පෝයට කඩවල් වහපියව්
"ධනපාල අයියා මොකද දාහට අරගෙන සීයට දීලා වගේ ?
"සීයට නෙවෙයි විසි පහට දෙන්ඩ තමයි දැන් වෙලා තියෙන්නේ"
"ඒ මොකද ධනපාල අයියා ?
" බලපං මල්ලී මේ කදුරුවෙල හාමුදුරුවෝ ලියුමක් එවලා පෝය දවස් වලට කඩ වහන්ඩ කියලා. මේ බලපං ලියුම "
" ඒක මාර කේස් එකක් නේ එයා කොහොමද එහෙම නියෝග දෙන්නේ . කෝ බලමු ලියුම"
"ඒක තමයි මල්ලි අපි යන්තම් බිස්නස් එකක් කරගෙන ඔළුව උස්සන්ඩ හැදුවා විතරයි පෝයට කඩ වහන්ඩලු. දවසක් කඩේ වැහුවොත් සෑහෙන පාඩුයි. අපි එදිනෙදා රෝල දාගෙනනේ මේ ඔක්කොම කරන්නේ. මෙහෙම ගියොත් ලයිට් බිල ගෙවන්ඩත් පරක්කු වෙලා දඩයකුත් වදී"
" ඔන්න ඔහේ උන්ට බම්බු ගහ ගන්ඩ කියලා කඩේ ඇරලා තියන්ඩ ධනපාල අයියා "
"එහෙම කොහොමද කරන්නේ මල්ලි. මේ ලියුමේ තියෙන්නේ අවසාන නිවේදනය කියලා. අර සංදීප කඩේ පෝයට ඇරලා තිබිලා හාමුදුරුවෝ මැරයෝ දම්මලා කඩේ බෝඩ් එක කුඩු කරා. මේ බෝඩ් එකට ගලක් ගැහුවොත් අළුතෙන් බෝඩ් එකක් දාන්ඩ සල්ලිත් නෑ"
" යකෝ මේ සිවුරුකාරයන්ටම ගිය රටනේ. මූ තලිබාන් පකෙක් වගේ අවසාන නිවේදනය කියලා එවලා තියෙන්නේ. මේක පැහැදිලිවම තර්ජනයක් නේ " මං කියන්නං ධනපාල අයියා මතු ආරක්‍ෂාවට කියලා පොලිසියේ එන්ට්‍රියක් දාලා කඩේ ඇරලා තියන්ඩ. මොකක් හරි කේස් එකක් කලොත් පැමිනිල්ලක් දාන්ඩ"
" වැඩක් නෑ මල්ලී. ඕ.අයි.සී කාරයත් හාමුදුරුවන් ගේ පැත්තේ. මෑනුත් හාමුදුරුවන්ට වැඳගෙන ශේප් එකේ ඉන්නේ. අපි පැමිණිලි කලා කියලා මොකවත් වෙන්නෙත් නෑ . ඊට පස්සේ හාමුදුරුවෝ ඔය කොල්ලෙක්ට කියලා රෑපානෙ කඩේට පෙට්‍රල් බෝම්බයක් ගැස්සුවොත් අපිට කෙල වෙලාම යනවා. මොකද කඩේට ඉන්සුවරන්ස් එකක් වත් තියන එකක් යැ"
" මේක මහ අසාධාරණ වැඩක් නේ ධනපාල අයියේ. මේක අර අසූ අටේ ජේවීපී කාරයෝ තුංඩු එව්ව වගේ වැඩක් නේ. මේ එදා වේල කන්ඩ නැති එවුංව බල්ලෝ බලල්ලු වගේ පන්සල් වලට ගෙනත් දානවා. උං පිං බත් කාලා උස් මහත් වෙලා සිවුරු දාගෙන අපිට තග දාගෙන එනවා. යකෝ මේක බුද්ධාගම රකින්නද ? මොකද බුදු හාමුදුරුවෝ කියලා තියනවද පෝයට කඩ වහන්න කියලා. බාර් නං කමක් නෑ කියමු. මේ මිනිසුන්ට හාල් ටිකක් , එළවළු ටිකක් , පාං ගෙඩියක් ගන්න තියන කඩේ. මේක වහලා මොකද ඌ රහත් වෙන්නද හදන්නෙ?
"මම දන්නෙ නෑ මල්ලී. ඔය තමන් ගේ බලය පෙන්නන්ඩ කරන වැඩ නේ. හරි හමං ධර්මයක් රකිනව නං ඔය කඩවල් පස්සේ පන්නන්නේ නෑනෙ. රකින සීලයක් රැකගෙන ඉන්නව මිසක් "
" අනේ ඕකුංගෙ සීලේ ධනපාල අයියේ. මුන්ට පන්සිල්වත් නෑ. මුං සිවුරට මුවා වෙලා අන්තවාදෙ වපුරනවා. අර කොතලාවල මහත්තයා කිව්වා වගේ ඕකුං ගේ පුකේ තාර ගාලා පයින් පාරක් දෙන්ඩ ඕනෙ "
" අනේ මං දන්නේ නෑ මල්ලී. අපි ගිරයට හව් වෙච්ච පුවක් ගෙඩිය වගේ "
" ධනපාල අයියා රටේ නීතියක් කියලා දෙයක් තියනවා. මෙහෙම ලියුම් වලින් බලපෑම් කරන්න බලහත්කාරකම් කරන්න බෑ. මේක සාපරාධී බියගැන්වීමක්. බලහත්කාරයක්. ධනපාල අයියා අනික් මුදලාලිලත් එක්ක කතා කරගෙන මේකට පියවරක් ගන්ඩ. මෙහෙම ඔළුව පාත් කරගෙන හිටියොත් මුං ඊලඟ සැරේ පෝයට පන්සල් ආවේ නෑ කියලා ගෙවල් වලට පැනලා ඔළුවට පොල්ලෙනුත් ගහලා යයි "
" එහෙමත් කරන්ඩ බැරි නෑ මල්ලියෙ මෙහෙම යනකොට. පිංකමක් කියලා මාසෙට සැරයක් දෙසරයක් සම්මාදම් පත්තරයක් එවනවා කව්‍රු හරි රස්තියාදුකාරයෙක් අතේ. ඒකට අනිවාර්‍යෙන්ම ගානක් දෙන්ඩ ඕනෙ. නොදුන්නොත් ප්‍රශ්න. රුපියලක් හොයන්ඩ අපි කොච්චර මහන්සි වෙනවද ?
" ඕවා ධනපාල අයියලාගෙම වැරදි. දෙමලට තම්බියට මුං තග දානකොට ඒවට අප්පුඩි ගැහුවා. දැන් උං අපිටත් අරින්ඩ පටං ගෙන. නියපොත්තෙන් කඩන්ඩ තිබ්බ ඒවා කැඩුවේ නෑ. දැං පොරෝ පාරවල් දෙන්ඩ වෙලා. මම දිඹුලාගල හාමුදුරුවෝ එක්ක වැඩ කරලා තියනවා. දිඹුලාගල හාමුදුරුවෝ කවදාවත් මේ වගේ පීචං වැඩ කලේ නෑ "
" මම දන්නේ නෑ මල්ලි මේවට කොහොම මූන දෙන්ඩද කියලා. වෙළඳ සංගමේ ගන්න තීරණය බලමුකෝ. මල්ලිට මොනාද ඕනේ ?
" මට කිරි පිටි පැකට් එකයි , පාං ගෙඩි දෙකයි , පොල් තෙල් බෝතලයයි.. තව සැමන් ටින් එකකකුත් දෙන්ඩකො. බඩු ටික දාලා තියන්ඩ මම සයිකලේට පැච් එකක් දාගෙන එන්නං. ඔය ලියුමට නං මොනව හරි කරන්ඩ ධනපාල අයියේ බය වෙන්ඩ එපා "
" හරි මල්ලි බලමුකො එන විදිහ "
වෛද්‍ය රුවන් එම් ජයතුංග