ඊසි-ස්නැක්ස්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අවුරුද්දට ගෙදරට එන පොඩ්ඩොන්ට හදල දෙන්න ඊසි ස්නැක්ස්


    Kids-snacks-thumb.jpg


    අවුරුදු දවස් දෙක නැකැත්, සම්ප්‍රදායන් එක්ක ගත කරල ඉවර උනා කියමුකෝ. ඔන්න ඉතින් ඒකත් ඉවරයි කියල හිතුවද? අපෝ නෑ… දැන් තමයි හැබෑ යුද්ධෙ පටන් ගන්නෙ. ඇයි නෑ ගමන් අමතකද උනාද? අපරාදෙ කියන්න බෑ අර වික්ටර් මහත්තය සින්දුවට කියනවා වගේ “තුන් සිංහලයම නෑදෑයෝ” කියල ලංකාවේ අපිට මේ නෑදෑ සබඳකම් වලින්නම් අඩුවක් නෑනෙ. ජීවිතේට නොදැක්ක නෑදෑයො පවා කාලෙන් කාලෙට එලියට එනව. ඉතින් අවුරුදු කන්නයි කියල එහෙන් මෙහෙටයි, මෙහෙන් එහෙටයි කදමළු බැඳගෙන යන්න එපැයි දැන්. යන එකටත් වඩා යුද්ධෙ තමයි නෑදෑයො ගෙදරට එන එක. එන කාටත් බත්කටක් කන්න නොදී යවන සිරිතක් අපේ ආගන්තුක සත්කාරවල නැහැනේ ඉතින්.

    හැබැයි මේ කියන්න යන්නෙ සුපුරුදු අවුරුදු කෑම මේසෙ ගැනනම් නෙමෙයි. ඔය අවුරුදු කෑම අස්සෙ අපි කාටත් අමතක උන පොඩි මෑන්ස්ල සෙට් එක ගැන. බහුතරයක් පොඩ්ඩො බත් කන්න හොරයිනෙ. ඉතින් නෑදෑ ගෙවල් වල කෑමට ගියාම ගෙදර දාන සෙල්ලම් දාන්න බැරි නිසා පොඩ්ඩො හුඟක් බඩගින්නෙ තමයි. එක්කො අම්මලාගෙන් ගුටි කකා නාහෙන් අඩ අඩ බත් ගිලිනවා. ඉතින් ඔය පොඩි හමුදාව අමතක නොකර එයාලටත් හදල දෙමුද පොරකකා කන්න පොඩි ස්නැක්ස් ටිකක්. “ඔයා තමයි හොඳම නැන්දි” කියයි 😊



    1. ඩෙවිල්ඩ් එග්ස්

    Kids-snacks-1.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:
    බිත්තර
    මයෝනීස් සෝස් තේ හැඳි 3
    අබ ක්‍රීම් තේ හැඳි 2
    ලුණු කුඩු
    ගම්මිරිස් කුඩු
    තරමක ලොකු අයිසින් නොසල් එකක්
    පයිපින් බෑග් එකක්


    සාදාගන්නා ආකාරය:
    මුලින්ම බිත්තර හොඳින් තම්බගෙන කටු ඉවත් කරල දෙකට කපා ගන්න. බිත්තරය පළුදු නොවෙන්න පරිස්සමට කපාගන්න ඕනෙ.
    කහ මද ටික අයින් කරලා වෙනම භාජනයකට දමාගෙන ඒකට ලුණු, ගම්මිරිස්, අබ ක්‍රීම් සහ මයෝනීස් එකතු කරල හොඳින් මිශ්‍ර කරගන්න.
    මේ හදාගත්ත මිශ්‍රණය නොසල් එක දාපු පයිපින් බෑග් එකකට දාගෙන අර බිත්තර සුදු මද පලු වලට උඩින් ලස්සනට පයිප් කරගන්න.



    2. කෙබාබ්ස්

    Kids-snacks-2.jpg


    පලතුරු කෙබාබ්ස් හෝ චීස් සහ සොසේජ් කෙබාබ්ස් විදිහට තමන්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    කෙබාබ් ස්ටික්ස් (සුපර්මාර්කට් වල ගන්න තියෙනවා)
    කොටු හැඩයට කපාගත්ත පලතුරු (ඇපල්, මිදි, ස්ට්‍රෝබෙරි, අඹ, ගස්ලබු, අන්නාසි)
    හෝ
    බැදගත් සොසේජස්
    කොටු හැඩයට කපාගත් ප්‍රොසෙස්ඩ් චීස්
    කොටුවට කපාගත් තක්කාලි



    සාදාගන්නා ආකාරය:
    පළතුරු කෙබාබ්ස් වලටනම් අර කපාගත්තු පළතුරු කෙබාබ් ස්ටික් එකක පේලියට අමුණලා ලස්සනට මේසෙට යවන්න.
    සොසේජ් කෙබාබ් වලටනම් බැදගත්ත සොසේජ් කෑලි වලට කපල චීසුයි තක්කාලියි එක්ක මාරුවෙන් මාරුවට කෙබාබ් ස්ටික්ස් වල අමුණගන්න. කැමතිනම් උඩින් තක්කාලි සෝස් ටිකක් දාගන්නත් පුළුවන්.




    3. බ්‍රෙඩ් පීසා

    Kids-snacks-3.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:
    පෙති පාන් අවශ්‍ය පමණ
    තක්කාලි සෝස්
    පොඩිවට කපා බැදගත් සොසේජස්
    පොඩිවට කපාගත් තක්කාලි, බෙල් පේපර්, ඔලිව්
    ග්‍රේට් කරගත් චීස්


    සාදාගන්නා ආකාරය:
    මේකත් හරිම සිම්පල් ක්වික් රෙසිපි එකක්.

    මුලින්ම කෝප්පයක් හෝ රවුම් අච්චුවක් පාවිච්චි කරලා පාන් පෙති වලින් පොඩි රවුම් කපාගන්න.
    කපාගත්ත රවුම් උඩින් තක්කාලි සෝස් තවරාගෙන බැදගත්ත සොසේජස් සහ අනිත් ද්‍රව්‍ය අවශ්‍ය විදිහට පාන් පෙත්ත උඩට දාගන්න.
    උඩින් ග්‍රේට් කරගත්ත චීස් ටිකක් දාල සෙල්සියස් අංශක 200ට රත් කරගත්ත අවන් එකක චීස් ටික දියවෙනකන් විනාඩි 5ක් පමණ බේක් කරගන්න.


    4. චීසි පොටෑටෝ බෝල්ස්


    Kids-snacks-4.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:
    තම්බා පොඩිකරගත් අල
    බිත්තර 2
    සිහින්ව ලියාගත් ළූණු කොළ
    ලුණු කුඩු
    ගම්මිරිස් කුඩු
    කොටු කපාගත් චීස්
    බිස්කට් කුඩු
    බැදගැනීමට තෙල්

    සාදාගන්නා ආකාරය:
    පොඩිකරගත් අල මිශ්‍රණයට බිත්තර එකක්, ළූණු කොළ, ලුණු, ගම්මිරිස් දාල හොඳින් අනාගන්න.
    මිශ්‍රණයෙන් පොඩි බෝල වෙන්කරගෙන මැදට චීස් කැබලි තියල කට්ලට් හැඩයට බෝල හදාගන්න.
    ඉතුරු බිත්තරය ගසාගෙන බිත්තර සාරු සහ බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.



    5. ඔක්ටොපස් සොසේජස්

    Kids-snacks-5.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:
    සොසේජස්
    බැදගැනීමට තෙල්

    සාදාගන්නා ආකාරය:
    මේකට භාවිතා කරන්න පුළුවන් සොසේජස් එකේ දෙපැත්තේ කොටස් දෙක විතරයි.
    දෙපැත්තෙන් අඟල් 2 විතර දිගට කෑලි දෙකක් කපාගන්න.
    කපපු පැත්තෙන් බාගයක් දුරට යනකන් ඇතුළට සොසේජස් එක කොටස් 8කට විතර පලාගන්න. වෙන්වෙන්න කපන්නේ නැහැ.
    දැන් ගැඹුරු තෙලේ පරිස්සමට බැදගන්න.
    චීස් රවුම්, ගම්මිරිස් ඇට හෝ කුස්සියේ තියෙන කැමති දෙයක් පාවිච්චි කරල ලස්සනට ඇස් දෙකකුත් තියාගන්න.



    6. ස්ප්‍රින්ග් රෝල්ස්

    Kids-snacks-6.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය: ස්ප්‍රින්ග් රෝල් ෂීට්ස් තම්බා කොටු කපාගත් අල, කැරට් තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රේට් කරගත් චීස් දියකරගත් කිරි කෝප්ප කාලක් බටර් පාන්පිටි තේ හැඳි දෙකක් ගම්මිරිස් කුඩු ලුණු කුඩු බැදගැනීමට තෙල්

    සාදාගන්නා ආකාරය: රත්කරගත්තු සාස්පානකට බටර් ටික දාල දියවේගෙන එනකොට පාන්පිටි එකතු කරන්න. කැට නොහිටින්න ඉක්මනින් කලවම් කරන අතරේ කිරි ටිකත් එකතු කරලා කලවම් කරගන්න. ඒක ක්‍රීමි ගතියට ආවම චීස් ටිකත්, ඉන් පස්සේ එළවලු සහ ග්‍රීන් පීස් ටිකත් දාගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් ටිකකුත් දාන්න. දැන් මේ හදාගත්ත මිශ්‍රණය ස්ප්‍රින්ග් රෝල් ෂීට් මැදට තියාගෙන ලස්සන හැඩයට රෝල් කරලා ගැඹුරු තෙලේ බැදගන්න.


    7. පොටෑටෝ ස්මයිලීස්

    Kids-snacks-7.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:
    තම්බා පොඩිකරගත් අල ගෙඩි දෙකක්
    ග්‍රේට් කරගත් චීස් මේස හැන්දක්
    බිස්කට් කුඩු මේස හැන්දක්
    කෝන් පිටි තේ හැන්දක්
    ගම්මිරිස් කුඩු
    ලුණු කුඩු
    බැදගැනීමට තෙල්

    සාදාගන්නා ආකාරය:
    ඉහත සියළුම ද්‍රව්‍ය භාජනයකට දාල හොඳින් කලවම් කරගන්න.
    හොඳින් වසාගෙන පැය බාගයක් පමණ ශීතකරණයක තියන්න.
    ඉන් පස්සෙ පිටි ඉහගත්ත ලෑල්ලක මිශ්‍රණය තුනී කරගෙන පොඩි අච්චුවකින් රවුම් කපාගන්න.
    බීම බටේකින් ඇසුත්, හැන්දකින් කටත් ඇඳගෙන ස්මයිලි ෆේස් එකක හැඩය හදාගන්න.
    ගැඹුරු තෙලේ බැදගන්න.



    logo.png
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    ඊසි-ස්නැක්ස් 04-15-2019 01:21 PM Pakaya............rep-----...............wesa balla.........amma mariyan thoge....

    රෙප් කැපුවට කමක් නෑ, දෙමව්පියන්ට අනංමනං කියන්න එපා. අම්මා කෙනෙක් නැති උබට අම්මා ගැන ගානක් නැතුව ඇති.
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    reputation_neg.gif
    ඊසි-ස්නැක්ස් 04-15-2019 01:21 PM Pakaya............rep-----...............wesa balla.........amma mariyan thoge....

    රෙප් කැපුවට කමක් නෑ, දෙමව්පියන්ට අනංමනං කියන්න එපා. අම්මා කෙනෙක් නැති උබට අම්මා ගැන ගානක් නැතුව ඇති.
    Oh god this is too harsj :growl::(