දැන් විශේෂ බයකුත් නෑ. විශේෂ කැමැත්තකුත් නෑ. 
හැබැයි පරණ ප්‍රතිපත්ති අතැරලා නෑ නෙ තාම. හඳුන්නෙත්ති දවසක් කිව අපි සන්නද්ධ අරගලෙකට ගිය එක වැරදි අපිට සමාවෙන්න කියල. හැබැයි තාම විජේවීරව සමරනව, එයාගේ ගුණ වර්ණනා කරනව. එයාගේ අඩි පාරේ යන්නේ කියනව. කවුරුත් කියන්නෙ නෑ නෙ විජේවීර ගත්ත තීරනෙ වැරදි අපි එයාට රැවටුන කියල. ඒ හින්ද හෙට අලුත් විජේවීර කෙනෙක් බිහිවෙල යමන් විප්ලවෙට කිවොත් එක පයින් යන්න බැරි නෑ.
සම්බන්ධන් එහෙම තුවක්කු අරන් මිනි මරපු අය නොවෙන බව හොඳටම දැනගෙනත් උනත්, LTTE යුද්දෙන් පරාද බව දැනගෙන උනත් තාම දෙමල සන්දානෙ ගැන අවිස්වාසයක් තියෙන්නෙ දෙගොල්ලොගෙම ටාගට් එක එක බව දන්න නිසානේ. ඒ වගේ තමා.
අනික තාම JVP එකේ බලපෑම තියෙන කැම්පස් වල උන් වැඩකරන හැටි දැක්කම තේරෙනව පරණ විදියම තමා යන්නේ කියල. ශිෂ්‍ය සංගම් වල ඔය එළියේ කෑ ගහන ප්රජාත්රන්ත්රවාදේ බින්දුවක් වත් නෑ. නවක වදේ වගේ දේවල් උනත් තියෙන්න ඔය කට්ටියගේ බලපෑම තියෙනවනෙ.
මං ඔය ඉතිහාසය ගොඩක් දන්නේ නෑ.. හැබැයි එදා තිබ්බ සමාජේ හැටියට විජේවීර වැරදි නෑ කියල තමයි මම හිතන්නේ .. මන් කියන්නේ මිනි මරපු එක නෙවෙයි .. මන් කියන්නේ චේතනාව.. කොහොම හරි .. ගොඩක් අය අද කාලෙත් එක්ක තමයි ඒ කාලේ සංසන්දනය කරන්න යන්නේ .. මන් දැක්ක ගොඩක් අය කියන්න ජේවීපී කාරයෝ ආමි එකේ කොල්ලන්ව මැරුව.. මිනිස්සු මැරුව වගේ කතා .. හැබැයි මන් දන්න විදිහට ඒ දවස් වල ලංකාවේ හමුදාව කියන්නේ පාලකයන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කරපු කුලී හමුදාවක් වගේ සෙට් එකක් . ලංකාවේ හමුදාව උනත් මානුෂිය වෙන්න ගත්තේ පස්සේ කාලෙක මන් හිතන්නේ
ඒ වගේම ඒ කාලේ දේශපාලකයෝ අතරත් තිබිල තියෙන පරිසරයක් තමයි , සටන් පාටයක් තමයි සමාජවාදී පාලනයක් බිහි කරනවා කියන එක .. දැන් අපේ දේශපාලකයෝ කාර් දෙන්නන් , පඩි වැඩි කරන්නන් , බඩු මිල අඩු කරන්නන් කියල පොරොන්දු දීල බලේ ගන්න දඟලනවා වගේ ඒ කාලේ තිබිච්ච හැමෝම බලේට එන්න පාවිච්චි කරපු සටන් පාඨයක් තමා ඕක .. මන් ඕක ගැන කියව්ව H.P සිරිවර්ධනගේ "දේශපාලකයන් නැති ලෝකය" කියන පොතේ

ඉතින් ඒ වගේ සමාජ රටාවක් ඇතුලේ විජේවීරගේ අරමුණු හරි ඇති.
කැම්පස් උන් ගැන නං කතා කරන්න මන් දන්නේ නෑ මන් කැම්පස් ගිහින් නැති නිසා .. හැබැයි , හොරා කන්නත් විප්ලව කරන අද වගේ කාලෙක විප්ලවේ කියන වචනේ කිය කිය කොච්චර දන්ගලුවත් වැඩක් වෙයි කියල මමත් හිතන්නේ නෑ... කොහොම හරි ඉදිරි අවුරුදු ගානකටම ජවිපෙට සැලකියයුතු බලයක් හම්බෙයි කියල මම නං විශ්වාස කරන්නේ නෑ.. හැබැයි එහෙම වෙන්න කලින් අඩුම තරමේ අපේ රටේ මේ තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති ගරාවටිච්ච ධනේශ්වර ක්‍රමයවත් හරියට හැදෙනවා නං ලොකු දෙයක් ..
