කතන්දරකරුවො නෑ බං

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය එකමුතුකමේ ප්‍රතිපල හැටියටනෙ කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නැති උනා කියන්නෙ විප්ලව කරන්න ගිහින්. බලේ තියෙන කාලේ පිස්සු නටල දැන් බලේ නැති කාලේ ස්ටේජ් වල කොඩි කණු හිටෙව්වට වැඩක් නෑ නෙ. අපේ අම්මල නං කියන්නෙ ජීවිතේ තියෙන තාක් කල් JVP කාරයින්ට නං ආය චන්දයක් දෙන්නේ නෑ කියල. එක පාරක් චන්දෙ දීල මට ගහල එලෙව්වේ නැති ටික විතරයි ගෙදරින් :dull:
    හා උඹ ගෙදර අයගෙ හොඳ පුතා විදියටම ඉඳපන්:yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Mona hats off ද බන් මේ කාලකන්නි රට කාල කාල මුන්ට දැන් බල්ලෙක්වත් නෑ යූඑන්පී එකත් එක්ක නිදියගත්තට පස්සෙ... :lol::lol: උඹ මේ hats off කරනව :rofl::rofl::rofl::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා උඹ ගෙදර අයගෙ හොඳ පුතා විදියටම ඉඳපන්:yes:
    :yes: ගෙදර අය දන්න බම්බුව තමා කියල මමත් දවසක් දුන්න චන්දෙ JVP එකට. එදා අම්ම මෙහෙ වරෙන් කියල කියල දුන්න JVP එකේ ඉතිහාසේ කටඋත්තර නැතිවෙන්න :yes: ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගත්ත ඉතිහාසේ නෙවේ අම්මල තාත්තල ඇස් දෙකෙන් දැකල අත්විඳපු ඉතිහාසේ. ආය නං චන්දෙ කුරුටු ගෑවත් JVP නං දෙන්නේ නෑ කියල හිතාගත්ත. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes: ගෙදර අය දන්න බම්බුව තමා කියල මමත් දවසක් දුන්න චන්දෙ JVP එකට. එදා අම්ම මෙහෙ වරෙන් කියල කියල දුන්න JVP එකේ ඉතිහාසේ කටඋත්තර නැතිවෙන්න :yes: ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගත්ත ඉතිහාසේ නෙවේ අම්මල තාත්තල ඇස් දෙකෙන් දැකල අත්විඳපු ඉතිහාසේ. ආය නං චන්දෙ කුරුටු ගෑවත් JVP නං දෙන්නේ නෑ කියල හිතාගත්ත. :yes:
    ඉතිහාසෙ කාගෙත් කුනු තියෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිහාසෙ කාගෙත් කුනු තියෙනව
    මේ කුණු ගොඩ ලේසි කුණු ගොඩක් නෙවේ නෙ. ජීවිත බර ගානක මිනී ගොඩගහගපු කුණු ගොඩක් නෙ. ඔය සිලි සිලි බෑග්, සැමන් ටින්, යෝගට් කෝප්ප තියෙන කුණු ගොඩවල් වගේ ලේසි නෑ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    if this jvp never happened we would have become a rich country easily.They took our prime era of development . we would have had highways since 90's, we would have had great bus service from that era and lot more. They asked people to resign from army and if not to kill them. T:(:(he total assets they destroyed and economic time they took us from values easily over staggering usd 800m:):(:( i know we all would have had better life not for these time wasters. even these days still they block roads at least

    ask from ur parents why this country face this much issues and why not a developed country and their history :) never ever let that mistake happen they are useless
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය එකමුතුකමේ ප්‍රතිපල හැටියටනෙ කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නැති උනා කියන්නෙ විප්ලව කරන්න ගිහින්. බලේ තියෙන කාලේ පිස්සු නටල දැන් බලේ නැති කාලේ ස්ටේජ් වල කොඩි කණු හිටෙව්වට වැඩක් නෑ නෙ. අපේ අම්මල නං කියන්නෙ ජීවිතේ තියෙන තාක් කල් JVP කාරයින්ට නං ආය චන්දයක් දෙන්නේ නෑ කියල. එක පාරක් චන්දෙ දීල මට ගහල එලෙව්වේ නැති ටික විතරයි ගෙදරින් :dull:

    එතකොට දැන් jvp එකට බලය හම්බුනත් උන් මිනි මරයිද ඉස්සර වගේ ? :shocked: ඒ මොකද ඒ ? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට දැන් jvp එකට බලය හම්බුනත් උන් මිනි මරයිද ඉස්සර වගේ ? :shocked: ඒ මොකද ඒ ? :oo:
    බලේ නැති කාලේ බලේ බලහත්කාරෙන් ගන්නනේ මිනි මැරුවේ. බලේ හම්බුනොත් මිනි මරන්න ඕනේ නෑනෙ නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලේ නැති කාලේ බලේ බලහත්කාරෙන් ගන්නනේ මිනි මැරුවේ. බලේ හම්බුනොත් මිනි මරන්න ඕනේ නෑනෙ නේ.

    ඉතින් ඒකනේ .. එහෙනං දැන් මොකක්ද jvp එකට බය වෙන්න තියෙන හේතුව ? :confused:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය එකමුතුකමේ ප්‍රතිපල හැටියටනෙ කොල්ලෝ කෙල්ලෝ දාස් ගානක් නැති උනා කියන්නෙ විප්ලව කරන්න ගිහින්. බලේ තියෙන කාලේ පිස්සු නටල දැන් බලේ නැති කාලේ ස්ටේජ් වල කොඩි කණු හිටෙව්වට වැඩක් නෑ නෙ. අපේ අම්මල නං කියන්නෙ ජීවිතේ තියෙන තාක් කල් JVP කාරයින්ට නං ආය චන්දයක් දෙන්නේ නෑ කියල. එක පාරක් චන්දෙ දීල මට ගහල එලෙව්වේ නැති ටික විතරයි ගෙදරින් :dull:

    ඒකාලෙ නෙවෙයි හර්කො දැන්, සමාජයේ කාලෙන්කාලෙට විප්ල්ව තියෙන්නෙ ඕනෙ නැත්තන් රටේ දූඋශණ පාතාලෙ ඉහලයෑම් සිද්ද වෙනවා, තොපිඋ වගේ උන් හින්ද තමායි මේරට හමුදා රාජ්‍යක් වෙලා තියෙන්නෙ. කැවා බිව්වනන් බුදියගනින් ගිහින් මෙතන ඇවිත් පඩ අරින්නෙ නැතුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඒකනේ .. එහෙනං දැන් මොකක්ද jvp එකට බය වෙන්න තියෙන හේතුව ? :confused:
    දැන් විශේෂ බයකුත් නෑ. විශේෂ කැමැත්තකුත් නෑ. :yes:
    හැබැයි පරණ ප්‍රතිපත්ති අතැරලා නෑ නෙ තාම. හඳුන්නෙත්ති දවසක් කිව අපි සන්නද්ධ අරගලෙකට ගිය එක වැරදි අපිට සමාවෙන්න කියල. හැබැයි තාම විජේවීරව සමරනව, එයාගේ ගුණ වර්ණනා කරනව. එයාගේ අඩි පාරේ යන්නේ කියනව. කවුරුත් කියන්නෙ නෑ නෙ විජේවීර ගත්ත තීරනෙ වැරදි අපි එයාට රැවටුන කියල. ඒ හින්ද හෙට අලුත් විජේවීර කෙනෙක් බිහිවෙල යමන් විප්ලවෙට කිවොත් එක පයින් යන්න බැරි නෑ.

    සම්බන්ධන් එහෙම තුවක්කු අරන් මිනි මරපු අය නොවෙන බව හොඳටම දැනගෙනත් උනත්, LTTE යුද්දෙන් පරාද බව දැනගෙන උනත් තාම දෙමල සන්දානෙ ගැන අවිස්වාසයක් තියෙන්නෙ දෙගොල්ලොගෙම ටාගට් එක එක බව දන්න නිසානේ. ඒ වගේ තමා.

    අනික තාම JVP එකේ බලපෑම තියෙන කැම්පස් වල උන් වැඩකරන හැටි දැක්කම තේරෙනව පරණ විදියම තමා යන්නේ කියල. ශිෂ්‍ය සංගම් වල ඔය එළියේ කෑ ගහන ප්‍රජාත්රන්ත්රවාදේ බින්දුවක් වත් නෑ. නවක වදේ වගේ දේවල් උනත් තියෙන්න ඔය කට්ටියගේ බලපෑම තියෙනවනෙ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකාලෙ නෙවෙයි හර්කො දැන්, සමාජයේ කාලෙන්කාලෙට විප්ල්ව තියෙන්නෙ ඕනෙ නැත්තන් රටේ දූඋශණ පාතාලෙ ඉහලයෑම් සිද්ද වෙනවා, තොපිඋ වගේ උන් හින්ද තමායි මේරට හමුදා රාජ්‍යක් වෙලා තියෙන්නෙ. කැවා බිව්වනන් බුදියගනින් ගිහින් මෙතන ඇවිත් පඩ අරින්නෙ නැතුව.
    උඹලගේ මේ ජනවාරි අට ආප්ප විප්ලවේ ගැන නෙවේ මේ කියන්නෙ. කලින් තිබ්බ ටයර් සෑ විප්ලවේ ගැන. පුළුවන් නං පටන් ගනින්කෝ ඒ ජාතියේ එකක් තව විසි තිස් දාහක් කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑ වල යවන්න ජනගහනේ පාලනේ වෙන්නත් එක්ක. දෙපාරක්ම ඔය විප්ලවෙ කරල රටට සාමය සෞභාග්‍යය ගෙනාවනේ මදි නොකියන්න.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹලගේ මේ ජනවාරි අට ආප්ප විප්ලවේ ගැන නෙවේ මේ කියන්නෙ. කලින් තිබ්බ ටයර් සෑ විප්ලවේ ගැන. පුළුවන් නං පටන් ගනින්කෝ ඒ ජාතියේ එකක් තව විසි තිස් දාහක් කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑ වල යවන්න ජනගහනේ පාලනේ වෙන්නත් එක්ක. දෙපාරක්ම ඔය විප්ලවෙ කරල රටට සාමය සෞභාග්‍යය ගෙනාවනේ මදි නොකියන්න.
    විප්ලව යුද්ධ හරියන වෙලාවලුත් තියෙනව. එතනදි මිනිස්සු මැරෙන එකට කරන්න දෙයක් නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විප්ලව යුද්ධ හරියන වෙලාවලුත් තියෙනව. එතනදි මිනිස්සු මැරෙන එකට කරන්න දෙයක් නැහැ
    :sorry::sorry::sorry: කවුරුහරි උඹේ අම්මව විප්ලවේ වෙනුවෙන් කියල මරල දැම්මොත් එල මචන් කමක් නෑ විප්ලවෙට ජයවේවා කියනවද උඹ :(
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :sorry::sorry::sorry: කවුරුහරි උඹේ අම්මව විප්ලවේ වෙනුවෙන් කියල මරල දැම්මොත් එල මචන් කමක් නෑ විප්ලවෙට ජයවේවා කියනවද උඹ :(
    සමහර වෙලාවට කැපකිරීම් කරන්න වෙයි. ඔව්.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උඹලගේ මේ ජනවාරි අට ආප්ප විප්ලවේ ගැන නෙවේ මේ කියන්නෙ. කලින් තිබ්බ ටයර් සෑ විප්ලවේ ගැන. පුළුවන් නං පටන් ගනින්කෝ ඒ ජාතියේ එකක් තව විසි තිස් දාහක් කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑ වල යවන්න ජනගහනේ පාලනේ වෙන්නත් එක්ක. දෙපාරක්ම ඔය විප්ලවෙ කරල රටට සාමය සෞභාග්‍යය ගෙනාවනේ මදි නොකියන්න.

    ටයර් සෑ විප්ලවේ නැතිකලේ මහින්ද්ද? මහින්ද නන් කිසිම විප්ලවයක් කලේ නෑ කියන එක පිලිගන්න ඕනෙ, ජනගහනය පාලණේ වෙන්න නෙවෙයි දැන් මේරටේ ජනගහනය මදි ඒකයි විප්ලාවයක් කරන්නෙ නැත්තෙ අනික දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ, ඒක ජනවාරි 8 වෙනිදයින් ඔප්පු උනානේ:cool: ; දැන් ඕනෙ මිනිස්සුන්ගෙ ඇස් පාදන්න බොරු ආගමික මතවාද වලින් ඔලුව නරක්කරගෙන ඉන්න හා ඒවට උඩගෙඩි දෙන අවස්ථාවාදී දේශපාලුවොටික පාලනයකරන්න තමයි ඔය විප්ලවය නැත්තං සීතල යුද්ධයක් කරන්න වෙලා තියෙන්නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් විශේෂ බයකුත් නෑ. විශේෂ කැමැත්තකුත් නෑ. :yes:
    හැබැයි පරණ ප්‍රතිපත්ති අතැරලා නෑ නෙ තාම. හඳුන්නෙත්ති දවසක් කිව අපි සන්නද්ධ අරගලෙකට ගිය එක වැරදි අපිට සමාවෙන්න කියල. හැබැයි තාම විජේවීරව සමරනව, එයාගේ ගුණ වර්ණනා කරනව. එයාගේ අඩි පාරේ යන්නේ කියනව. කවුරුත් කියන්නෙ නෑ නෙ විජේවීර ගත්ත තීරනෙ වැරදි අපි එයාට රැවටුන කියල. ඒ හින්ද හෙට අලුත් විජේවීර කෙනෙක් බිහිවෙල යමන් විප්ලවෙට කිවොත් එක පයින් යන්න බැරි නෑ.

    සම්බන්ධන් එහෙම තුවක්කු අරන් මිනි මරපු අය නොවෙන බව හොඳටම දැනගෙනත් උනත්, LTTE යුද්දෙන් පරාද බව දැනගෙන උනත් තාම දෙමල සන්දානෙ ගැන අවිස්වාසයක් තියෙන්නෙ දෙගොල්ලොගෙම ටාගට් එක එක බව දන්න නිසානේ. ඒ වගේ තමා.

    අනික තාම JVP එකේ බලපෑම තියෙන කැම්පස් වල උන් වැඩකරන හැටි දැක්කම තේරෙනව පරණ විදියම තමා යන්නේ කියල. ශිෂ්‍ය සංගම් වල ඔය එළියේ කෑ ගහන ප්‍රජාත්රන්ත්රවාදේ බින්දුවක් වත් නෑ. නවක වදේ වගේ දේවල් උනත් තියෙන්න ඔය කට්ටියගේ බලපෑම තියෙනවනෙ.

    මං ඔය ඉතිහාසය ගොඩක් දන්නේ නෑ.. හැබැයි එදා තිබ්බ සමාජේ හැටියට විජේවීර වැරදි නෑ කියල තමයි මම හිතන්නේ .. මන් කියන්නේ මිනි මරපු එක නෙවෙයි .. මන් කියන්නේ චේතනාව.. කොහොම හරි .. ගොඩක් අය අද කාලෙත් එක්ක තමයි ඒ කාලේ සංසන්දනය කරන්න යන්නේ .. මන් දැක්ක ගොඩක් අය කියන්න ජේවීපී කාරයෝ ආමි එකේ කොල්ලන්ව මැරුව.. මිනිස්සු මැරුව වගේ කතා .. හැබැයි මන් දන්න විදිහට ඒ දවස් වල ලංකාවේ හමුදාව කියන්නේ පාලකයන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කරපු කුලී හමුදාවක් වගේ සෙට් එකක් . ලංකාවේ හමුදාව උනත් මානුෂිය වෙන්න ගත්තේ පස්සේ කාලෙක මන් හිතන්නේ :sorry:

    ඒ වගේම ඒ කාලේ දේශපාලකයෝ අතරත් තිබිල තියෙන පරිසරයක් තමයි , සටන් පාටයක් තමයි සමාජවාදී පාලනයක් බිහි කරනවා කියන එක .. දැන් අපේ දේශපාලකයෝ කාර් දෙන්නන් , පඩි වැඩි කරන්නන් , බඩු මිල අඩු කරන්නන් කියල පොරොන්දු දීල බලේ ගන්න දඟලනවා වගේ ඒ කාලේ තිබිච්ච හැමෝම බලේට එන්න පාවිච්චි කරපු සටන් පාඨයක් තමා ඕක .. මන් ඕක ගැන කියව්ව H.P සිරිවර්ධනගේ "දේශපාලකයන් නැති ලෝකය" කියන පොතේ :yes: ඉතින් ඒ වගේ සමාජ රටාවක් ඇතුලේ විජේවීරගේ අරමුණු හරි ඇති.

    කැම්පස් උන් ගැන නං කතා කරන්න මන් දන්නේ නෑ මන් කැම්පස් ගිහින් නැති නිසා .. හැබැයි , හොරා කන්නත් විප්ලව කරන අද වගේ කාලෙක විප්ලවේ කියන වචනේ කිය කිය කොච්චර දන්ගලුවත් වැඩක් වෙයි කියල මමත් හිතන්නේ නෑ... කොහොම හරි ඉදිරි අවුරුදු ගානකටම ජවිපෙට සැලකියයුතු බලයක් හම්බෙයි කියල මම නං විශ්වාස කරන්නේ නෑ.. හැබැයි එහෙම වෙන්න කලින් අඩුම තරමේ අපේ රටේ මේ තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති ගරාවටිච්ච ධනේශ්වර ක්‍රමයවත් හරියට හැදෙනවා නං ලොකු දෙයක් .. :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මිනිස්සුන්ට මොනවා උනත් ඉස්සෙලාම පාරට බහින්නේ මුන ටික... මිනිස්සුන්න්ට වෙන හැම අසාදාරනයක් ගැනම කතා කරන්නේ මුන ටික...ඊයෙත් මැයි රැලිය ඉවර වෙලා පිට්ටනිය සුද්ද කරපු එකම එවුන් ටික...කොච්චර හොද කලත් චන්දේ දෙන්නේ නෑ කරුමෙට උන් වෙනුවෙන්ම පෙනී ඉන්න මිනිස්සු... කරන්න දෙයක් නෑ පෙර වැරදි.. අනිත් පක්ෂ හැමදාම ඒවා market කරනවා... උන් කරන වැරදි සතියයි 2යි මුන් කරන ඒවා සදාකාලිකයි...