කණ්ඩායම පසුබසිද්දී මාෂ් පුතාගේ සෙල්ලමට ස

Inswinger

Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    කණ්ඩායම පසුබසිද්දී මාෂ් පුතාගේ සෙල්ලමට ස

    කණ්ඩායම පසුබසිද්දී මාෂ් පුතාගේ සෙල්ලමට සිත යොමයි:angry::angry:

    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුට චෝදනාවක්:confused::confused:



    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ජෙෆ් මාෂ් තමා නිල වශයෙන් පුහුණුකාර තනතුර හොබවන කණ්ඩායම පාකිස්තානයට එරෙහිව තරග වදින අතරතුර තම මවුබිම වන ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කරන තරග කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ බවට චෝදනා එල්ල වී ඇත. පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ටෙස්ට් හා එක්දින තරගවල දැඩි පසුබෑමකට ලක්වෙද්දී පුහුණුකරු මාෂ්, ජංගම පරිගණකයෙන් ඔස්ට්‍රේලියානු - දකුණු අප්‍රිකා සජීවි ක්‍රිකට් තරග නරඹමින් සිටි බැව් දැන් අනාවරණය වී තිබේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු වූවද ඔහු ඔස්ට්‍රේලියාව සහභාගි වන තරග කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති වී තිබෙන්නේ ඔහුගේ පුතුන් දෙදෙනා ජාතික පිලට ඇතුලත්ව සිටින බැවිණි.

    මාෂ්ගේ වැඩිමල් පුතු ෂෝන් දැනටමත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 3 කට හා එක්දින තරග 36 කට සහභාගි වී ඇත. ෂෝන් පළමුවරට ඔස්ට්‍රේලියානු ටෙස්ට් පිල නියෝජනය කළේ ශ්‍රී ලංකාව සමග පසුගිය සැප්තැම්බර් මාසයේ පල්ලේකැලේ පැවැති ටෙස්ට් තරගයේදීය. සිය මංගල ටෙස්ට් තරගයේදීම අනර්ඝ ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මාෂ් සමග වසර 2ක ගිවිසුමකට එළැඹියේ සිය වැඩිමල් පුත් ක්‍රීඩා කරනු නැරැඹීම සඳහා පල්ලේකැලේ ක්‍රීඩාංගනයට මාෂ් පැමිණි අවස්ථාවේ දී බැව් පැවැසේ.

    පසුගිය 11 වැනිදා මාෂ් කිසිවකුගෙන් ඉල්ලා ගත් ජංගම පරිගණකයකින් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව පිතිහරඹයෙහි යෙදෙනු අන්තර්ජාලය හරහා සජීවිව නරඹමින් සිටින අතරතුර ශ්‍රී ලංකාව ඩුබායි හී පැවැති පළමු එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහර දී ලකුණු 131 කට දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ කඩුලු එකපිට එක ඇදවැටෙමින් පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගොස් යළි ක්‍රීඩාගාරය වෙත පැමිණීමේදී මාෂ් ඔවුන්ගේ චිත්ත ධෛර්්‍ය ඉහළ නැංවීම කෙරෙහි අවධානයක් යොමු නොකළ බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඔහුගේ අවධානය යොමු වී තිබුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 කින් දකුණු අප්‍රිකාවට පරාජය වූ කේප්ටවුන් හි පැවැති පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 47කට බිඳ වැටීම කෙරෙහිය. එම තරගයේ පළමු ඉනිමේදී ෂෝන් ලකුණු 44ක් රැස් කළ අතර 11 වැනිදා ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියේ සිය පියා වූ ජෙෆ් කණස්සල්ලට පත් කරමිනි. ෂෝන් ගේ බාල සොයුරු මිචෙල් දකුණු අපි‍්‍රකාවට එරෙහිව සෙන්චූරියන් හි පැවැති එක්දින තරගයෙන් තරගයේ දී සිය මංගල ඉනිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 8 ක් රැස් කළේය. ජෙෆ් මාෂ් ගේ මෙම ක්‍රියා කලාපය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අඳුරට තල්ලු කිරීමක් විය හැකිය.

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසුබෑමකට ලක්වී සිටින පාකිස්තානය වැනි කණ්ඩායමකට එරෙහිව සිය තනතුරෙහි පළමු තරගමාලාවම පරාජයට පත්වීම ඊට සාක්ෂියකි. පුහුණුකරුවකු ලෙස මාෂ් සිය කණ්ඩායම කෙරෙහි අඩු අවධානයක් දැක්වීමට අමතරව කණ්ඩායමේ ඇතැම් අභ්‍යන්තර ගැටලු ද අරාබි වැලි කතරේ ශ්‍රී ලංකා පිලේ දුර්වල ක්‍රීඩා විලාශයට හේතු වී තිබේ. කණ්ඩායමේ කළමනාකරුගේ වාර්තාව අනුව ශ්‍රී ලංකා පිලේ දුර්වල ක්‍රීඩා විලාශයට බලපෑ කරුණු සෙවීමට ක්‍රිකට් බලධාරීන් වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් ඇරැඹිය යුතුය. ඔස්ට්‍රේලියාවේ හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ සහ ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක තාවකාලිකව පුහුණුකාර තනතුර දැරීමෙන් පසුව ජෙෆ් මාෂ් ශ්‍රී ලංකා පිලේ නිත්‍ය පුහුණුකරු ලෙස පත්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ 27 වැනිදාය.

    Marsh.jpg




    මොකද මේ ගැන හිතන්නේ!!! :oo::oo:





    source



     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලංකාවෙ ටීම් එකේ වැරදි ගැන අවධානය යොමු නොකර මැච් එක බලපු එක නං අනුමත කරන්න බැහැ.... :no:
     
    Sep 12, 2011
    884
    120
    0
    බලපන් දැන් පාකිස්තානේ කෝච් ඉස්සර හිටියේ වකාර් යුනිස්, උන්ගේම එකෙක්, දැනුත් ඉන්නේ Mohsin Khan කියල එකෙක්. එත් ඇයි අපට බැරි අපේම කෙනෙක් ව කෝච් හැටියට දාගන්න.
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ලංකාවෙ ටීම් එකේ වැරදි ගැන අවධානය යොමු නොකර මැච් එක බලපු එක නං අනුමත කරන්න බැහැ.... :no:

    මහ නිළමේ;11496469 said:
    බලපන් දැන් පාකිස්තානේ කෝච් ඉස්සර හිටියේ වකාර් යුනිස්, උන්ගේම එකෙක්, දැනුත් ඉන්නේ Mohsin Khan කියල එකෙක්. එත් ඇයි අපට බැරි අපේම කෙනෙක් ව කෝච් හැටියට දාගන්න.

    මු Australia එක්ක Sri lanka match එකක් තියනකොට මොනව කරයිද දන්නේ නැ.:no:
     
  • Jun 30, 2011
    31
    5
    8
    මම ඒකාලෙම කිව්වා ඔහොමවෙයි කියලා....!!!:angry::angry::angry::angry: දැනට මෙහෙමනම් පුතාලා දෙන්නම ලංකාවට ගහද්දි මේ තාත්තා මොනව කරයිද..?????:P:P:P:P බැරිනම් මොන මගුලටද පුහුණු තනතුර භාරගත්තේ...???? පුතාලව පුහුණු කලානම් ඉවරයිනේ...????? :confused::confused::confused::confused::confused: