කඩුපුල් මල් පිපිලා ගෙදර මිදුලම සුවඳයි...
මෙහි ඇති වදගත්කම නිසා Janaranga Wijaindu Dewasurendra සොයුරාගේ බ්ලොග් සටහනකින් උපුටා ගන්නා ලදි .....
කඩුපුල් මල් මම ඇත්තටම දැකලා තිබුණේ නැහැ. නමුත් මීට වසර අටකට පමණ පෙර මගේ පියාණන් ගෙනැවිත් නිවස යාබද මහෝගනී ගහක් අසල ගස්ක කොටයක් මත ඉතාමත් සුරැකිව සහ ආදර බරිත සාත්තු සප්පායම් වලින් සැනසී මීට දින කීපයකට කලින් එහි ප්රධාන පත්රයකින් මල් හට ගන්නට පටන් ගත්තා. එහි මුල්ම මල් දෙක අද දවස පුරා ටිකෙන් ටික විකසිත වන්නට වුනා. ඔබටත් දැකගන්නට මම එහි ඡායාරූප ටිකෙන් ටික පියවරෙන් පියවර ජංගම දුරකතනයට ලබාගත්තා.එතරම්ම පැහැදිලි නැතිවුනත් බලන්න කැමති සහ නොබලපු හැමෝටම මෙය අලුත් දෙයක් වෙයි. මොකද කඩුපුල් කියන්නේ රාත්රියේ පිපී රාත්රියේම පරවෙන දුරලභ මල් විශේෂයක්.
කොහොම හරි සුන්දර අත්දැකීමක් විඳින්න වගේම එහි පියවර ඡායාරූපයට නගන්න හැකීවීමත් වටින දෙයක්.අවසානයේ මේ සුන්දර කඩුපුල් මල් බුදුන්ට පූජාකරලා මෙනෙහි කරගත්තේ..
පුප්පං මිලායාති යථායිදම්මේ - කායෝ තතායාථී විනාසභාවන්
(බුදුන් පාමුල මේ මල් මිලිනවන්නාක් සේ අප කයද දිනෙක විනාශයට පත්වේ)
මේ උදේ 10 ට විතර..දැන් පොහොට්ටුව අග්ගිස්සෙන් විවර වෙන්න පටන් ගෙන
මේ දහවල් 12 පහුවුනාම..දහවල් රස්නයට මලේ පිපීම නතරවෙලා වගේ
මේ දහවල් 12 පහුවුනාම..දහවල් රස්නයට මලේ පිපීම නතරවෙලා වගේ
මේ සවස 3 ට විතර...දැන් පොහොට්ටු තවත් තර වෙලා
සවස 5 විතර වෙද්දි මල් පොහොට්ටු ටිකක් විතර බිමට බර වෙන්න පටන් ගත්තා
සවස 5 විතර වෙද්දි මල් පොහොට්ටු ටිකක් විතර බිමට බර වෙන්න පටන් ගත්තා
මල මැද තිබෙන රේනු හොඳින් දිගහැරුණේ මෙන්න මේ වෙලාවේ තමයි
ගෙදර අය සේරම අවදියෙන් ඉඳගෙන මේ දුර්ලබ සහ සොඳුරු මොහොතේ අග්රඵලය පූජාකරන්නට පෙර
අවසානයේ ගෙදර සේරම දෙනා කඩුපුල් මල් බුදුන්ට පුද කරලා බුදුන් වැන්දා
අවසානයේ ගෙදර සේරම දෙනා කඩුපුල් මල් බුදුන්ට පුද කරලා බුදුන් වැන්දා
කොහොම හරි සුන්දර අත්දැකීමක් විඳින්න වගේම එහි පියවර ඡායාරූපයට නගන්න හැකීවීමත් වටින දෙයක්.අවසානයේ මේ සුන්දර කඩුපුල් මල් බුදුන්ට පූජාකරලා මෙනෙහි කරගත්තේ..
පුප්පං මිලායාති යථායිදම්මේ - කායෝ තතායාථී විනාසභාවන්
(බුදුන් පාමුල මේ මල් මිලිනවන්නාක් සේ අප කයද දිනෙක විනාශයට පත්වේ)
මෙහි ඇති වදගත්කම නිසා Janaranga Wijaindu Dewasurendra සොයුරාගේ බ්ලොග් සටහනකින් උපුටා ගන්නා ලදි .....
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla