කඩෙ යන උන් වරෙල්ල !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කඩෙ යන උන් වරෙල්ල !!!

    සටහන : කසුන් පුස්සෙවල

    ආදරණීය මල්ලියේ,

    මල්ලිලට තාම 20යි. මට 25යි.. මල්ලි තාම ඉගෙන ගන්නව.. අම්මලගෙ තාත්තල්ගෙ සල්ලි වලින්.. මමත් එහෙමයි.. නාමල්ට 26යි නැත්තම් 27යි.. ලන්ඩන් ගිහින් ඉගෙනගෙන ඇවිත් ලංකා නීති අධ්‍යාපන ඉතිහාසයේ වඩිම ලකුනු අරගෙන පාස් වුනා..(පාස් වුන විදිය දැනගන්න ඕන නම් ඒත් අහන්න)උබ අපි තාම මූලික අධ්‍යාපනය,MA එක කරද්දි නාමල් Phd එකත් ඉවරයි(ඒක කරපු හැටිත් ඕන්නම් අහන්න). නාමල් පාර්ලිමේන්තුවට අවිත් මාස 48යි. නොකා නොබී ලැබෙන මුලු පඩියම එකතු කරත් ලබෙන්නෙ මාස 48ට ආසන්න වශයෙන් ලක්ෂ 48යි..(මංත්‍ර්‍රි වැටුප දැන ගන්න ඕන නම් ඒත් අහන්න) හැබැයි නාමල් පහුගිය දවසක රේසින් කාර් 9ක් ගේනව.. බදු නැතුව ඒවයි වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 900යි 1000යි අතර.. බදු එකතු වුනා නම් වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 4000ක් හෝ ඊට වැඩි වෙන්න ඉඩ තිබ්බ..(පාර්ලිමේන්තුවේ කියවුනු කතා)( වාහන සදහා බදු 100ට 400ක් බව සලකන්න මෙරට තුල)
    එතකොට ඒ සල්ලි කාගෙද?උබෙ,මගේ අම්මල හැමදාම ඉස්කොලේ ඇවිත් දරුවන්ට උගන්නල මාසෙ අන්තිමට රුපියල් 28000ක් 30000ක් අරන් එවගෙන් බදු ගෙවපු සල්ලි නෙමෙයිද??

    අනික් පුතාල ගැන කියන්න ඕනෑ නෑනෙ.. අපි ගමු මේ මහින්ද ලග ඉන්න මහින්දානන්දව.. අධ්‍යාපන සුදුසුකම් උසස්පෙළ අසමත්.රැකියාව රක්ශන නියෝජිත(අපි පාරෙ නිතර මෝටර් සයිකල් එකෙන් යනව දකින්නෙ,අර ඉන්ෂුවරන්ස් දාන්න වලි කන්නෙ)ඊයෙ පෙරේදා එයාගෙ නෝන ඩිවෝර්ස් එක ඉල්ලල අධිකරණයට ලබාදෙන ලියවිල්ලෙ තියෙන්නෙ මොනාද? මහින්දානන්දට හිමි දේපල වලින් කොටසක් සහ වන්දි ලෙස රුපියල් කෝටි 500ක් තමන්ට ලැබිය යුතුයි කියල..පොඩ්ඩක් හිතන්න..මේ සල්ලි කාගෙද? සාමාන්‍ය පෙල අසමත්ව දේශපලනයට එන්න කලින් රක්‍ෂණ නියෝජිත වෙලා හිටපු මහින්දානන්දගෙ නෝනා කෝටි 500ක් ඉල්ලනව නම් මහින්දානන්ද ලග තව කොච්චර සල්ලි සහ දේපළ ඇත්ද?? මහින්ද ලග ඉන්න සිය ගාණක් හොරුන්ගෙන් එක්කෙනෙක් විතරයි මේ මහින්දානන්ද..

    මහින්දගේ දවසෙ වියදම කෝටි 2යි ලක්ෂ 60ක්.. මේව මම කියන දේවල් නෙමෙයි.. මේ අවුරුද්දේ මහින්දගෙ අය වැය ලේඛනය ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්.. මේ රටේ ජනාධිපති රාජපක්ෂ,මුදල් ඇමති ඒත් රාජපක්ෂ,ආරක්ෂක ඇමති ඒත් රාජපක්ෂ,වරාය,ගුවන් සේවා ඇමති ඒත් රාජපක්ෂ. විනිසුරුවන්,පොලිස්පති,මැතිවරණ කොමසාරිස්,හමුදා ප්‍රධානීන්,අල්ලස් කොමිෂන් සභාපති,එකී නොකී ඔක්කොම පත් කරන්නෙ ඒත් රාජපක්ෂ.මේ රටේ කතා නායක ඒත් රාජපක්ෂ,ආරක්ෂක ලේකම් ඒත් රාජපක්ෂ,ආර්ථික ඇමති ඒත් රාජපක්ෂ,මහ ඇමති ඒත් රාජපක්ෂ,බස්නායක නිලමේ ඒත් රාජපක්ෂ..ශ්‍රී ලංකන් එකේ සභාපති සාමාන්‍ය පෙල අසමත්,පහුගිය වසරෙ පාඩුව කෝටි 700යි ඒත් රාජපක්ෂ මස්සිනා..මේක,මේ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද මල්ලී? රනිල් ආවත්,මෛත්‍රීපාල ආවත් ඕකම වෙනව කියන උබල ඇයි එහෙනම් සමාජ වෙනසක් සදහා දායක නොවී දැක දැක දැන දැන මේ අජපල් මහින්දටම ආයෙ ජන්දෙ දෙන්නෙ??
    මේ රටේ කතා වෙන බොහොම පොඩි සහ පොදු කතා කිහිපයක් විතරයි..

    මල්ලි ඉපදෙන්න ඉන්න වෙලාවෙ උබෙ අම්ම රජයේ ඉස්පිරිතාලෙට යන්න ඇති.. ඒකෙන් බෙහෙත් ගන්න ඇති.. මතක තියාගන්න ඒ බෙහෙත් වෙනුවෙන්,දොස්තරල වෙනුවෙන්,ඉස්පිරිතාල නඩත්තුව වෙනුවෙන් කොටින්ම නිදහස් සෞඛ්‍යක් වෙනුවෙන් මේ ලෝකෙ,මේ රටෙ ලක්ෂ ගානක් මිනිස්සු මැරිල ඇති.. උබ මේ ලෝකෙට එන මොහොතට උබෙ තාත්ත,අම්ම විතරක් නෙමෙයි,මේ රටේ හිගන්න පවා බදු ගෙවල ඒ සල්ලි වලින් උබ මේ ලෝකෙට එන්න අවශ්‍ය බෙහෙත් ගන්න සල්ලි දීල තියෙනව.. ඊට පස්සෙ උබ ඉස්කොලේ ආව.. ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි ගෙව්වෙ මේ මුලු රටේම මිනිස්සු.. උබ කැම්පස් යනව නම් ඒව මුදල් වලින් නිදහස් කලේ මේ රටේ එදා ඉදන් උන්න මිනිස්සු. ඒවට් සල්ලි ගෙවන්නෙ මේ රටේම මිනිස්සු.. උබ ඉපදුන එකේ ඉදන් මැරෙන මොහොත දක්වාම මේ දේශපලනය හා බැදෙනව.ඒකෙන් මිදෙන්න බෑ. උබ කන එකේ ඉදන් රෙන එක දක්වාම බදු හෙවනව.කසාදෙට රුපියල් 5000 ඉදන්ම.. ලැට් වල පිරුනම නගර සභාවට 2500ක් ගෙවල අදින්න ඕන. උබ මලාම පුච්චනන,නැත්තම් වල දාන්න නගර සභාවට,ප්‍රාදේශීය සභාවට සල්ලි ගෙවන්න ඕන. මේ සියල්ල දේශපලන කාරනා නෙමෙයිද?

    ඒක නිසා මට මම විතරයි,දේශපලනය වැඩක් නෑ කියන්න අපි කාටවත්ම බෑ.. මේ ලෝකෙ අතීතෙ හිටපු මිනිස්සු රජ වරුන්ට කත් ඇදල බදු ගෙවල රජාට ආතල් දුන්න.. එකෙන් එක පවුලයි සැප විදින්නෙ කියල තේරුම් අරන් මිනිස්සු විප්ලව කරල ඒක වෙනස් කලා. ඒත් රජා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය වගේ,වචන දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම සැප විදින්න ක්‍රම හදාගෙන පාලකයො සීමිත පිරිසක් අද දක්වාම ආව.උන් අපිට අපේම ඒවගෙන් ටිකක් දෙන ගමන් උන් ගොඩක් කෑව,වගෙම අදත් කනව.. හැබැයි එකෙක් යවල එකෙක් ගෙනත් අපි හැමදාම දුකෙන් ඉන්නව කොටසක් සැපෙන් ඉන්නව..

    මම NGO වත් jvp වත්, පක්ෂයකට සම්බන්ධයෙක්වත්,මහින්දගෙන්වත්,රනිල්ගෙන්වත්,මෛත්‍රීපාලගෙන්වත් කාල නෑ. හැබැයි මේ පාදඩ ක්‍රමය වෙනස් වීම සදහා මිනිස්සු දැනුවත් විය යුතුයි සහ වෙනස් විය යුතුයි කියන තැන ඉන්නව.. ඒ සදහා එදත්,අදත්,හෙටත්, පෙනී ඉන්නව..

    මහින්දද,සරත් ෆොන්සේකාද,මෛත්‍රීපාලද,රනිල්ද,අනුර කුමාරද එදාටත් වරදට වැරදියි කියන්න මට සල්ලි නැතත් කොන්දක් සහ දැක්මක් තියෙනව.. මිනිසාගේ යහපත වෙනුවෙන් මිනිස්සු වෙන අපි ඉදිරිපත් නොවී මහින්දට,රනිල්ට කාට කඩේ ගියත් ඇති පලේ මොකද්ද? මමත් ඊයෙ වෙනකම් ඉගුරු දී මිරිස් ගන්න අවුලෙ හිටිය.. ඒත් මේ පාර යම් වෙනසක්,පොදු සමාජ වැඩපිළිවෙළක් එනව කියන විශ්වාසය මට තියෙනව.. ටිකක් සවිඤ්ඤානිකව හිතන්න,පතන්න පුරුදු වෙන්න.. මොකද අපි තනියෙන් මේ ලෝකෙට ආව කිව්වට,යනව කිව්වට එදා මෙදාතුර මේ ලෝකෙ ඉපදුන,මැරුන හැම මිනිහෙක්ම අද අපි ඉන්න තැනට අපිව සහ මේ ලෝකය ගේන්න දායක වෙලා තියෙනව.. ඒක නිසා අපේ යුතුකමෙන් මිදෙන්නවත්,රටක්,කෝටි දෙකක ජනතාවක් හෝ අනාගතයක් එක පුද්ගලයෙකුට සහ ඔහුගේ පවුලකට දෙන්න පුලුවන්ද කියල ටිකක් හිතල බලන්න බුද්ධිමත්ව.!

    සටහන : කසුන් පුස්සෙවල
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    2256.jpg

    mahindata denawa ban wedak netham gihin budiyaganin
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුම්ප් හොද ලිපියක් එත් බිරි අලින්ට විනා වයලා වැඩක් නැහැ. අනික මේ බිරි අලිත් නෙමයි........ කන් වහගත්ත අලි

    සල්ලි නැතත් කොන්දක් සහ දැක්මක් තියෙනව..

    මෙතන තමයි උබේ අවුල තියෙන්නේ.... itn නිවුස් බලපන් ඕක හරි යාවි
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    සම්පුර්ණ ඇත්ත මචං අපි මොනවා කරන්නද කියලා හිත හිතා ඉදලා වැඩක් නැ අපි මෙහෙම ගියොත් යන්නේ අයෙත් අර පරණ කලේ තිබ්බ රජ පාලන ක්‍රමයටම තමයි හුගක් මුන්ගේ ගු කන උන් කැමති ඇති ඒ ක්‍රමයට ඒ උනාට කොන්දක් තියන්න උන් වශයෙන් අපි නම් කැමති නැ ඒ ක්‍රමයට පොඩ්ඩක් වත් මේ රටේ මිනිස්සු වලි කල යුද්ද කරලා මේ ප්‍රජාත්‍රන්තවාදය ඇති කරේ අයෙත් පරණ තත්වයට යන්න නෙමේ නේ. අපි නම් එකෙන්ම එකතු වෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න. මොන පක්සේ උනත් එකයි ඒ කියන්නේ අද මෙතන මහින්ද වෙනුවට රනිල් හිටියත්
     
    Last edited:

    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    ඕවා කතා කරලා වැඩක් නෑ ලංකාවෙ ඉන්න බහුතරයක් නූගත්. ඉතිං මේ පාලකයන්ට උංව අන්දන්න ලේසියි. චන්දෙකදි දිනන්නෙ ජනතාව හොඳටම අන්දන්න පුලුවන් අපේක්ෂකයා :yes:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඕක වරද්දාගත්තේ මිනිස්සුමනේ. ජනාධිපතිවරයෙක් ඉන්න රටේ මහින්දව රජතුමා විදියට හදුන්වල, එතුමාගේ පවුල රජ පවුල විදියට හදුන්වල වරද්දාගත්තේ මිනිස්සුම තමයි. මට මතකයි යුද්දේ දිනපු දවස් වල කොහෙදී හරි මහින්දට ඔටුන්නකුත් තෑගී දුන්න. දැන් ලංකාවේ ඉන්නේ ජනාධිපති කෙනෙක් නෙමෙයි රජ කෙනෙක් සහ රජ පවුලක්. මම හිතන්නේ මේ ජනාධිපතිවරණය ලංකා ඉතිහාසේ පවත්වන තීරණාත්මකම මැතිවරණය වගේම මේ පාලනය වෙනස් කරන්ඩ ලැබෙන අවසාන අවස්ථාව වෙන්ඩත් පුළුවන්.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    සම්පුර්ණ ඇත්ත මචං අපි මොනවා කරන්නද කියලා හිත හිතා ඉදලා වැඩක් නැ අපි මෙහෙම ගියොත් යන්නේ අයෙත් අර පරණ කලේ තිබ්බ රජ පාලන ක්‍රමයටම තමයි හුගක් මුන්ගේ ගු කන උන් කැමති ඇති ඒ ක්‍රමයට ඒ උනාට කොන්දක් තියන්න උන් වශයෙන් අපි නම් කැමති නැ ඒ ක්‍රමයට පොඩ්ඩක් වත් මේ රටේ මිනිස්සු වලි කල යුද්ද කරලා මේ ප්‍රජාත්‍රන්තවාදය ඇති කරේ අයෙත් පරණ තත්වයට යන්න නෙමේ නේ. අපි නම් එකෙන්ම එකතු වෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න. මොන පක්සේ උනත් එකයි ඒ කියන්නේ අද මෙතන මහින්ද වෙනුවට රනිල් හිටියත්
     
    waligamaya

    Well-known member
  • නිදන් ඉන්න මිනිස්සු ඇහැරවන්න පුලුවන්, එත් බොරුවට නිදන් ඉන්න මිනිස්සු ඇහැරවන්න බැ. මොකද ඔවුන්ට ඇහැරෙන්න උවමනා නැ

    bump
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඕක වරද්දාගත්තේ මිනිස්සුමනේ. ජනාධිපතිවරයෙක් ඉන්න රටේ මහින්දව රජතුමා විදියට හදුන්වල, එතුමාගේ පවුල රජ පවුල විදියට හදුන්වල වරද්දාගත්තේ මිනිස්සුම තමයි. මට මතකයි යුද්දේ දිනපු දවස් වල කොහෙදී හරි මහින්දට ඔටුන්නකුත් තෑගී දුන්න. දැන් ලංකාවේ ඉන්නේ ජනාධිපති කෙනෙක් නෙමෙයි රජ කෙනෙක් සහ රජ පවුලක්. මම හිතන්නේ මේ ජනාධිපතිවරණය ලංකා ඉතිහාසේ පවත්වන තීරණාත්මකම මැතිවරණය වගේම මේ පාලනය වෙනස් කරන්ඩ ලැබෙන අවසාන අවස්ථාව වෙන්ඩත් පුළුවන්.

    Oya otunu karuth hadapuwa newyi, eyama hadagena eeyama dagatha ewa
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීට කඩේ යන සොන්නයෙක්ට රිදිල. තොගෙ අම්ම තාත්ත හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ දෙමව්පියන්ගෙ වැරැද්ද. දැන් උම්බේ අම්ම කරන වැරදි වලටයි තාත්ත කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද මල්ලී?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මයිත්රීට කඩේ යන සොන්නයෙක්ට රිදිල. තොගෙ අම්ම තාත්ත හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ දෙමව්පියන්ගෙ වැරැද්ද. දැන් උම්බේ අම්ම කරන වැරදි වලටයි තාත්ත කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.

    Thoge buddiya thiyana thena loketama pennuwa den kata wahagena hitapan