කංසා (The wonder plant)

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Source - http://jemasplace.blogspot.com/

කංසා (The wonder plant)
marijuana.jpg


බහුතරයකගේ අදහස කංසා යනු භයානක මත්ද්‍රව්‍යයක් බවත්.....මේවා භාවිතයෙන් මිනිස් සිරුරට විවිධ අතුරු ප‍්‍රතිඵල ඇතිවිය හැකි බවත්ය. නමුත් බටහිර රටවලින් කංසා තහනම ආරම්භ වන තෙක්ම ආසියානු රටවල් තුල කංසා විවිධ එදිනෙදා ප‍්‍රයෝජන සඳහා යොදාගත් බව දන්නේ අතලොස්සකි.


කංසා නොහොත් මරිජුවානා සාමාන්‍ය ජනයාට, කියන ආකාරයේ භයානක ප‍්‍රතිඵල අත්කර නොදුන්නද, බටහිර රටවල තෙල් සමාගම්වලට, දුම්කොළ, මත්පැන් සමාගම් සහ මහා පරිමාණයේ රසායනික ද්‍රව්‍ය නිෂපාදන සමාගම් වලට අභියෝගයකි. මෙවැනි ඉහළ ආදායම් ලබන මහා පරිමාණයේ සමාගම් විසින් පොදු ජනයාගෙන් සත්‍ය සඟවා තබා ගැනීමේ කාර්යයක නිරත වෙමින් සිටී. සත්‍යය නම් මරිජුවානා යොදාගෙන කළ හැකි අතිවිශාල නිෂ්පාදනයන් සඳහා එය යොදා ගත්තේ නම්, ඉහත කී මහා පරිමාණ සමාගම් වලට හා කාර්මික ලෝකයට අභියෝග කරන ‘‘කාර්මික පරමාණු බෝම්බයක්’’ බවට කංසා පත්විය හැකි වීමයි. මේ හේතුවෙන් සුපිරි මට්ටමේ ධනවත් සමාගම් විසින් මෙම පැළෑටිය පිළිබඳ වැරදි අවබෝධයක් සහ වැරදි තොරතුරු සමාජ ගත කිරීමේ කි‍්‍රයාවලියක නිරතව සිටින බව ඔබ දන්නවාද?

‘‘මරිජුවානා’’ යන වචනය කරලියට පැමිණෙන්නේ එක්දහස් නවසිය තිස් ගණන් වල මුල භාගයේදීය. මෙම වචනය නිර්මාණය කරන ලද්දේ කංසා පිළිබඳ ජනයා අතර තිබූ යහපත් ප‍්‍රතිරූපයත්, කංසා පැලෑටියේ සුවිශේෂ ඉතිහාසයත් මකා දැමීමේ අදහසිනි. මේ ලිපියේ පහතින් දැක්වෙන සියළු කරුණු ඒ සඳහා සාක්‍ෂි දරණ අතර, එම සෑම කරුණක්ම බි‍්‍රටැනිකා විශ්ව කෝෂයේ පැහැදිලිව සඳහන්ව ඇත. මෙහි සුවිශේෂත්වය වන්නේ බි‍්‍රටැනිකා විශ්ව කෝෂය පවා වසර 150 ක් පුරාවට තවමත් මුද්‍රණය වන්නේ ‘‘කංසා කඩදාසි’’ මත වීමයි.

1) වර්ෂ 1880 වන තෙක්ම ඇමරිකාව ප‍්‍රමුඛ බොහෝ රටවල පාසල් පොත් සියල්ල මුද්‍රණය කරනු ලැබුවේ....‘‘කංසා කඩදාසි’’ මත හෝ හන කඩදාසි මතයි. (Jack Fraizer, Hemp Paper Reconsidered 1974)

2) වර්ෂ 1631 සිටම 1800 මුල් භාගය වන තෙක්ම කංසා යොදා ගෙන බදු ගෙවීමේ හැකියාව ඇමෙරිකානුවන්ට තිබිණි. (LA Times, Aug 21)

3) 17 වන හා 18 වන සියවස්වලදී කිසියම් ඇමෙරිකානුවෙක් කංසා වවන්නට විරුද්ධ වුවහොත්, ඔහු නීතියට එරෙහි වන්නෙක් ලෙස සලකා ¥ඬුවම් නියම කර ඇත. වර්ජිනියා ප‍්‍රාන්තයේ වර්ෂ 1763 සිට 1769 දක්වා කංසා වැවීම ප‍්‍රතික්‍ෂේප කරන්නන් සිරගත කිරීමේ නීතියක් කි‍්‍රයාත්මක කර ඇත. (G.M. Herdon Hemp in Colonial Virginia)

4) ඇමෙරිකාවේ ජාතික විරයන් ලෙස සලකන ජෝජ් වොෂින්ටන්, තෝමස් ජෙෆර්සන් තවත් බොහෝ පුරෝගාමීන් කංසා වතු වල හිමිකාරිත්වය දරමින්, කංසා වගා කළේය. (Washington and Jefferson Diaries, Jefferson smuggled hemp seeds from China to France then America)

5) ඇමෙරිකාවේ මුල්ම කඩදාසි කම්හල් කිහිපයෙන් එකක හිමිකාරිත්වය බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින් විසින් දරණු ලැබූ අතර, මෙහි කඩදාසි නිෂ්පාදනය සිදු කරනු ලැබුවේ කංසා ආධාරයෙනි. එමෙන්ම වර්ෂ 1812 ආරම්භ වූ යුද්ධය ඇරඹුනේ කංසා වෙළඳාම මුල්කර ගනිමිනි. නැපෝලියන්ගේ අරමුණ වූයේ මොස්කව් සිට එංගලන්තය දක්වා සිදුවණ කංසා සැපයුම නතර කිරීමයි. (Jack Herere Emeror wears no clothes.)

6) වසර දහස් ගණනක් තිස්සේ සියයට අනූවක් පමණ නැව් කඹ හා රුවල් නිපදවන්නේ කංසා ආධාරයෙනි. ‘කැන්වස්’ යන වචන ලන්දේසීන් කංසා සඳහා යොදා ගනු ලබන ‘කැනබීස්‘ යන්නෙන් බිඳී ආවකි. (Webster's New World Dictionary)

7) වර්ෂ 1820 පමණ වන තෙක්ම සියයට අසූවක් පමණ වූ ඇමෙරිකානු රෙදි පිළි, රුවල්, ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදී බොහෝ දෑ නිෂ්පාදනය කරනු ලැබුවේ කංසා පැළෑටිය මගිනි. මෙම නිෂ්පාදනය නතර වන්නට හේතු වූයේ කපු නිෂ්පාදන හඳුන්වා දීමයි.

8) පළමු බයිබලය, සිතියම්, සටහන්, ඇමෙරිකානු නිදහස් ප‍්‍රකාශනය හා ව්‍යවස්ථාව පවා මුද්‍රණය කරනු ලැබුවේ කංසා මගින් නිපදවූ කඩදාසි මතයි. (U.S Governemet Archives)

9) බොහෝ ඇමෙරිකානු ප‍්‍රාන්ත වල මුලින්ම සිදුකළ වගාව වූයේ කංසා වැවීමයි. වර්ෂ 1880 පමණක් කෙන්ටකි ප‍්‍රාන්තයේ නිෂ්පාදනය ටොන් 40,000 ඉක්මවා තිබිණි. විසි වන ශතවර්ෂය වන තුරුම ඇමෙරිකාවේ වැඩිම ආදායමක් ලබා දෙන වගාව වූයේ කංසා වගාවයි. (State Archives)

10) කංසා වගාවේ පිළිබඳ පැරණිම තොරතුරු වසර 5000 ක් පමණ පැරණි චීන ඉතිහාසය තෙක් දිවයයි. එසේම කංසා වෙළඳාම පිළිබඳ තොරතුරු පුරාණ ඊජිප්තුවේ පවා සිදු වූ බවට සාධක සොයාගෙන ඇත.

11) රෙම්බ‍්‍රෑන්ටස්, වැන් ගෝ, ගේන්ස් බරෝ වැනි සුප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන්ගේ චිත‍්‍ර ඇතුළු බොහෝමයක් පැරණී කැන්වස් චිත‍්‍ර අඳිනු ලැබ ඇත්තේ කංසා කැනවස් මතයි.

12) වර්ෂ 1916 දී පමණ ඇමෙරිකානු රජය අනුමාන කරන ලද්දේ වර්ෂ 1940 පමණ වන විට සියළු කඩදාසි කංසා මගින් නිපදවිය හැකි බවත් තවදුරටත් ගස් කපා දැමීමට සිදු නොවිය හැකි බවත්ය. රජයේ සංගණනයන් අනුව අක්කරයක කංසා වගාවක්, අක්කර 4.1ක වවා ඇති ගස් ප‍්‍රමාණයකට සමාන වන බව හෙළි විය. මේ හේතුවෙන් ඒ වන විට කංසා ආශි‍්‍රත විවිධ කි‍්‍රයාවලි සඳහා ඇමෙරිකානු රජය පිඹුරුපත් සකසමින් සිටියේය. (U.S. Department of Agricultural Archives)

13) වර්ෂ 1937 පමණ වන තෙක්ම ඉහළම ප‍්‍රමිතියේ තීන්ත හා වාර්නිෂ් නිෂ්පාදනය කරනු ලැබුවේ කංසා මගිනි. වර්ෂ 1935 පමණක් ඇමරිකාවේ කංසා බීජ ටොන් 58,000 ක ප‍්‍රමාණයක් තීන්ත ආශි‍්‍රත නිෂ්පාදන සඳහා යොදා ගැනුණී. (Sherman William Pain Co. testimony before the U.S. Congrass against Marijuana Tax Act)

14) හෙන්රි ෆෝඞ් විසින් නිර්මාණය කරන ලද පළමු මෝටර් රථය නිපදවනු ලැබුවේ කංසා ඉන්ධන මගින් ධාවනය වීමටයි. එසේම මෝටර් රථයේ නිෂ්පාදනය කටයුතු සඳහා ද කංසා යොදාගෙන තිබුණි. ෆෝඞ් සතුව තිබූ විශාල කංසා වතුයායේ ලබාගත් මෝටර් රථය හා හෙන්රි ෆෝඞ්ගේ ඡුායාරූප බොහෝමයක් දක්න ඇත. මෙම මෝටර් රථය වටා වූ ප්ලාස්ටික් ආවරණය සම්පූර්ණයෙන්ම කංසා ආශ‍්‍රයෙන් නිපදවා තිබූ අතර එය ලෝහ ආවරණයකට වඩා දහ ගුණයකින් ශක්ති සම්පන්න විය. (Popular Mechanics, 1941)

15) වර්ෂ 1938 දී කංසා සඳහා ‘බිලියන් ඩොලර් ක්‍රොප්’ යන අනවර්ථ නාමය යොදා ගැනුණි. මක්නිසාද යත් ඉතිහාසයේ ප‍්‍රථම වරට වගාවක වෙළඳ ශක්‍යතාව (Business Potential) ඩොලර් මිලියනය ඉක්මවා යෑමයි (Popula Mechanics, Feb 1938)

16) වර්ෂ 1938 පෙබරවාරි මාසයේ ‘මිකැනිකල් ඉන්ජිනියරින් මැගසීන්‘ (Mechanical Engineering Magazine)
සඟරාව ‘වගාකල හැකි වඩාත්ම ලාභදායී සහ අපේක්‍ෂාසහගත වගාව’ (The most profitable and disireable crop that can be grown) යන හිසින් යුතු ලිපියක් පළ කළේය. එහි පැහැදිලි කල පරිදි විසිවන සියවසේ තාක්‍ෂණය යොදා ඇමෙරිකාව තුළ හා ලොව වටා වගා කළේ නම් ලොව ලාභදායී හා විශාලතම වගාව කංසා විය හැකි බවයි.

වර්ෂ 1942 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විනාඩි 14 ක චිත‍්‍රපටයක් (Hemp for Victory) නිකුත් කළේය. ඉන් කියවුනේ ‘දේශපේ‍්‍රමී ඇමෙරිකානු ගොවියන්’ (Patriotic American Farmers) විසින් වසරකට අක්කර 350,000 ක පමණ කංසා, යුධ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කළ යුතු බවයි.

කංසා වගාව හා නිෂ්පාදනය කිසි විටෙකත් පරිසර හානියක් සිදු නොකරයි. USDA පති‍්‍රකා අංක 404 ප‍්‍රකාශ කල පරිදි කංසා වගාව අනෙකුත් නිෂ්පාදනයන්ට වඩා හතරේ සිට හත් ගුණයක් පරිසර හිතකාමී බවයි.



කුමන්ත‍්‍රණය (The Conspiracy).............


කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ‍්‍රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්‍යපාරිකයන් තිදෙනාගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ‍්‍රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ‍්‍රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්‍යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ‍්‍රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.

මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ‍්‍රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප‍්‍රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්‍යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්‍ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.


මාධ්‍ය හැසිරවීම.............(Media Maipulation)
================================

විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප‍්‍රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත‍්‍රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්‍යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්‍යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.

සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප‍්‍රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )

ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත‍්‍රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප‍්‍රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්‍ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ‍්‍රශණය කළෝය.

වර්ෂ 1937 අපේ‍්‍රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.

නමුත් ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප‍්‍රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.

හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්‍ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය.

නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්විය.

අද වනවිට පෘථිවිය බලශක්තිය අතින් ගැටළු රැුසකට මුහුණ පාමින් සිටී.ගොලීය උණුසම වැඩිවීමට ප‍්‍රධාන හේතු විශාල වශයෙන් වැසි වනාන්තර විනාශ වීම බව විද්‍යාඥයින්ගේ අදහසයි. පරිසර ¥ෂණය, විෂ, රසායනික ද්‍රව්‍ය මිනිසා විනාශ කරමින් සිටී.කංසා ක‍්‍රමවත්ලෙස, කාර්මීකරණය කරමින් වගාවක් ලෙස නැවතත් ලොව පුරා ව්‍යාප්ත කළේ නම් මේවාට පිළිතුරක් ලැබෙනු ඇත ස්වාභාවික ජීව වායු නිෂ්පාදනයෙන් දැනට ක්‍ෂය වෙමින් පවතින පොසිල ඉන්ධන සඳහා සාර්ථක විකල්පයක් ලබා දිය හැකි වනු ඇත. මන්දයත් දැනටමත් අප සතු පොසිල ඉන්ධන වලින් සියයට අසූවක් පමණ අප භාවිතාකර තිබීමත් පොසිල ඉන්ධන යනු සීමාසහිත නැවත නිෂ්පාදනය නොවන සම්පතක් වීමත් හේතුවෙනි.

විශ්මිත පැළෑටිය.......(The wonder plant)
============================

කංසා තන්තු, දැව තන්තු වලට වඩා ඉහළ ගුණාත්මක අගයකින් යුක්ත බව සොයා ගෙන ඇත. දැව මගින් කඩදාසි නිෂ්පාදනයට වඩා කංසා මගින් කඩදාසි නිෂ්පාදනයේ දී අඩු රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් අවශ්‍ය වන බව සැළකේ. එසේම කංසා කඩදාසි කහපැහැයට හැරෙන්නේ නැත. ඉහළ කල්පැවැත්මක්ද ඇත. කංසා පැළය එක් සෘතුවක් තුළ වැඩිවියට පත්වන අතර ගසකට මේ සඳහා වසර ගණනාවක් ගත වේ.


සියළු ප්ලාස්ටික් නිෂ්පාදන කංසා ආශ‍්‍රයෙන් නිෂ්පාදන කළ යුතුව ඇත. එයට හේතු වන්නේ කංසා බීජ තෙල් ආශ‍්‍රයෙන් නිපදවන ප්ලාස්ටික් වර්ග පසට ජීර්ණය වන හෙයින් පරිසර හානියක් සිදු නොකිරීමයි. පරිසර විද්‍යාව යනු ඩු පොන්ට් වැනි ව්‍යපාරිකයන්ට හෝ දේශපාලඥයන්ට අවනත නොවන කි‍්‍රයාවලියකි.

කංසා ආශ‍්‍රයෙන් ෙඖෂධ නිෂ්පාදනය කාලාන්තරයක් පුරා සිදුවූවක් වුවද මේ වන විට ‘මරිජුවානා ෙඖෂධ (Medical Marijuana) ලබා දෙන්නේ අත ලොස්සකට පමණි. සෙසු සියල්ලෝම රසායනික ෙඖෂධ භාවිතා කරති.

ලෝක කුසගින්නට පිළිතුරක් කංසා මගින් ලබා දිය හැක. කංසා ආශ‍්‍රයෙන් අසීමිත ආහාර ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එසේම කංසා බීජවල ඉහළම තත්වයේ ස්වාභාවික ප්‍රෝටීන අඩංගුව ඇත. කොලොස්ටරෝල් දිය කර හරින ස්වාභාවික අම්ල විශේෂ දෙකක් කංසා බීජවල අඩංගු වේ.

අවශ්‍ය නම් කංසා පැළෑටියෙන් ඇඳුම් සකසා ගත හැක. කංසා ආශ‍්‍රයෙන් නිපදවන ඇඳුම් ශක්තිමත් බවින් හා කල්පැවැත්මෙන් ඉහළ තත්වයේ පවතී. නමුත් ඇමෙරිකානු ෆැසිස්සට් වාදී රූපවාහිනී නාලිකා කංසා ඇඳුම් පිළිබඳ ප‍්‍රචාරය කිරීමෙන් වැලකී සිටී. කලක් ඉහළම කංසා නිෂ්පාදන සිදුකළ කෙන්ටකි ප‍්‍රාන්තයේ අද වනවිට කංසා ආශ‍්‍රයෙන් නිෂ්පාදනය කළ ඇඳුම් තහනමට ලක්කොට ඇත.

ලෝකය උන්මත්තකයින්ගෙන් පිරී පවතී.නමුත් අප ඔවුන් හා එකතු විය යුතු යැයි ඉන් කියැවෙන්නේ නැත.එකතුවන්න.පිරිස් දැනුවත් කරන්න. අපට ලෝකය රැුකගන්නට පිරිසිදු බලශක්ති ප‍්‍රභවයක අවශ්‍යතාවය ඇත. ඔබත් දැනුවත් වෙන්න. ඔබේ ඊළඟ පරම්පරාවත් දැනුවත් කරන්න.

කංසා පානය ගැන ලෝකය කථා කරන්නේ අකමැත්තෙනි. නමුත් ලෝකයේ වසරකට දුම්කොළ මගින් මිලියන භාගයක පිරිස් මිය යයි. ඇල්කොහොල් භාවිතයෙන් වසරකට මිලියන භාගයක් මිය යයි. කංසා පානයෙන් එසේ මිය ගිය කෙනෙකු පිළිබඳ වාර්තා වී ඇත්ද?

කංසා පානයේ දී ඇතිවන තත්වය බීමත් කමේ දී ඇතිවන ‘බබල් බ්‍රෙන්’ නම් තත්වයට බොහෝ දෙනා සමාන කරයි. නමුත් සත්‍යය නම් පුද්ගලයෙකුගේ නිර්මාණශීලීත්වය කංසා පානයේ දී ඇතිවන තත්වයේ දී දියුණු වේ. ඔබ කලාව විඳිය හැක, ස්වභාව ධර්මය අගය කළ හැක. මෙය බීමත් පුද්ගලයෙකුගේ මානසිකත්වය හා කිසිවිටෙක සමපාත නොවේ. ඔබ අවසිහියට වඩා හොඳ සිහියෙන් පසුවේ.

Hemp is illegal because billioniores want to remain billioniores....!
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කංසා + ගින්දර = දුම් ගොඩයි
    දුම් ගොඩයි = ආතල් කොටියයි
    ආතල් කොටි 1 = කුඩු කාරයො එකයි.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කංසා + ගින්දර = දුම් ගොඩයි
    දුම් ගොඩයි = ආතල් කොටියයි
    ආතල් කොටි 1 = කුඩු කාරයො එකයි.

    කුඩු කාරයො 1 = ආතල් කොටි 1
    ආතල් කොටි 1 = දුම් ගොඩ
    දුම් ගොඩ = කංසා + ගින්දර

    එම නිසා කංසා + ගින්දර = කුඩු කාරයා....

    හැබැයි කන්සා බොන එකා කුඩු කාරයනන් කුඩු ගහන එකා මොකාද???
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    කංසා + ගින්දර = දුම් ගොඩයි
    දුම් ගොඩයි = ආතල් කොටියයි
    ආතල් කොටි 1 = කුඩු කාරයො එකයි.

    කුඩු සහ ගන්ජා ජාති 2ක් :lol: :lol:

    කුඩු කියන්නෙ heroin සහ cocaine වලට. ගන්ජ ඇබ්බැහි වෙන දෙයක් නෙවෙ. බට ගහන එක වෙනුවට ගන්ජ ගැහුවනම් ඔය හැදෙන ලෙඩ 1/2 වලටත් වඩා අඩු වෙයි. ලොකෙ ගන්ජ ගහල මෙ වෙනකන් එකෙක්වත් මැරිල වාර්තා වෙලා නෑ. :yes: :yes:

    tumblr_m4qan8Dswn1rtef2wo1_500.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොටමුද හේනක් තනමල්විල පැත්තේ???:lol::lol::lol:
    අපොයි එපා.. කෙලින්ම ලයිව් ඇට් එයිට් එකේ රේඩ් කරනවත් එක්කම පෙන්නනවා.. තනමල්විල යාල, ඔය වගේ පැති වල එපො.. හිමීට ගෙදර පලා කොටුවක් වගේ ගානට හිටො ගනින්.. මට මතකයි පහුගිය කාලෙ වරායෙ එකෙක් මාටු උනා මල් පොච්චියක හිටොලා වරායෙ උන්ට බෙදලා.. :lol::confused:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුඩු කාරයො 1 = ආතල් කොටි 1
    ආතල් කොටි 1 = දුම් ගොඩ
    දුම් ගොඩ = කංසා + ගින්දර

    එම නිසා කංසා + ගින්දර = කුඩු කාරයා....

    හැබැයි කන්සා බොන එකා කුඩු කාරයනන් කුඩු ගහන එකා මොකාද???
    ඔක මම නිකන් විහිලුවට වගේ කිව්වෙ, ඒත් ගොඩක් කුඩු ගහන්න පුරුදු උනු සික් කාරයොන්ගෙ පටන් ගැනීම මෙතන තමා.. ඉස්සෙල්ලාම සිගරට් එකෙන්, ඊලගට මල/ජොයින්ට්, ඊට පස්සෙ ඔක විවිද පැතිවල ආදේශක දේවලට බහිනවා අත මිට හිග උනාම, (උදු පියලිය, තේ කුඩු මන්ඩි, ඔය වගේ කුස්සියෙ සහ වත්ත පිටියෙන් සොයා ගත්හැකි දෙවල් වලට) ඊට පස්සෙ ඔහොම ක්‍රමක් ක්‍රමයෙන් කාලෙත් යන නිසා සමහරක් උන් ඔතනින්ම වැඩේ නවත්තනවා.. සමහර් උන් බාබුලුත් සෙට් කොරගෙන වැඩේ උපරිමේට කරලා කොහෙන් හරි සෙට් උන අපතයෙක් එක්ක ඊලග පියවරට අත්පොත් තබනවා.. ඒක තමා අවසානෙ ලන්කාවෙ හැටියට. ඒ කුඩු.. කොකේන් වගේ දේවල්.. දෙයියන්ට ස්තුති වෙන්න තාම ලන්කාවෙ මම දන්න තරමින් ඔය ලැබ් වල හදන ටැබ්ලට් වගේ කේස් නැතුව ඇති..

    ඒ කොයි එක උනත් උබේ ත්‍රේඩ් එකෙන් නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා.. මම දැනන් හිටියෙම නැ මේක ලීගල් බිස්නස් එකක් හැටියට කාලයක් තිබුනා කියලා..
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan puluwannam oken athiwena hani poddak kiyahan mata hoya ganna bari una mata ahanna labune ganja gata enawa kiyala witharayi mokadda e kiyalawath hoya ganan bari una nama danne nathi nisa puluwannam e seen eke pic ekak add karahan.
    mal added