන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවයට පත් වීමයි.
    වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිතා වන අතර ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිලිගැනීම්වලට අනුව නිර්දේෂ කිරීම තුළින් අති මහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග සමනය වූවා පමනක් නොව ඔවුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට හේතු විය. මෙම ඖෂධ කිසි විටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගැනේ.
    නිසි ප්‍රතිකාර මඟින් මානසික රෝග බොහෝ දුරට සුව කල හැකි අතර නැවත නැවත රෝග තත්වය ඇතිවීම වැළැක්වීමටද හේතුවෙයි. ඒ සඳහා භාවිතා කරන ඖෂධ මඟින් කිසිම කලහාකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය වන අපි යළිත් අවධාරණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්ති වලින් නොමඟ නොයා මානසික ගැටළු ඇති විට වහාම ප්‍රතිකාර වලට යොමුවන ලෙසත් ඉල්ලා සිටිමු.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මානසික අවුල් වලට බෙහෙත් නැ පට්ට පල් බොරුවක්, ඔය නිවුරොන වල පවර් අඩු කරන බෙහෙත් කොහොමද දන්නෙ නැ හිතට යන්නෙ හොර යක්කු
     
    • Like
    Reactions: DjAtrocity