කඩදාසි_කුරුලු_කලාව

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කඩදාසි_කුරුලු_කලාව

නෙත සිත පිනවන මනහර කඩදාසි කුරුලු කලාව

r6d5JZh.jpg

ඉතා මනස්කාන්ත ලෙස දිස්වන මෙම නානා වර්ණැති පක්ෂීන් හැබෑවටම ජීවත් වන්නන් නොවන බව කිව හැක්කේ කාටද,? ඒ තරමටම තාත්වික ලෙසත්, සියුම් හා සංකීර්ණ නිමාවකින් යුතුව නිර්මාණය කෙරී ඇති මෙම වර්ණවත් පක්ෂීන් විසිහය හැවිරිදි කලා ශිල්පිනියක වන ඩයනා බෙල්ටුන් හෙරාරාගේ විචිත්‍ර නිර්මාණයන් අතුරින් කීපයකි. වර්ණවත් ප්‍රංශ කඩදාසි, සිලිකන් මැලියම්, කම්බි, ඇලවුම් පටි, දියසායම්, තීන්ත හා කතුරු වැනි මෙවලම් හා ද්‍රව්‍ය රාශියක් උපයෝගි කර ගනිමින් නිමැවෙන මෙවැනි එක් පක්ෂියෙකු නිර්මාණය කිරීමට ඩයනාට සති කීපයක කාලයක් ගතවන බව පැවැසීම පුදුමයට කරුණක් නොවේ.

JxdbOFy.jpg

වර්ණවත් කඩදාසි ඇසුරෙන් නිර්මාණය කිරීමේ කලාවට ඩයනා අවතීර්ණ වන ලද්දේ ඇය ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලපරිච්ජේදයකට මුහුණ දී සිටි සමයේදී එකී ගැටලුවලින් ගොඩ ඒම සඳහාය. මේ සඳහා අවශ්‍ය කරන කඩදාසි සිය නිවසෙන්ම සපයා ගැනීමට හැකි වීම ඇයට විශාල පහසුවක්ද වී තිබිණි. කෙසේ වුවද කොලොම්බියානු ජාතික ඩයනා හෙරාරා ස්වභාවධර්මයේ හා පරිසරයේ සුන්දර ඉසව් සිය නිර්මාණ ඔස්සේ පිළිබිඹු
කිරීමට පෙළඹෙන ලද්දේ ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර නියැළුණු සංචාරයකින් පසුවය. තමා තුළ පරිසරය කෙරෙහි වන ඇල්ම ඇය හරිහැටි අවබෝධ කරගෙන ඇත්තේද මෙම සංචාරයේදී වන අතර එම ස්වභාවදහමේ එක් සුන්දරතම ජීවී කාණ්ඩයක් වන පක්ෂීන් වර්ණ කඩදාසියෙන් නිර්මාණය කිරීමට ඇයට මුල්වරට පෙළඹවීමක් ලැබෙන ලද්දේ මෙම සංචාරයේදීය.
GJ52X0k.jpg

සොබාදහමට ගරු කිරීමත් අගය කිරීමත් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන ඩයනාගේ විශ්වාසය නම් කලාව මගින්ද එම අරමුණු ඉටු කරගැනීමේ හැකියාව ඇති බවය. සිය කලාත්මක නිර්මාණ සඳහා අන් කිසිවක් නොව කඩදාසිම යොදා ගැනීමට ඩයනා පෙළඹී ඇත්තේ ඒවා සුලබව ලබා ගත හැකි අමුද්‍රව්‍යයක් වන නිසාය. එබඳු සුලබව ඇති ද්‍රව්‍යයන් යොදා ගනිමින් නිර්මාණ කලාවේ විවිධ අත්හදාබැලීම් සිදුකිරීම් ඩයනාගේ ප්‍රියතම විනෝදාංශයකි. ඉදිරියේදී බ්‍රිස්ටල් නුවර පිහිටි විශ්වවිද්‍යාලයකට ඇතුළු වී දැව හා පිඟන් මැටි මූර්ති කලාව පිළිබඳව හැදෑරීමටද ඩයනා බලා‍පොරොත්තු වෙන් සිටියද ඇගේ මූලිකම අභිප්‍රාය නම් කඩදාසි නිර්මාණ කලාව හැකි ඉහළම තලයකට ගෙන යාම බව පැවැසේ.

xGsx9Yz.jpg

zzWpH7l.jpg

bcnPST1.jpg

NnojLqk.jpg

uRKPnyl.jpg

cPZoPLg.jpg

ahAIr5L.jpg

292FRil.jpg

hJwCKll.jpg

g6aHfHA.jpg

kTw8w6W.jpg

S3p5t54.jpg

VsD3N85.jpg

3IU4Lg0.jpg

319BSbs.jpg

2ICSXdV.jpg

Ozq5l67.jpg

SEmIaD5.jpg

6bE3fdO.jpg

YTXIXDp.jpg

ZELiHy4.jpg

lABCstc.jpg

8rk6AkY.jpg

edEi655.jpg

i8YNknQ.jpg

LX5e6Ys.jpg

cy6gZ23.jpg

Hm6tYCp.jpg

zqsTbqM.jpg

5vmKO6v.jpg

K8S250f.jpg