කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    by dath kimbula

    අවශ්‍ය දේ.

    cf1f.jpg


    1. කඩල පිටි මේස හැදි 5ක්
    2. බැදීමට කොලෙස්ටරෝල් රහිත තෙල්
    3. ඔයිස්ටර් සෝස් මේස හැදි 1ක්
    4. මාළු සෝස මේස හැදි 1ක්
    5. වූස්ටර්ෂයර් සෝස් මේස හැදි 1ක්
    6. බඩ ඉරිගු පිටි මේස හැදි 4ක්
    7. ඇට ඉවත් කර කැබළි කැපූ මාළු මිරිස් කරල් 2ක්
    8. අගල් 2ක් පමණ දිගට කැපූ ළූණු කොල ග්රෑiම් 50ක්
    9. දිගට කැපූ කැරට් අලයක්
    10. පෙති කැපූ ලොකු ළූණු ගෙඩියක්
    11. හතරට පැලූ ළූණු කොල වල ළූණු බල්බ
    12. මාගරීන් හෝ බටර් ග්‍රෑම් 50ක්
    13. පෙති කැපූ සුදු ළූණු
    14. පෙති කැපූ ඉගුරු
    15. බිත්තරයක්
    16. මිරිස් කුඩු ස්වල්පයක්
    17. කහ කුඩු ස්වල්පයක්
    18. ලුණු තේ හැන්දක්
    19. ලියා ගත් ඉගුරු, කුරුදු, එනසාල් 2ක්, කරාබු නැටි 2ක් සහ උළුහාල් ස්වල්පයක්
    20. සුදු ලූණු බික් දෙකක්
    21. රම්පෙ
    22. කරපිංචා
    23. අබ කුඩු ස්වල්පයක්


    මෙන්න හොට් කරගන්න ඕන දේවල්........හැබැයි ෆොටෝ එකේ නෑ........
    24. චිලී පේස්ට් මේස හැදි 2ක්
    25. මිරිස් සොස් හෝ තක්කාලි සෝස් මේස හැදි 6ක්


    හෝව්.......ඕනම දේ නෑනේ...............දැල්ලෝ......??????:shocked:

    දැල්ලෝ ජාති දෙකක් තියනවා.
    එකක් රතු දැල්ලන් (Red cuttlefish)

    cf2h.jpg


    අනික පොතු දැල්ලන් (Squids)

    cf3r.jpg


    මේ වර්ග දෙක ම මේයට භාවිතා කළ හැකි වුවත් වඩාත් රසවත් වන්නේ රතු දැල්ලන්.


    දැල්ලන් සකස් කිරීම.

    හුග දෙනෙක් මේ දැල්ලො බිස්නස් එකට කැමති නැත්තේ උන් සුද්ද කරගන්න දන්නේ නැති නිසා. මාළු කඩ වල උන් කරන්නේ දැල්ලා ගේ ඔළුව ගලවලා විසි කරලා හම ගහල දෙන එක.:angry::angry: අන්තිමට ග්‍රෑම් 500ක් කින් ග්‍රෑම් 200ක් අපතේ.....:angry::angry:හැබැයි අපි ඒකට ගෙවන්න ඕන.:angry::angry: ඒ නිසා මෙන්න දැල්ලන් සුද්ධ කරන විදිය.

    cf4e.jpg
    cf5z.jpg


    A. දැල්ලෙක් ගේ ශරීරය කොටස් දෙකකට බෙදෙනවා. හිස සහිත ජල පිහිර සහ අන්තරංග සහිත කද කොටස ලෙස. මේ කද කොටසේ මාංශමය වරල පිහිටනවා.

    B. හිස කොටසින් අල්ලා පරිස්සමෙන් එළියට අදින්න. එවිට හිස සමග තීන්ත සහිත කදුක සහ අන්ත්‍රයට සම්බන්ධ වූ ගොජුර එළියට එනවා.

    C. තීන්ත මඩිය හසු නොවන සේ ඇගිලි දෙකින් අල්ලා පහලට තෙරපමින් අදින්න. මෙවිට කදුක සහ අන්ත්‍රය වෙන් වී යයි. කදුක පොඩි කරගන්න එපා! එවිට හත් පොලේ කළු පාට තීන්ත ගා ගෙන, ගද ගස්සගෙන වැඩේ ඇනට් වෙනවා!

    D. දැල්ලා ගේ ශරිරය උඩ කොටසේ තද යමක් දැනේවි. මේය “දැලි පොත්ත” ලෙස හදුන්වන අභ්‍යන්තර කවචය. මෙහි කෙළවර නිය තුඩින් අල්ලා අදින්න.

    E. එවිට දැලි පොත්ත මෙලෙස පහසුවෙන් වෙන් වී එයි.

    F. දැල්ලා ගේ සම ඉවත් කිරීමට ඇගිළි තුඩින් අල්ලා සම තදින් අදින්න. සියුම් සම ගැල වී එන අතර,

    G. පහලට දිගට ම ඇදී මෙන් සම්පූර්න ලෙස සම ඉවත් කර ගත හැකිය.

    H. ආහාරය සදහා ගනු ලබන ශුද්ධ කල දැල්ලා සහ හිස වම් පසින් ද ඉවත් කල සම, කදුක, අන්ත්ර්ය සහ දැලි පොත්ත දකුනු පසින් ද දක්වා ඇත.

    මෙසේ සකස් කර ගත් දැල්ලන් පිරිසිදු ජලයෙන් අවම ලෙස තෙවරක් හොදින සෝදා ගන්න. ශරීරය තුළට ජලය දමා සොලවා හොදින් සෝදා ගන්න. ආහාරය සදහා දැල්ලන් සහ එම හිස් ගනු ලැබේ.


    දැල්ලන් කුළුබඩු යොදා පදම් කර ගැනීම පිස ගැනීම

    cf6o.jpg
    cf7j.jpg


    I. මාංශ වරල වෙන් කර ගන්න.

    J. ශරීරය දෙකට පලා ගන්න.

    K. දැන් හරස් අතට අගල් බාගයක පමණ පළලට කොටස් කපා ගන්න.

    L. මේ හැම කොටසකට ම රූපයේ පරිදි වෙන් නොවන සේ කැපුම් යොදා ගන්න. මෙම ආකාරයට කැපුම් යොදා ගැනීම මෙම ආහාරයට ලාක්ෂණික බව තමා අපේ ගුරුවරුන් ඉගැන්වූයේ.

    M. ලියා ගත් ඉගුරු, කුරුදු, එනසාල් 2ක්, කරාබු නැටි 2ක් සහ උළුහාල් ස්වල්පයක්,සුදු ලූණු බික් දෙකක්,රම්පෙ,කරපිංචා යන මේවා මන්චරයක ආධාරයෙන් අඹරා ගන්න.

    N. මෙසේ අඹරා ගත් දේවල් සහ මිරිස් කුඩු,කහ කුඩු,ලුණු, අබ කුඩු, රූපයේ දක්වා ඇති සෝස් වර්ග සහ බිත්තරය සමග කපා ගත් දැල්ලන් සහ හිස් හොදින් මිශ්‍ර කර ගන්න. මිශ්‍ර කරගත් මේ දැල්ලන් පදම් වීම පිණිස ශිතකරණයක පහල කොටසේ පැය 4ක් පමණ තබන්න.

    O. දැන් මේ පදම් කළ දැල්ලන් ට කඩල පිටි සහ කෝන් පිටි එක්කර හොදින් මිශ්‍ර කර ගන්න.

    P. මෙසේ බැටරයේ දවටා ගත් දැල්ලන් ගැඹුරු තෙලේ මද රන්වන් පාට වන තෙක් බැද ගන්න.
    (අවවාදයයි! දැල්ලන් ගැඹුරු තෙලේ බැදීමේ දී පුපුරන බැවින් ලිපළගට ම වි බැදීමෙන් වළකින්න!!)

    cf8s.jpg


    Q. බදුනකට මාගරීන් හෝ බටර් දමා රත් කරන්න.

    R. මෙයට සුදු ළූණු පෙති සහ ඉගුරු පෙති දමා බැදෙන්නට හරින්න.(HOT කිරීමට දැන් මේකට චිලී පේස්ට් එක් කළ යුතුයි!)

    S. මෙයට බැදගත් දැල්ලන් කැබලි සහ කැරට් දමා බටර් සහ චිලි පේස්ට්, බැදුණු බැටරයට උරා ගන්නා තෙක් මදක් වේලා බැදෙන්නට හරින්න.

    T. මෙයට දැන් මාළු මිරිස්, ළූණු කොළ සහ පලා ගත් ළූණු බල්බ සහ ළූණු පෙති එක්කර ගන්න.
    විනාඩියක් පමන බැදීමට ඉඩ දී HOT කර ගැනීමට අවශ්‍ය අනෙක් කළමනා ව වන චිලී සෝස්/තක්කලි සෝස් එක්කර ගන්න. මිශ්‍ර කර වහා ලිපෙන් බා ගන්න.

    මෙන්න සදා ගත් (HOT) BUTTERED CUTTLEFISH එක.............!!!!

    cf9.jpg