ය මොන මොන චන්ඩි පාට් දැම්මත් ලංකාවේ කඩ්ඩට අම්බානෙකට බය තව කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි පොලිස් කාරයෝ. මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව ගිහිල්ලා, තව ලයිසන් නැතිව කාර් එලවලා, සුදු ඉරි කපලා, අරවද මේවද වැරදිවලට නැවැත්තුවහම පොඩ්ඩක් කඩ්ඩ දාලා කතා කරපු ගමන් පොලිස් කාරයා "හරි මහත්තයා යන්න..." කියලා දඩ කොලේ නොලියා යන්න අරිනවා කියලා කතාවක් තියෙනවනේ..
ඔන්න කාලෙකට පස්සෙ ලංකාවෙදි මාත් එක්ක එකට "NIBM" හිටපු යාළුවෙක්ව හම්බ උනා නිවාඩුවට ගිහිල්ල ඉන්දැත්දි. ඕං ඉතින් කාලෙකට පස්සෙ හම්බ උන යාළුවා නිසා පොඩි එහෙකට සෙට් උනා මගේ තවත් යාළුවෝ සෙට් එකකුත් එක්ක.. ඉතින් ඔය එක එක මාතෘකා යටතේ වාද විවාද, බයිලා ගැහිලි කතන්දර අතර ඔය පොලිස් කාරයෝ ඉංග්රීසි වලට බය ඇයි කියන එක ගැනත් කතා උනා. ඔන්න ඒ පාර මේ වෙනකොට ටිකක් විතර වැදිලා හිටිය මගේ යාළුවා කියනවා,
"ඕක බොරු කතාවක් බං.... දවසක් මම වැරදි තැනක පාක් කෙරුවා කියලා දඩ කොලයක් දීපු පොලිස් කාරයෙක්ට කඩ්ඩෙන් කොටන්න ගිහින් ඌ මට දුන්නනෙ ආයේමත් කඩෙන් අනිත් පැත්තට. කොටලා කොටලා දඩ කොලෙත් දීලා තමයි ඌ ගියේ. ඌගේ ඉංග්රීසි ඇක්සන්ට් එක කොච්චර හොඳද කියනවනන් මට ඌ කියපු එක වචනයක් වත් තේරුනේ නෑ......එච්චරට සිරා..."
"කොහෙද බං ලංකාවෙ එහෙම සිරාවටම ඉංග්රීසි කතා කරන ට්රැෆික් පොලිස් කාරයෝ ඉන්න පොලීසිය.....?" අපේ තව එකෙක් ඇහුවා...
“ලංකාවෙ ? පිස්සුද බං... මට මේක උනේ ලන්ඩන් වලදි....!”