කඩුපුල්_මල්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    කඩුපුල් මල් පිපිලා ගෙදර මිදුලම සුවඳයි...

    කඩුපුල් මල් මම ඇත්තටම දැකලා තිබුණේ නැහැ. නමුත් මීට වසර අටකට පමණ පෙර මගේ පියාණන් ගෙනැවිත් නිවස යාබද මහෝගනී ගහක් අසල ගස්ක කොටයක් මත ඉතාමත් සුරැකිව සහ ආදර බරිත සාත්තු සප්පායම් වලින් සැනසී මීට දින කීපයකට කලින් එහි ප්‍රධාන පත්‍රයකින් මල් හට ගන්නට පටන් ගත්තා. එහි මුල්ම මල් දෙක අද දවස පුරා ටිකෙන් ටික විකසිත වන්නට වුනා. ඔබටත් දැකගන්නට මම එහි ඡායාරූප ටිකෙන් ටික පියවරෙන් පියවර ජංගම දුරකතනයට ලබාගත්තා.එතරම්ම පැහැදිලි නැතිවුනත් බලන්න කැමති සහ නොබලපු හැමෝටම මෙය අලුත් දෙයක් වෙයි. මොකද කඩුපුල් කියන්නේ රාත්‍රියේ පිපී රාත්‍රියේම පරවෙන දුරලභ මල් විශේෂයක්.




    මේ උදේ 7 ට විතර තත්වය..




    මේ උදේ 8.30ට විතර..කෙමෙන් කෙමෙන් පොහොට්ටුව විශාල වෙනවා





    මේ උදේ 10 ට විතර..දැන් පොහොට්ටුව අග්ගිස්සෙන් විවර වෙන්න පටන් ගෙන





    මේ දහවල් 12 පහුවුනාම..දහවල් රස්නයට මලේ පිපීම නතරවෙලා වගේ




    මේ සවස 3 ට විතර...දැන් පොහොට්ටු තවත් තර වෙලා





    සවස 5 විතර වෙද්දි මල් පොහොට්ටු ටිකක් විතර බිමට බර වෙන්න පටන් ගත්තා









    මේ ඡායාරූප තුනම ගත්තේ රාත්‍රී 7.30ට විතර දැන් කෙමෙන් කෙමෙන් මල් දෙක පිපෙනවා




    මේ රාත්‍රී 8.30ට විතර..මේ වෙද්දි මල් දෙක බලන් ඉඳිද්දි පිපෙනවා




    පිපීගෙන එන කඩුපුල් මලේ රේණුවල් සමීප ඡායාරූපයක්




    දැන් බොහෝදුරට මල් දෙකම පිපිලා





    මේ වෙනකොට අහල පහල කීපදෙනෙක්ම බලන්නත් ඇවිත් හිටියා..මේ 9ට විතර




    9.30 විතර වෙද්දි තමයි කඩුපුල් මලේ නියම හැඩය මතු වෙන්න ගත්තේ




    මේ වෙනකොට මල්වල සුවඳ හොඳටම දැනෙන්න පටන් ගත්තා





    හොඳින්ම පිපෙන්න මොහොතකට පෙර රාත්‍රී 10 ට විතර




    රාත්‍රී 11 වෙද්දි මල හොඳින්ම පිපෙන්න පටන් අරන් තිබුනා




    මල මැද තිබෙන රේනු හොඳින් දිගහැරුණේ මෙන්න මේ වෙලාවේ තමයි




    මල්වල බරට ඉත්ත සහ කොලය පහතට නැමිලා තිබුනා




    රාත්‍රී 11.30 වෙද්දි හොඳින්ම පිපිණු කඩුපුල් මල් අපේ මිදුලෙම දකින්න අපේ ඇස් පින් කරලා තිබුණා




    තාත්තාගේ ජංගම දුරකතනයේ පසුතල ඡායාරූපයටම කියලා ගත්ත ඡායාරූපය




    රෑ දොලහ ලංවෙද්දි මල් දෙක කපලා පැන් දෝවනය කරලා බුදුන් විෂයෙහි පූජා කරන්න සූදානම් කලා




    ගෙදර අය සේරම අවදියෙන් ඉඳගෙන මේ දුර්ලබ සහ සොඳුරු මොහොතේ අග්‍රඵලය පූජාකරන්නට පෙර





    අවසානයේ ගෙදර සේරම දෙනා කඩුපුල් මල් බුදුන්ට පුද කරලා බුදුන් වැන්දා



    කොහොම හරි සුන්දර අත්දැකීමක් විඳින්න වගේම එහි පියවර ඡායාරූපයට නගන්න හැකීවීමත් වටින දෙයක්.අවසානයේ මේ සුන්දර කඩුපුල් මල් බුදුන්ට පූජාකරලා මෙනෙහි කරගත්තේ..


    පුප්පං මිලායාති යථායිදම්මේ - කායෝ තතායාථී විනාසභාවන්


    (බුදුන් පාමුල මේ මල් මිලිනවන්නාක් සේ අප කයද දිනෙක විනාශයට පත්වේ)


    මෙහි ඇති වදගත්කම නිසා Janaranga Wijaindu Dewasurendra සොයුරාගේ බ්ලොග් සටහනකින් උපුටා ගන්නා ලදි .....


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දැක්ක මේක මලගන විස්තර හොයද්දි බ්ලොග් එකකත් තියනවා. එල එල මචං
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක තමයි නියම කඩුපුල් එක. අපේ ගෙදරත් තියෙනවා. හොඳට අව්ව වැටෙනවනම් නිතරම මල් එනවා.