කඩවල්_වහපියව්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පෝයට කඩවල් වහපියව්

kaduruvela.jpg

"ධනපාල අයියා මොකද දාහට අරගෙන සීයට දීලා වගේ ?

"සීයට නෙවෙයි විසි පහට දෙන්ඩ තමයි දැන් වෙලා තියෙන්නේ"

"ඒ මොකද ධනපාල අයියා ?

" බලපං මල්ලී මේ කදුරුවෙල හාමුදුරුවෝ ලියුමක් එවලා පෝය දවස් වලට කඩ වහන්ඩ කියලා. මේ බලපං ලියුම​ "

" ඒක මාර කේස් එකක් නේ එයා කොහොමද එහෙම නියෝග දෙන්නේ . කෝ බලමු ලියුම​"

"ඒක තමයි මල්ලි අපි යන්තම් බිස්නස් එකක් කරගෙන ඔළුව උස්සන්ඩ හැදුවා විතරයි පෝයට කඩ වහන්ඩලු. දවසක් කඩේ වැහුවොත් සෑහෙන පාඩුයි. අපි එදිනෙදා රෝල දාගෙනනේ මේ ඔක්කොම කරන්නේ. මෙහෙම ගියොත් ලයිට් බිල ගෙවන්ඩත් පරක්කු වෙලා දඩයකුත් වදී"

" ඔන්න ඔහේ උන්ට බම්බු ගහ ගන්ඩ කියලා කඩේ ඇරලා තියන්ඩ ධනපාල අයියා "

"එහෙම කොහොමද කරන්නේ මල්ලි. මේ ලියුමේ තියෙන්නේ අවසාන නිවේදනය කියලා. අර සංදීප කඩේ පෝයට ඇරලා තිබිලා හාමුදුරුවෝ මැරයෝ දම්මලා කඩේ බෝඩ් එක කුඩු කරා. මේ බෝඩ් එකට ගලක් ගැහුවොත් අළුතෙන් බෝඩ් එකක් දාන්ඩ සල්ලිත් නෑ"

" යකෝ මේ සිවුරුකාරයන්ටම ගිය රටනේ. මූ තලිබාන් පකෙක් වගේ අවසාන නිවේදනය කියලා එවලා තියෙන්නේ. මේක පැහැදිලිවම තර්ජනයක් නේ " මං කියන්නං ධනපාල අයියා මතු ආරක්‍ෂාවට කියලා පොලිසියේ එන්ට්‍රියක් දාලා කඩේ ඇරලා තියන්ඩ​. මොකක් හරි කේස් එකක් කලොත් පැමිනිල්ලක් දාන්ඩ"

" වැඩක් නෑ මල්ලී. ඕ.අයි.සී කාරයත් හාමුදුරුවන් ගේ පැත්තේ. මෑනුත් හාමුදුරුවන්ට වැඳගෙන ශේප් එකේ ඉන්නේ. අපි පැමිණිලි කලා කියලා මොකවත් වෙන්නෙත් නෑ . ඊට පස්සේ හාමුදුරුවෝ ඔය කොල්ලෙක්ට කියලා රෑපානෙ කඩේට පෙට්‍රල් බෝම්බයක් ගැස්සුවොත් අපිට කෙල වෙලාම යනවා. මොකද කඩේට ඉන්සුවරන්ස් එකක් වත් තියන එකක් යැ"

" මේක මහ අසාධාරණ වැඩක් නේ ධනපාල අයියේ. මේක අර අසූ අටේ ජේවීපී කාරයෝ තුංඩු එව්ව වගේ වැඩක් නේ. මේ එදා වේල කන්ඩ නැති එවුංව බල්ලෝ බලල්ලු වගේ පන්සල් වලට ගෙනත් දානවා. උං පිං බත් කාලා උස් මහත් වෙලා සිවුරු දාගෙන අපිට තග දාගෙන එනවා. යකෝ මේක බුද්ධාගම රකින්නද ? මොකද බුදු හාමුදුරුවෝ කියලා තියනවද පෝයට කඩ වහන්න කියලා. බාර් නං කමක් නෑ කියමු. මේ මිනිසුන්ට හාල් ටිකක් , එළවළු ටිකක් , පාං ගෙඩියක් ගන්න තියන කඩේ. මේක වහලා මොකද ඌ රහත් වෙන්නද හදන්නෙ?

"මම දන්නෙ නෑ මල්ලී. ඔය තමන් ගේ බලය පෙන්නන්ඩ කරන වැඩ නේ. හරි හමං ධර්මයක් රකිනව නං ඔය කඩවල් පස්සේ පන්නන්නේ නෑනෙ. රකින සීලයක් රැකගෙන ඉන්නව මිසක් "

" අනේ ඕකුංගෙ සීලේ ධනපාල අයියේ. මුන්ට පන්සිල්වත් නෑ. මුං සිවුරට මුවා වෙලා අන්තවාදෙ වපුරනවා. අර කොතලාවල මහත්තයා කිව්වා වගේ ඕකුං ගේ පුකේ තාර ගාලා පයින් පාරක් දෙන්ඩ ඕනෙ "

" අනේ මං දන්නේ නෑ මල්ලී. අපි ගිරයට හව් වෙච්ච පුවක් ගෙඩිය වගේ "

" ධනපාල අයියා රටේ නීතියක් කියලා දෙයක් තියනවා. මෙහෙම ලියුම් වලින් බලපෑම් කරන්න බලහත්කාරකම් කරන්න බෑ. මේක සාපරාධී බියගැන්වීමක්. බලහත්කාරයක්. ධනපාල අයියා අනික් මුදලාලිලත් එක්ක කතා කරගෙන මේකට පියවරක් ගන්ඩ​. මෙහෙම ඔළුව පාත් කරගෙන හිටියොත් මුං ඊලඟ සැරේ පෝයට පන්සල් ආවේ නෑ කියලා ගෙවල් වලට පැනලා ඔළුවට පොල්ලෙනුත් ගහලා යයි "

" එහෙමත් කරන්ඩ බැරි නෑ මල්ලියෙ මෙහෙම යනකොට. පිංකමක් කියලා මාසෙට සැරයක් දෙසරයක් සම්මාදම් පත්තරයක් එවනවා කව්‍රු හරි රස්තියාදුකාරයෙක් අතේ. ඒකට අනිවාර්‍යෙන්ම ගානක් දෙන්ඩ ඕනෙ. නොදුන්නොත් ප්‍රශ්න. රුපියලක් හොයන්ඩ අපි කොච්චර මහන්සි වෙනවද ?

" ඕවා ධනපාල අයියලාගෙම වැරදි. දෙමලට තම්බියට මුං තග දානකොට ඒවට අප්පුඩි ගැහුවා. දැන් උං අපිටත් අරින්ඩ පටං ගෙන. නියපොත්තෙන් කඩන්ඩ තිබ්බ ඒවා කැඩුවේ නෑ. දැං පොරෝ පාරවල් දෙන්ඩ වෙලා. මම දිඹුලාගල හාමුදුරුවෝ එක්ක වැඩ කරලා තියනවා. දිඹුලාගල හාමුදුරුවෝ කවදාවත් මේ වගේ පීචං වැඩ කලේ නෑ "

" මම දන්නේ නෑ මල්ලි මේවට කොහොම මූන දෙන්ඩද කියලා. වෙළඳ සංගමේ ගන්න තීරණය බලමුකෝ. මල්ලිට මොනාද ඕනේ ?

" මට කිරි පිටි පැකට් එකයි , පාං ගෙඩි දෙකයි , පොල් තෙල් බෝතලයයි.. තව සැමන් ටින් එකකකුත් දෙන්ඩකො. බඩු ටික දාලා තියන්ඩ මම සයිකලේට පැච් එකක් දාගෙන එන්නං. ඔය ලියුමට නං මොනව හරි කරන්ඩ ධනපාල අයියේ බය වෙන්ඩ එපා "

" හරි මල්ලි බලමුකො එන විදිහ "

වෛද්‍ය රුවන් එම් ජයතුංග

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ සමාජයටත් මොකක්දෝ විනාශයක් වේගෙන එනවා වාගෙයි මට පෙන්නේ. මධ්‍යතන යුගයේදී යුරෝපය පුරා බලය පැතිරවූ ආගමික නායකයෝ, එහෙමත් නැත්තනම් පුජක වරු, දෙවියන්ගේ නාමයෙන් යැයි කියමින් වැසියන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම පැවැතුමක්ම පාලනය කිරීමට තරම් බලසම්පන්න වූහ . දැන් අපේ රටේත් එවැනි දෙයක් සිදුවනවා වත්දෝ කියා සිතෙන්නේ බෞද්ධ භික්ෂුන් හා කතෝලික පියවරුන් ජන ජීවිතයේ කටයුතු, වෙනත් වචන වලින් කියනවානම් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත රටා වලට බලපාන දේවල් වලට අනිසි ලෙස මැදිහත් වීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බැවිනි. ඉදිරියට යනවා වෙනුවට නැවතත් ගල් යුගයට යමින් සිටින අපේ සමාජයේ කිසිවෙකු මේවාට විරුද්ධව කථා කරනවා දැකිය නොහැකි අතර, ඔවුහු කීකරු වහලුන් මෙන් පුජකයන් කියන දේ කරති, විශ්වාශ කරති. පොළොන්නරුවේ "රිලෝඩ්" වෙලෙන්දාට නම් මේ අධි පාලන මානසිකත්වයට විරුධව නැගී සිටින්නට පිට කොන්දක් හා ධ්‍යෛර්යයක් තිබෙනවා දැකීම සතුටට කරුණකි. මා නම් කියන්නේ මෙවැනි අසම්මත නියෝග වලට එරෙහිව සියලුම වෙළඳ සංගම් එකා මෙන් නැගී සිටිය යුතු බවය. පූජක ත්‍රස්තවාදය පිටු නොදැක පුනර්ජීවන සමාජයක් ගැන සිතන්නට අපට කිසි දාක හැකි වන්නේ නැත.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැන් එතකොට සිංහලු පෝය ට කඩ කඩ වහනවා. හම්බයෝ කඩ අරිනවා. දැන් කටටද පාඩු.
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔතන ඔච්චර දෙයක් වෙලා . නෑ බොරුවට පුක නොදී හිටහල්ලා. වහන්න බැරිනම් ඇරගෙන ඉන්න එකනෙ තියෙන්නෙ. පෝය දවසෙ ඇරං හිටියම උඹලා කෝටිපතියෝ වෙනවා නේ. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතන ඔච්චර දෙයක් වෙලා . නෑ බොරුවට පුක නොදී හිටහල්ලා. වහන්න බැරිනම් ඇරගෙන ඉන්න එකනෙ තියෙන්නෙ. පෝය දවසෙ ඇරං හිටියම උඹලා කෝටිපතියෝ වෙනවා නේ. :lol:

    පෝය දවසේ කඩේ වැහුවම උබල නිවන් දකිනවනේ.. :P:rolleyes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පෝය දවසේ කඩේ වැහුවම උබල නිවන් දකිනවනේ.. :P:rolleyes:
    රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා පොන්ස්. හැම රටේම එහෙමයි. සුද්දෝ st. patricks day සමරන හැටි දැකලා තියේද ? මෙහෙම කරන්න කියලා නියෝග දෙන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ. නමුත් හාමුදුරුවෝ ත්‍රස්තවාදයක් දියත් කරා කියලනෙ මේ එන්ජීයෝ කාක්කෝ කෑ ගහන්නෙ. එහෙම දෙයක් වෙලා නෑ. කාදිනල් ඇබෝශන් වලට විරුද්ධ උනා කියලා ඇබොලිශ් කාඩිනල් කැම්පේන් එකක් යන්නෙ. මේකත් ඒ වගේ තමයි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා පොන්ස්. හැම රටේම එහෙමයි. සුද්දෝ st. patricks day සමරන හැටි දැකලා තියේද ? මෙහෙම කරන්න කියලා නියෝග දෙන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ. නමුත් හාමුදුරුවෝ ත්‍රස්තවාදයක් දියත් කරා කියලනෙ මේ එන්ජීයෝ කාක්කෝ කෑ ගහන්නෙ. එහෙම දෙයක් වෙලා නෑ. කාදිනල් ඇබෝශන් වලට විරුද්ධ උනා කියලා ඇබොලිශ් කාඩිනල් කැම්පේන් එකක් යන්නෙ. මේකත් ඒ වගේ තමයි.

    Agamika nayakoyo thamage karyaya mokakkda kiyala daanaganna ona.

    RAte neethiya pilipadinna ona. Tharjanaya kireemata kisima kenekuta aythiyak na neethiyanukula wadakata.

    On the other hand the people who come to city for various purposes, need to have facilities for their convenience.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා පොන්ස්. හැම රටේම එහෙමයි. සුද්දෝ st. patricks day සමරන හැටි දැකලා තියේද ? මෙහෙම කරන්න කියලා නියෝග දෙන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ. නමුත් හාමුදුරුවෝ ත්‍රස්තවාදයක් දියත් කරා කියලනෙ මේ එන්ජීයෝ කාක්කෝ කෑ ගහන්නෙ. එහෙම දෙයක් වෙලා නෑ. කාදිනල් ඇබෝශන් වලට විරුද්ධ උනා කියලා ඇබොලිශ් කාඩිනල් කැම්පේන් එකක් යන්නෙ. මේකත් ඒ වගේ තමයි.

    Huttiye..
    Anith agam wadak na...
    Me wena de harida kiyala witharak balapn..
    Rataka tradition ekak thiyenna ona thamai..
    Eth tradition eka follow karanawada nadda kiyana eka minissunge kamaththa..

    Kadinal hukanna karana ewa walin mewa justify karanna epa...
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    හාමුදුරුවන් විවේචනය කරන අන්තර්ජාලයේ මහරහතුන් වහන්සේලා ටික අඩු තරමේ ඒ හාමුදුරුවන්ට කෝල් එකක් වත් දීල පොඩි සාකච්චාවක් වත් කලාද මේ සිද්ධිය ගැන?

    ඔතන වෙලා තියෙන්නේ පෝයට අන්‍යාගමිකයින් කඩ වහල ගෞරව කරද්දී මහා ලොකු සිංහල බෞද්ධයින් ටික පන්සලට ගෑනු විතරක් යවල කඩ අරගෙන සල්ලි පස්සේ දුවන එක. එතකොට අන්‍යාගමිකයින් අතර බෞද්ධයා ගැන ඇතිවෙන ආකල්පය මොකද්ද? බෞද්ධ වෙන්නේ නමින් විතරද?

    මාසේ දවස් 29ක් හම්බකරන එකේ එක දවසක් කඩයක් වැහුවම බංකොලොත් වෙනවා නම් එතන තියෙන්නේ මූල්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක්. තව ත්‍රෙඩ් එකක කෙනෙක් කියල තිබුනා එයා බොහොම අමාරුවෙන් රෝල ගහන්නේ කියලා. ලොකු වියදම් ලිස්ට් එකකුත් ලියල තිබුනා. සීට්ටු සල්ලිත් ගෙවනවලු. ඉතින් තමන්ට පුළුවන් විදියට සීට්ටුවක් දාගන්නවනම් ඔය ප්‍රශ්නේ නෑනෙ. ඇයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න බැරි?

    අපි මැරුණම අරන් යන්නේ කරපු පව් පින් මිස හම්බරපු සල්ලි නෙමෙයි.
     
    යකෝ මනුස්සයෙකුට බල කරලා කියන්න බැහැ මේ විදිහට ආගම අදහපන් කියලා. එහම නම් එය අන්තවාදී ආගමකි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනික් පැති වලනම් කොහොමද දන්නෙ නැ.. රත්නපුරෙ නම් පොයට මුලු town එකේම වැඩ නවතිනව මචන්.. මිනිස්සුත් ඒකට පුරුදු වෙලා දැන් පෝය දවසට town එකට එන්නෙ නැ.. ඒක නිසා ගොඩක් අයට පන්සල් එහෙම යන්න වෙලාව තියනව දැන්..

    උබල වගේ set එක තමයි අර abortion වලට විරුද්ද උනා කියල පල්ලියට බනින්නෙත්.. සිරාවටම අහන්නෙ උබ මුස්ලිම් නේද.. :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන් එතකොට සිංහලු පෝය ට කඩ කඩ වහනවා. හම්බයෝ කඩ අරිනවා. දැන් කටටද පාඩු.
    :yes::yes::yes:

    පෝයට කඩ වහන එකනම් හොදයි ඒත් ඒ කඩ වහලා කඩ වල උන් පන්සල් යන්නේ නෑනේ...
    නිවඩුවට කට්ටිය එක්ක සෙට් වෙලා බෝතලයක් ගහයි..
    අනික රස්සාවල් කරන මිනිස්සුන්ට නිවාඩු දවසක කඩයකට ගිහින් බඩුවක් ගන්න බැරි වෙනවා..

    මෙහෙම කඩ වැහුවා කියලා මොකක්ද වෙන සෙතේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Huttiye..
    Anith agam wadak na...
    Me wena de harida kiyala witharak balapn..
    Rataka tradition ekak thiyenna ona thamai..
    Eth tradition eka follow karanawada nadda kiyana eka minissunge kamaththa..

    Kadinal hukanna karana ewa walin mewa justify karanna epa...

    present sl Buddhist temple = median age christian churches in europe
    e kale europe hama dema palliyen control kala
    aluth deyak hoya gatta unath palliyen eka epa kivvoth epa

    dan lankawe wenne ehema deyak.
    poyata pansal palayan kiyala budu hamuduruwo kivvada?
    ona eka yai, epa eka idi. apita paan da
    hutte culture eka hama magulatama adesha karanawa
    dan pansal giyama lankawe aparada adu wenawane