දැන් මේ ත්‍රේඩ් එකම ගත්තොත් තමන්ට වැරදුන ඒව දාන්න කිවුවට වැඩිහරියක් දාල තියෙන්නෙ අනිත් අයට වැරදුන ඒවනෙ. තමන් සියල්ල දත් වෙලා අනිත් අයට වැරදුන ඒවට හිනාවෙන එක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිය හැමදාම. තමන්ට වුණ වැරදි දාන්න කැමති නෑ කට්ටිය. එතන තමයි එයාල වරද්දගන්න තැනත්. ඉංග්‍රීසි තරමක් දන්න කෙනෙක් එන්ගලන්තෙ අයටත් වඩා දන්නව කියල හිතාගෙන යාන්තම් ගැටගහගෙන කතාකරන්න, ඉගෙනගන්න හදන කෙනාට හිනාවෙනව. ඉතින් කොහොම ද ඒ කෙනා බයක් සැකක් නැතුව කතා කරන්නෙ. සුද්දෙක් වුණත් තමන් නොදන්න වචනයක් කියද්දි ඒක වරද්දන්න පුළුවන්.
මට කොහොමත් ඉංග්‍රීසි බෑ. ඉතින් මං අනිවාර්යයෙන් වචන 100 කියෙවුවොත් ඒකෙන් වචන 20 වත් අඩුගානෙ වැරදියට කියවන්නෙ.








