කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
නිෂ්පාදන වල නම් දැම්මොත් ඒක එළකිරියෙ නීති රීති උල්ලංඝණය වීමක් වෙයි කියල හිතලයි ඒක කලේ......මෙන්න නිෂ්පාදයන්.......
සෝස් වර්ග-ලකාවේ ලොකුම එක්කෙනා "එඩින්බරෝ" එයා ගේ සෝස් හුගක් තියනවා-ඔයිසිටර්, වූස්ටර්ෂයර් සෝස් එහෙම.
ටෙරායාකි නම් " ඩැඩ්ස් ගාර්ඩන්" තමා
තක්කාලි සෝස් ඉකොනොමි පැක් එකක් කරනවා "හාවස්ට්"- කිලෝ එකක් 125/=
මොසරුල්ලා චීස් බ්‍රෑන්ඩ් 2ක් තියනවා...."අමුල්" සහ "කොත්මලේ"-ඕකෙ තියෙන්නේ කොත්මලේ......අමුල් පට්ට ගනන්
තෛයිම්, ඔරිගානෝ, බැසිල් කොළ පැකට් ලංකාවේ බෙදා හරින්නේ නවීන් කියල සමාගමක්.....පොඩි පැකට් තියෙන්නේ.......

ඔය තියෙන්නෙ නිකන් වෙඩි වගේ..:P:P:P

ගනන් ගන්න එපා ලොක්කා... මේකෙ සමහර ත්‍රෙඩ් වල තියන දේවල් වල හැටියට ඕව මොනවද...

Thanx again කිව්වා
...
11.gif
 

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
හුග දෙනෙක් ගේ දැඩි ඉල්ලීම මත මෙන්න ගෙදර දී ම පීට්සා හදන ක්‍රමවේදය......

මෙහි දී පීට්සා 2ක් හදන අතර එකක් පවුසි, කුමාර456 සහ මාතර කිඹුළා වැනි අපේ නිර්මාංශ සොයුරන්ට වන අතර අනෙක අනිත් සියළු දෙනා සදහායි..........

PIZZA........spicy cheesy vegetable & fried chicken with xtra cheese

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

bread1.jpg


1. පිටි 1kg
2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
3. මාගරීන් 150g
4. සීනි 100g
5. ලුණු 12g
6. බිත්තර සුදු මදයක්

පීට්සා සදහා අවශ්‍යතම දේවල්....

essentialing2.jpg


7. ඔරිගානෝ වියලි කොල
8. බැසිල් වියලි කොල
9. තෛයිම් වියලි කොල
10. තක්කාළි සෝස්
11. මොසරැල්ලා චීස් (සිහින් ව ගා ගෙන පීට්සා සදහා යොදා ගත යුතුය)

spicy cheesy vegetable pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය

veging1.jpg

veging2.jpg


12. ලොකු ළූණු ගෙඩියක් (තරමක කැබලි වලට කපා ගන්න)
13. මල් ගෝවා 50g (තරමක කැබලි වලට කපා ගන්න)
14. කහ බෙල් පෙපර් 50g (තරමක කැබලි වලට කපා ගන්න)
15. තක්කාලි ගෙඩි 1ක් -මෙය බීෆ් ටොමැටෝ (Beef tomato) වර්ගයේ නම් වඩා හොදයි (තරමක කැබලි වලට කපා ගන්න)
16-17-18. ගෝව, ලීක්ස්, මාළු මිරිස් 25g බැගින් (තරමක කැබලි වලට කපා ගන්න)
19. තම්බා ගත් ග්‍රීන් පීස් 25g
20. කැමති හැඩයකට කපා ගත් කැරට් 25g
21-22-23-24-25. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව
26. හතු 50g (තරමක කැබලි වලට කපා ගන්න)
27. ටෙරියාකි සෝස් මේස හැදි 2ක්
28. සැල්දිරි තරමක් කොටසක් (සිහින් ව ලියා ගන්න)
29. ඉගුරු 18 (සිහින් ව ලියා ගන්න)
30. සුදු ළූණු බික් 4ක් (සිහින් ව ලියා ගන්න)
31. සේර 3cm පමණ (සිහින් ව ලියා ගන්න)
32. මිංචි කොල ස්වල්පයක් (සිහින් ව ලියා ගන්න)
33. පාස්ලි කොල ස්වල්පයක්(සිහින් ව ලියා ගන්න)

fried chicken with xtra cheese pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය

meating.jpg


34-35-36-37. සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස් මේස හැදි 2 බැගින්
38. කැබලි වලට කැපූ කටු රහිත කුකුළු මස් 100g
39. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව
40. ටොපින් එක මතු පිපටට ඉසීමට සිහින් ව ලියූ කැරට්,ලීක්ස්, මිචං සහ පාස්ලි සිවල්පය බැගින්
41. කුඩාවට කැපු චිකන් මීට් බෝල්ස් 50g
42. සිහින් ව ලියා ගත් සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු ස්වල්පය බැගින්.

වැඩේ පටාන් ගනිමු............!!!!

පීට්සා බ්‍රෙඩ් එක සෑදීම (මේ සදහා දැන් භාවිතා කර ඇත්තේ පිටි 300g කි. එය පීට්සා 2කට පුමාණවත් වේ.)

makebread1.jpg


පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

මෙයට ම සිහින් ව කුඩු කරගත් ඔරිගානෝ සහ බැසිල් කොල සිවල්පයක් එකතු කරන්න. (ඉහත රූපයේ D)

makebread2.jpg

ඇනූ මෝලිය මෙසේ දිස්වන අතර (ඉහත රූපයේ E), මෙය වි. 30ක් පමණ පිපෙන්නට හරින්න(ඉහත රූපයේ F). දැන් මෙම මෝලිය කොටස් 2කට වෙන් කරගන්න. (ඉහත රූපයේ G) මෙම කොටස් රෝලින් පින් එකක් මගින් 1cm ගණකමට තුනි කර ගන්න.(ඉහත රූපයේ H)

spicy cheesy vegetable pizza එකේ ටොපින් එක සාදා ගැනීම.

vegcurry1.jpg

සැල්දිරි,ඉගුරු,සුදු ළූණු,සේර, මිංචි,පාස්ලි සහ කුරුදු මද ගින්නේ මාගරින් ස්වල්පයක් යොදා බැද ගන්න (ඉහත රූපයේ I). බැදෙන විට මෙයට හතු, ගෝව, ගෝව මල්, සහ බෙල් පෙපර් එකතු කර මද ගින්නේ බදුන වසා පිස ගන්න (ඉහත රූපයේ J). මෙයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. මදක් තැම්බුණ පසුව මෙයට ම මාළු මිරිස්, ග්‍රීන් පීස් සහ කැරට් යොදන්න (ඉහත රූපයේ K). මදක් වසා තැම්බීමට ඉඩ හැර අවසානයට ලීක්ස් සහ ටෙරියාකි සෝස් එකතු කර ලිපෙන් බා ගන්න (ඉහත රූපයේ L).

fried chicken with xtra cheese pizza එකේ ටොපින් එක සාදා ගැනීම

meatcurry.jpg

සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස්, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු ,කුරුදු, ලුණු,සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු යන මේවා කුකුළු මස් සහ කැපූ මීට් බෝල්ස් සමග කලවම් කර පැයක් පමණ තබන්න. පසුව මේවා සියල්ල මාගරීන් ටිකකින් හොදින් රන්වන් පාට වන තුරු බැද ගන්න.(ඉහත රූපයේ M).

spicy cheesy vegetable pizza එක නිරිමාණය කිරීම.

pizzaloadveg1.jpg

pizzaloadveg2.jpg

තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න(ඉහත රූපයේ N). මෙයට උඩින් තක්කාලි සෝස් ස්වල්පයක් විසුරුවන්න(ඉහත රූපයේ O). ඊට උඩින් ‍ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ P). මෙයට උඩින් සාදා ගත් එළවළු ටොපින් එක(ඉහත රූපයේ Q), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ R), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ S). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න (ඉහත රූපයේ T). එවිට පීට්සා එක මෙසේ ලැබේවි......(ඉහත රූපයේ U)

fried chicken with xtra cheese pizza එක නිරිමාණය කිරීම.

pizzaloadmeat.jpg


තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න. ඊට උඩින් ‍ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ V). මෙයට උඩින් බැද ගත් චිකන් (ඉහත රූපයේ W), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ X), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ Y). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න.

දැන් මෙන්න මේ විදියට පීට්සා ලෑස්තියි.....!!!!!!!!

pizza1.jpg

Spicy cheesy vegetable pizza

pizza2x.jpg

Fried chicken with xtra cheese pizza
දැන් ඉතින් කරන්න ඒන ඉතිරි හරිය මං කියන්න ඕන නෑනේ.......!!!!!!!!!!!
pizzalast1.jpg
pizzalast2.jpg




දැනට අනිත් අයට කියවන්න බම්ප් එකක් දාලා යන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න, මගේ සතුට පිණිස.......!!!!!!!:):)
good work machan
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: එළ ඩොකා අයියෙ! වෙලාවක ට්‍රයි කරල බලන්නම්. :( වැඩේ මෙහෙ තියෙන්නෙ මයික්‍රොවේව් එකක් විතරයි. :) අනිවා හදන්න පුළුවන් වුනාම හදල බලන්නම්. :yes: සිංහලෙන්ම තේරුම් කරල නිසා වැඩේ තවත් ලේසියි. :yes: රෙප් + ඩොකා අයියා!
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔන්න මම දන් වැඩේ අහවර කරල අවන් එකට දැම්ම.බලමු පවුසිගේ පීට්සා ව්‍යාපාරය සාර්ථකද කියල:D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔන්න මම දන් වැඩේ අහවර කරල අවන් එකට දැම්ම.බලමු පවුසිගේ පීට්සා ව්‍යාපාරය සාර්ථකද කියල:D

    එළ එළ...අපිට බලන්න ෆොටෝස් දාපන්...
    3.gif

    මළ පෙරේතයා වගේ එළියට ගත්ත ගමන් කාගෙන කාගෙන යන්න එපා...මුලින් ෆොටෝස් ගහපන්....
    :rofl:

    .
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හිතාගෙන තමයි මචං ඉන්නේ.......හැබැයි තව කාලෙකින්....මට 50ක් විතර උනාට පස්සේ....!!!!!!
    (ඉවසපං...තව අවුරුදු 14යි යන්න ඕන....)
    :rolleyes::rolleyes::rofl::P

    හපොයි අපි මචන් කිය කිය හිටියට අයියා අන්කල් කෙනෙක්නේ...:P

    .