මම මේ දැන් මාලු පාන් එකක් කන ගමන් උදේට....
අලයි, ලූණුයි විතරයි... නො මාලු...
ඇත්තටම මාලු පාන් එකේ නැද්ද මාලු?
මටනම් මතකත් නෑ, මාලු දාල තියෙන මාලු පාන් එකක් මම කාල තියෙනවද කියලා...

saman hari malu hari dala gedara hadapan ban.api nam gedara hadanne.patta rahai![]()




නෑඅපිට උයන්න බෑනෙ කිඹුල් අයියගෙන් ඉගන ගන්නවා
දැන් මේකෙ ඉන්න කෙල්ලොත් හොරෙන් මේක බලල රිප්ලයි නොදා යනවා
![]()


ela ela yaluwa.එළකිරියන්ට අළුත් දෙයක් දෙන්න හිතුණා. මේක හිතුනේ ශානික් ගේ කෑම කඩය සහ පීට්සා හට් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරපුවට ලැබිච්ච ප්‍රතිචාර නිසා.......
මම ජීවිතේ සෑහෙන enjoy කරන දෙයක් උයන එක. අනික විශේෂයෙන්ම උයන්න දන්න පිරිමි කාන්තාවන් මත පරායත්ත නැහැ. කඩේ කෑම අස්ප ගනන් දීල කාලා බඩේ ලෙඩ හදා ගන්න වෙන්නේ නෑ. පිරිසුදුයි. MSG වගේ රසායන නැති නිසා ඇගටත් හොදයි.....!!!!
උඩ ඉදන් පටන් ගමු.......සුප් එකක් හදලා..........මේ සමග දාල තියන ෆොටෝ සියල්ල ම මම මේක හදද්දී ගත්ත ඒවා.........
චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)
අවශ්‍ය කරන දේ..
![]()
1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න)
2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න)
4 - Oyster හතු 50g
5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g
6 - සිහින්ව ලියා ගත් කැරට් 25g
7- තරමක කෑලි කැපූ කැරට් 25g
8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න)
9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g
අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න
![]()
10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න)
11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න)
14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න)
15 - ගම්මිරිස් තේ හැදි කාලක්
16 - රස අනුව ලුණු
17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ
18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත)
රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ
එළවළු තෙල් මේස හැදි 3ක්
ජලය ලීටර 1ක්
සුප් එක ගණකම් කිරීමට
13 - බඩ ඉරිගු පිටි මේස හැදි 2ක්
සාදන ක්‍රමය -
![]()
සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ)
![]()
ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි 2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න.
මෙවිට සුප් එක මෙලෙස දිස්වේ.
![]()
මෙලෙස පිළිගන්වන්න........
![]()
දැනට බම්ප් එකක් පමණක් දමන්න. හදලා රස, ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න...........
මේ සුප් ප්‍රමාණය 4-5 දෙනෙකුට සෑහේ...............!!!!!!
Cheese hadana hati dannakooo![]()
meeka mehema haduwata KFC wageema enne naamama hithanne eekata ara pressure fryer ekak thiyenna one...e nisa thamai KFC quality ekata crispy widiyata enne
nway mee widiyata haduwath kamak naa....rasata thiyanawa
thanks for sharing
meekata wenama thread ekak dannako...ethakota niyamai![]()
එළම තමා.....වෙනම ත්‍රෙඩ් එකක දාපන් මචං........ත්‍රෙඩ් ස්ටාටර් එක විදියට.......නැත්තං මේකෙ පහලටම එන්න එපායැ........රෙසිපිය හොයන්න......
මම පටන් ගත්තේ EK COOKARY CLASS (1) කියලනේ.......(2)..(3)...ආදී වශයෙන් පලයල්ලා...මගෙන් කිසිදු ගැටළුවක් නැහැ.......!!!! කවුරු කලත් හොද වැඩේ හොදම තමා...!!!!
තව පොඩි දෙයක්......
ක්‍රිස්පි ගතිය ගන්න කොන් ෆලවර් පුමාණය ටිකක් වැඩි කරන්න.......
චිකන් කැලි වල ටිකක් ගැඹුරු කැපුම් ඇති කරන්න.......
චිකන් සිසන් කරන මිශ්‍රණයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ සහ තක්කාලි සොස් වලට අමතරව "වුස්ටර්ෂයර් සෝස්" මේස හැදි දෙකක් එකතු කරන්න.......!!!![]()
KFC chicken තිබේ...............
Fresh Ginger Beer තිබේ....................!!!!!![]()

රත්වෙන දෙයකුත් පෙරා ගමුද? 

mixed egg & cheese fried rice, Hot Garlic & Ginger chicken, white vegetable chop-sue කියන 3ම එකම දවසේ දාන්න හිතාගෙන ඉන්නේ...........Lunch හරි Dinner හරි එකට ම හදන්න............ඇලර්ට් එකේ ඉන්න.........![]()



මේකත් සරලයි!!
අවශ්‍ය ද්‍රව්‍ය-
නැවුම් කිරි ලීටර් 1 යි
මුදවපු කිරි මිලි 500 යි
ලුණු කුඩු තේ හැදි 1/2ක්
ක්‍රමය-
කිරි සාස්පානකට දමා හැදිගාමින් රත් කරන්න.
මුදවපු කිරි ටික හැන්දකින් බීට් කරන්න.
කිරි උතුරන්න ලං වෙන කොට මුදවපු කිරිටික දමා හොදින් හැදි ගාන්න.
එවිට කිරි කැට ගැසේ. මදක් උතුරන්න හැර තුනී රෙදි කෑල්ලකින් පෙරා කැට ගැසුනු කිරි ටික එකතු කර ගන්න.
දැන් හොදින් මිරිකා බොලයක් සේ සකසා වතුර බේරෙන්න පැය 4-5ක් එල්ලා තබන්න.
ඉන්පසු භාජනයකට දමා ලුණු එක් කර ඇලෙන ගතිය එන තෙක් අනන්න.
ටිකක් කාලා බලා ලුණු මදිනම් තව එක්කරන්න.
දැන් තමන් කැමති හැඩයකට සකසා ශීත කරනයේ තබන්න.
දින 2-3කින් කාලා ඉවර කරන්නග නැත්නම් පුස් කනවා!!
මම ලග Deep-frier එකක් තියෙනවා Temp එක සකසන්න පුලුවන් නිසා ගානට fry වෙනවා!!



![]()
මෙන්න KFC වගේ චිකන් හදන විදිය.
අවශ්‍ය දුව්‍යය-
සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක්
බිත්තර 1ක්
පාන්පිටි ග්‍රෑම් 250ක්
කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
ලුණු තේ හැදි 1ක්
අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්
බැදීමට තෙල් ලීටර් 1ක් පමණ
සාදන ක්‍රමය-
අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!
දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න


