කට්ටඩි මගෝඩි

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    images%2B%25281%2529.jpg


    මෙකියන්න යන්නෙ කට්ටඩියන් තොවිල් වලදි අහිංසක මිනිසුන් රවටන කූට උපක්‍රම ගැන. සමහර අයනම් දන්නවත් ඇති.


    -පුහු⁣ලෙන් ලේ ගැනීම-
    තොවිලෙ කරන්නෙ රෑටනම් ගුරුන්නාන්සෙ පුහුල කපන පිහිය හවසට ඉල්ලගන්නව. පිහිය අරගෙන කාටවත් නොපෙනෙන්න වදමල් පොඩිකරල පිහියෙ උලනව. ඉතින් රෑට තොවිලෙ කරල පුහුල ගුරාගෙ බඩ උඩ තියල (කුණුහර්පයක්ද මන්ද :D) තීන්දුව කපනව කියල පුහුල කපනව. රතුපාට වදමල් කහට පුහුලෙ වතුර සාවරෙත් එක්ක ලේ වගේ වැක්කෙරෙනව. අනේ ඉතිම් බලන් ඉන්න උන්ගෙ ඇස් උඩ.


    -ඇගිලි දෙකෙන් දෙහි කැපීම-
    දෙහිගෙඩිය අරගෙන කටුවකින් දෙහිගෙඩිය වටේටම ඇතුලට වෙනකම් ලගින් ලගින් සිදුරු කරනව. පස්සෙ දෙහිගෙඩිය ⁣අතින් හොදට පොඩිකරනව. එතකොට අර සිදුරු සේරම නොපෙනී යනව. ඉතින් තොවිලෙ වෙලාවෙදි උඩ පැනල හූ කියල ඇගිලිදෙක ගිරයක්වගේ හදල දෙහි ගෙඩිය තදකරනව. අර සිදුරු නිසා ලස්සනට දෙහිගෙඩියෙ පලුවෙන්වෙනව. ඔයාලත් අත්හදා බලන්න.

    -මලපෙරේතය බීපු ඇතුල හිස් බිත්තර-
    තොවිලෙට යන්න කලින් කට්ටඩිය බිත්තරයක් අරන් සිරින්ජයකින් ඒක සිදුරු කරල සාරය අයින් කරල විට කන හුනු වලින් සුක්ශමව සිදුර වහනව. තොවිලෙ කරත්දි මලපෙරේත තටුවෙ තියෙන බිත්තර එක්ක අර හිස් බිත්තරය මාරුකරනව. මේක ගොඩක් වෙලාවට ගුරාගෙ ගෝලය තමයි කරන්නෙ. ඉතින් ගුරුන්නාන්සෙ ආරුඩෙන් උඩපැන පැන ගිහින් වැඩාර් වගේ මලපෙරේතයබීපු හිස් බිත්තරේ පෙන්නනව.


    -පිටිඅත්ලෙන් මතුවන මිනී ඔළුව-
    හැමෝටම හොරෙන් අරලිය ගසක කිරි අරගෙන අතේ උඩපැත්තෙ අදිනව මිනී ඔළුවක්. ටිකවෙලාවක් යත්දි අරලියකිරි වේලිලා මිනීඔළුව නොපෙනී යනව. පස්සෙ මිනිස්සු ඉන්නතැනට ගිහින් කඩදාසි කොලේක බොරුවට මන්තරයක් ලියල ඒක පුච්චල අළුවලින් අර මිනීඔළුව ඇන්ද තැන පිහිදනව. ලස්සනට අළුවලින් මිනීඔළුවක් මතුවෙනව. මිනිස්සු හිතන්නෙ කඩදාසියෙ ලියුව මන්තරෙන් ඕක උනා කියල.


    -ල් ගලන්න දෙහි කැපීම-
    කුකුලගෙ ලේ අරන් සිරිංජයකින් දෙහිගෙඩියෙ ඇතුලට විදිනව. දෙහි කපත්දි එලියට එන්නෙ ඒ කුකුල් ලේ.
    තවගොඩක් තියෙනව කියන්න අමාරුයි සමහරදේවල් කියල අපි මොකටද කාගෙවත් රැකියාවක් විනාස කරන්නෙ.
    කනප්පුව ඇවිද්දවන එකත් සරල භෟතික විද්‍යා කරුණක්. කුල්ල පාකිරීමත් එහෙමයි. ඉතිම් මේගැන මීටවඩා විස්තර අහන්න එපා! ඕනනම් තොවිලයක් කරන්නම් මැජික් වලින්. මේවගෙ ඇත්තක් නැත්තෙමත් නෑ, ඒත් ගොඩක් ⁣තියෙන්නෙ බොරු.

    ඉස්සුවේ මෙතනින්

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    හැබැයි මචන් මම දන්න ප්ලේස් එකක් තියෙනවා.අඩෝ උඹලා විස්වාස කරයිදනම් දන්නේ නෑ..පපුව උඩ අලි මිරිස් ගලක් තියලා අඹරනවා බන්..දෙහි ගෙඩියත් ඇඟිලි වලින් කපනවා..මම දන්නෙ නෑ මේව ඇත්තද කියලනම්.. :rolleyes:

    ෆෝන් එකක් එහෙම ගෙනිහින් වීඩියෝ කරොත් ෆෝන් එක අරන් කනවා බන්.. :sorry::sorry: :lol:

    අනේ මන්දා බන් මේවා :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හැබැයි මචන් මම දන්න ප්ලේස් එකක් තියෙනවා.අඩෝ උඹලා විස්වාස කරයිදනම් දන්නේ නෑ..පපුව උඩ අලි මිරිස් ගලක් තියලා අඹරනවා බන්..දෙහි ගෙඩියත් ඇඟිලි වලින් කපනවා..මම දන්නෙ නෑ මේව ඇත්තද කියලනම්.. :rolleyes:

    ෆෝන් එකක් එහෙම ගෙනිහින් වීඩියෝ කරොත් ෆෝන් එක අරන් කනවා බන්.. :sorry::sorry: :lol:

    අනේ මන්දා බන් මේවා :lol:



    :eek::eek::eek::eek:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔබට ස්තුතියි, මේවා යෙ සත්‍යය පහදා දීම වටිනවා. :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැබැයි මචන් මම දන්න ප්ලේස් එකක් තියෙනවා.අඩෝ උඹලා විස්වාස කරයිදනම් දන්නේ නෑ..පපුව උඩ අලි මිරිස් ගලක් තියලා අඹරනවා බන්..දෙහි ගෙඩියත් ඇඟිලි වලින් කපනවා..මම දන්නෙ නෑ මේව ඇත්තද කියලනම්.. :rolleyes:

    ෆෝන් එකක් එහෙම ගෙනිහින් වීඩියෝ කරොත් ෆෝන් එක අරන් කනවා බන්.. :sorry::sorry: :lol:

    අනේ මන්දා බන් මේවා :lol:

    :sorry::sorry::sorry:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දැන් නම් දෙයිය පල් වෙලා ඉන්නෙ බන්. ගුරුන්නාන්සෙගෙන් අහපන් දෙයිය පල් වෙලා කියන්නෙ මොකද්ද කියල. කුණුහරපෙන් බනියි. :yes:
     
    • Like
    Reactions: Yahapala_Naya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    ඔය ෆකේ බැල්ලිගේ කට්ටඩියන්ට පුලුවන් නම් කියන්න කියපන් හිටං-හුටං හරියටම පැරදිලා ගෙදරයන දවස. ලක්ශ 10ක් දෙනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඊයේ රෑ සන්නියක් නැ‍ටුවා ජාතික රූපවාහිනියේ. මාත් ඒක ටිකක් බැලුවා.එක එක යක්කු නටවන්නේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් බලි තොවිල් 200 % බොරු කියල මම පිලිගන්නවා. නමුත් ඔය බලි තොවිල් වල සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඕව අපේ සංස්කෘතියේ එක කොටසක්. මේවා දැන් සමාජයෙන් ගිලිහි යන තත්වයක් දක්නට තියෙන්නේ. මේවා ආරක්ෂා කරගැනීම අප සමාගෙම යුතු කමකි.


     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දැන් නම් දෙයිය පල් වෙලා ඉන්නෙ බන්. ගුරුන්නාන්සෙගෙන් අහපන් දෙයිය පල් වෙලා කියන්නෙ මොකද්ද කියල. කුණුහරපෙන් බනියි. :yes:

    this. :lol: