කතරගම දෙවියන්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    කතරගම දෙවියන් තවුතිසා දිව්‍ය ලෝකයේ ජීවත් වෙනවා – කතරගම ප‍්‍රධාන කපු මහතා

    එක්තරා ජ්‍යෙතීර්වේදියෙක් සිදුකළ ප‍්‍රකාශයක් නිසා පසුගිය දිනවල කතරගම දෙවියන් ජීවමානව දැකගත හැකි යන පුවත මාධ්‍යන් තුළ පළ වුණි.ඒ සමගම බොහෝ ජනයා කතරගම දෙවියන් ජීවමානව දැකබලා ගැනීම සදහා කතරගමට පැමිණුන අතර,ඒ හේතුවෙන් කතරගම පුරවරය දැඩි නොසන්සුන් බවක් උසුලනු ලැබීය.

    ඒ පිළිබදව අපි කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතාගෙන් විමසීමක් කළෙමු.

    දෙවියන් ජීවමානව මිනිසුන්ට දකින්න පුළුවන්ද?

    දෙවියන් ජීවමානව ලෙහෙසි පහසු කෙනෙකුට දකින්න අමාරුයි.ඒකට හේතුව දෙවියන් කියන්නේ මනුස්සයින්ට වඩා උසස් තත්ත්වයකින් ජීවත්වන අය වීමයි.දෙවියන් ජීවත් වෙන්නේ තවුතිසා දිව්‍ය ලෝකයේ.කතරගම දෙවියන් වුවත් වැඩ වාසය කරන්නේ එම දිව්‍ය ලෝකයේ.අපි කරන පුද පූජා වලට දිවැස් බලනඑක තමයි දෙවියන් සිදුකරන්නේ.අපි පිරිසිදුව වතාවත් වතාවත් කරනකොට උන්වහන්සේලා කරන්නේ දිවැස් බලන එක.දිවැස් බලනකොට අපිට අමුතු ආලෝකයක් තමයි බලාගන්න තියෙන්නේ.සමහරු දෘශ්‍යමාන වෙනවා හා ජීවමාන වෙනවා කියන්නේ එකක් කියලයි හිතන්නේ.දෘශ්‍යමාන වෙනවා කියන්නේ ජීවමාන වෙනවා කියන එකට නෙමේ.ඒ දෙක වෙනස්.දෙවියන් ජීවමාන තමයි. නමුත් ලෙහෙසියෙන් පහසුවෙන් දෙවියන් දැකගන්න බැහැ.සිහිනෙන් දෙවියන් දුටුවත්,අපට පේන්නේ ඒ දිව්‍ය ශරීර නොවෙයි.එක්කෝ සාමි කෙනෙක් වගේ,එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තන්ගෙ කෙනෙක් වගේ.

    රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ අවස්ථා තිබෙනවනේ. ඇසල මංගල්‍ය වගේ පෙරහර පටන්ගන්නා දවසට, දියකපන දවසට, එහෙම ඒ ස්ථානවල අමුතු ආලෝකයක් අපිට දැකගන්න පුළුවන්.එතකොට අමුතු සුවදක් එනවා.ඒකෙන් තමයි අපි තේරුම් ගන්නේ දෙවියෝ දිවැස් බලනවා කියලා.

    එහෙම දෙවියන් ජීවමාන වෙනවා යැයි පිළිගත හැනි අත්දැකීම් තියනවද?

    පෞරාණික අත්දැකීමක් තියෙනවා. ඕලන්ද යුගයේදී මේ රෝහණ ජනපදය සම්පූර්ණයෙන්ම විනාශ කළානේ.පස්සේ මේවා ජනශූන්‍ය වුණා. ඒක තමයි මෙහෙ තාමත් තියෙන්නේ.අපේ තාත්තලා උපන්නේ මේ කටගමුවෙමයි.රුහුණු මහා කතරගම දේවාලයේ නිලපංගු,ප‍්‍රවේණි පංගු ලෙස පත්කර, පසුව ඒ ඒ කපුගොල්ලන්ට නින්දගමක් ලෙස දුන්නු ඉඩම් තමයි මේ කටුගමුව.මේ ගොල්ලන්ගේ කාර්යය තමයි ඇසල සමයේ දේව කටයුතු කිරීම.බැද්දේ කණු කැපීම, මණ්ඩපයේ කණු කැපීම, දෙවියන් වැඩම වීම කියන කාර්යය සදහා තමයි මේ නින්දගම දීලා තියෙන්නේ. ඕලන්ද ජාතිකයන් වැව් අමුණු පවා කඩලා රෝහණ ජනපදය විනාශ කළාට පස්සේ ගැටලූවක් ඇති වුණා.එදා තිබුණේ කෘෂිකාර්මික වටපිටාවක්. එතකොට තේ,රබර්,පොල් ආර්ථිකයට දායක වුණේ නෑ.ඒවා අඩපණ වුණාට පස්සේ ඇසළ උත්සවය කරන්නේ කොහොමද කියලා මේ අය කල්පනා කළා.වර්ථමාන බස්නායක නිළමේ නිලය එදා මහ බෙත්මේ කියලයි හැදින්වුයේ. මේ අය හිටියේ මාගම.මෙහේ හිටිය කපුගොල්ල ගිහින් ඒ අය එක්ක සාකච්ඡුා කළා ඇසළ උත්සවය කොහොමද පවත්වන්නේ කියලා.අවසානයේ තීරණය වුණා ඇසල උත්සවය නවත්වන්න.ඒ තීරණය ගන්නාවිටම මෙහි ඇති නිදන් ගල උඩ සුදු ඇදගත්ත අත්භූත පුද්ගලයෙක් මේ අය දැක්කා.ඊට පස්සේ මේ අය බැලූවා කවුද මේ අත්භූත පුද්ගලයා කියලා.එතකොට ඒ පුද්ගලයා ඇහුවා ‘මගේ මංගල්‍ය කරන්නේ නැද්ද කියලා’ එතකොට ඒ අය දැනගත්තා ඒ කතරගම දෙවියන් කියලා. දොහොත් මුදුන් දීලා වැදලා ‘ඔබ වහන්සේට පේන්නැද්ද අපට සිදුවී ඇති විනාශය’කියලා ඔවුන් ඇසුවා.දෙවියන් වහන්සේ එවිට කිව්වා ‘බයවෙන්න එපා මගේ මංගල උත්සවය කරන්න.මගේ මුළුතැන් මංගල්‍ය කරලා අවසර ගන්න සක්පිඹ වදිනවානේ.අන්න ඒ අවස්ථාවේ මේ හතර දික්භාගයෙන් මගේ පූජෝපහාර අලංකාර කරගැනීමට පැමිණෙන බැතිමතුන්ට සෙත් පතන්න කිව්වා.එවිට සාර්ථකව එය කරගෙන යා හැකියි’යනුවෙන්.ඒ චාරිත‍්‍රයතමයි අදටත් පවත්වාගෙන යන්නේ.එදා දෙවියන් දෘෂ්‍යමාන වෙලා තිබුණා.

    මෑතකදී එහෙම අත්දැකීමක් නැද්ද?

    මෑතකදී එහෙම නෑ.එක්තරා ජ්‍යෝතීර්වේදියෙක් කියලා තිබුණා එහෙම දෘශ්‍යමාන වෙනවා කියලා.ඒ ප‍්‍රකාශයත් එක්ක තමයි මාධ්‍ය විසින් ඒ දේ හොයන්න ගත්තේ.

    එහෙනම් දෙවියන් කියන්නේ සංකල්පයක් පමණද?

    නෑ එහෙම වෙන්නේ බෑනෙ.බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වෙලා හිටියේ.ඒ රජතුමා සෝවාන් ඵලයට පත්වූ දවසෙම රාත‍්‍රී බුදුරජාණන් වහන්නේ බැහැදකින්න ජේතවනාරාමයට ගියා.බුදුරජාණන් වහන්සේ සංකප්ප නුවරට වඩින දිනයේදීම තමයි මහජනයාට අමුතු ආලෝකයක් දැකගන්න පුළුවන් වෙලා තියෙන්නෙත්.ඒ කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ එක්ක දෙවියන් පැමිණිලා තියනවා.

    දුටුගැමුණු මහරජතුමා කතරගම දෙවියන්ට භාරවුණා යුද්දෙන් ජයගන්න ලැබුණොත් රන් උළු මාලිගාවක් හදල දෙන්නම් කියලා.දුටුගැමුණු රජතුම දිය කපන්න යද්දි තමයි කතරගම දෙවියන් දෘශ්‍යමාන වුණේ.

    යුද්දෙන් ජයගත්තට පස්සේ රජතුමා වැඩිහිටි කන්දට ඇවිත් අධිෂ්ඨාන කළා.එවිට දෙවියන් දෘශ්‍යමාන වුණා.මම ඔබවහන්සේට භාරය ඉෂ්ඨ කරන්නම් කියලා කියනවිට ‘අනාගතයේ කළුවර කාලය කියලා කාලයක් එනවා.මේ කාලයේදී බිහිවන මිනිසුන් දෙමාපියන්ට සලකන්නේ නෑ.වැදගත් අයට සලකන්නේ නෑ.දෙවියන්ට සලකන්නේ නෑ.ඒ නිසා මට අපකීර්තියක් වෙනවා.රන් උළු මාලිගයක් නෙමේ,රන් කොත් මාලිගයක් හදලා දෙන්න’කියලා දෙවියක් කිව්වා.ඔබ වහන්සේ හදන තැන පෙන්වන්න කිව්වා.හීයක් විදින්න,ඒ හීය වැටෙන තැන හදන්න කියලා දෙවියන් කිව්වා.අන්න ඒ ස්ථානයේ තමයි දුටුගැමුණු රජතුමා දේවාලය ඉදිකළේ.ඉදිකරලා ඉරහ`ද පවතිනතුරු කරගෙන යන්න කියලා භාරවුණා.ඒ නිසා දෙවියන් සංකල්පයක් වෙන්නේ නෑ.

    අතීතයේ ජීවමාන වෙලා තියෙනවා කියන්නේ,වර්තමානයේ එහෙම වෙලා නැද්ද?

    වර්තමානයේ කතරගමට ජාති,ආගම් උස් පහත් භේදයකින් තොරව බැතිමතුන් පැමිණෙනවා.මේ තැනට මේ තරම් ජනකායක් ඇදී එන්නෙ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තියෙන නිසානේ.ඒ අය භාරවෙනවා.ඒවා ඉෂ්ඨ වෙනවා.එතකොට දෙවියෝ ජීවමානයිනේ.

    ඔබ කියූ පරිදි දෙවියන් මනුෂ්‍යයන්ට වඩා උසස්.එහෙම නම් මනුෂ්‍ය ශරීරයකට දෙවිකෙනෙකු පැමිණිය හැකිද?

    දෙවියන්ටනර සත්වයන්ගේ ගද යොදුන් සීයක් දැනෙනවලූ.එහෙම වුණහම දෙවියන් මනුෂ්‍යයින්ට කිට්ටු වෙයිද?එක එක්කෙනාට එක එක ආවේග තියනවනේ.සමහරුන්ට ආවේගයක් ආවම මොන තරම් දෙයක් කළ හැකිද?ආවේග ආවම කි‍්‍රයා කරන්නේ විවිධ අයුරින් (නටනවා,උඩපනිනවා) සමහර සාමිවරු ඇවිත් දෙවියන් විදිහට කතා කරනවා.ඒ මානසිකව සිදුකරන දේවල්.

    දෙවියන් වෙනුවෙන් පහන තියන්න වෙලාවල් තියනවා නේද?

    ඔව්.උදේ පාන්දර බ‍්‍රහ්ම මූර්තිය.හැන්දෑවේ හය පසුවුණාම වගේ මේ මූර්ත බලලා තමයි තියන්න ඕන.දවල් දොළහ පහුවෙලා පහන් තියන්න හො`ද නෑ.? දොළහට ගමන් කරන්නේ යක්ෂ සේනාධිපතියන්.

    කතරගම දේව භූමිය තුළ වුණත් පූජාවට්ටියේ තබන මුදලට ප‍්‍රමුඛතාවය හිමිවෙනවා නේද?

    බුද්ධිමතෙක් වුණාම කල්පනා කරලා බලන්න ඕන,අපිට මේ තත්ත්වය ලැබුණේ ඇයි කියලා.දහදෙනෙක් ගත්තම දහදෙනා දහ විදියක්.මම අදහන්නේ බුදු දහම.දහදෙනා දහ විදිහකට ඉන්නේ පෙර පිං නිසා.බුද්ධියක් නැති හරියට වැඩ කරන්න බැහැ.උගත්තු වැඩිම ලංකාවේ.මේ දේවාල වලත් බුද්ධිමතුන් අඩුයි.ඒකයි එහෙම වෙන්නේ.ඒ අයට ස්වභාවදහමෙන්ම ද`ඩුවම් ලැබෙනවා. දැන් කිව්ව කතාව කතරගම දේවාලෙ වුණත් සිද්ධ වෙනවා.

    ද්‍රවිඩ අය පුද පූජා පවත්වන්නේ වෙනස් විදියට.ආගම අනුව ඒ අයට ප‍්‍රධානම දේ තමයි සින්තෝරු,කපුරු පත්තු කරලා තියෙන එක.සේත් අරිච්චිනම් කියලා පූජාවක් දෙනවා.සේත් අරිච්චිනම් කියන්නේ පොලූයි,පලතුරුයි එක්ක දෙන පූජාවක්. විභූචි අරිච්චිනම් කියලා පූජාවක් තියෙනවා.ඒ පූජාවට සල්ලි දුන්නම ඒ අයගේ නම කියලා පූජාව කරනවා. බෞද්ධ සංස්කෘතියේ කාලි දෙවගනට බිලි පූජා පවත්වනවා.බෞද්ධ සංස්කෘතියේ කාලි දෙවගන සෝවාන් වෙලා. නමුත් පරණ පුරුද්දට සමහර අය බිලි පූජා පවත්වනවා.ඒක මනුෂ්‍ය ආකල්පයක්. දෙවියන්ට බිලි පුජා නෙමේ පලතුරු හා සුවද පුජා තමයි පැවැත්විය යුතු වෙන්නේ.

    අද වෙනකොට මේ තත්ත්වයන් නැතිවෙලා ගිහිල්ලා.ගොඩක් අය මේ ක‍්‍රමවේදයන් පටලවගෙන,වරද්දගෙන.එක එකකෙනා එක එක මත ප‍්‍රකාශ කරනවා.


    Source :Lanka C News
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    කතරගම දෙවියන් තවුතිසා දිව්‍ය ලෝකයේ ජීවත් වෙනවා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතරගම දෙවියන්ව අපි බලේට් ආපුවහම අපි කිලිනොච්චිය කියන ග්‍රාමයේ පදින්චි කරනවා.. තොපිට ඔනා නම් වාහන අරන එහෙ වරෙව් සින්හලයො..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    reputation_neg.gif
    කතරගම දෙවියන් 12-17-2013 06:44 PM i not accept. don't blame this god

    Ridila™ deyyata baniddi :P

    I also don't accept god, but i dont reduce reps of anyone :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :) දෙවියන් පිලිබද විශ්වාස කරන්නන් ඉන්න පුලුවන්,නොකරන්නන් ඉන්න පුලුවන්,

    එක ගැන කිසිම වාද විවාදයක් තියාගන්න ඕන නෑ,,
    මන් ඉතාමත් බක්තියෙන් විශ්වාස කරනවා,
     
    • Like
    Reactions: nmps

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Deviyek innavanam devale vate inna salli illana minissunta pihita venna bari ayi. A minissunta salli denneth api. Devaley athuley inna deviyonta salli denneth api. Buddhimathwa hithala balanna . A AYATA SALLI DENA APIMA NEDHA DEVIO.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    දෙවියන් පිලිබද විශ්වාස කරන්නන් ඉන්න පුලුවන්,නොකරන්නන් ඉන්න පුලුවන්,

    එක ගැන කිසිම වාද විවාදයක් තියාගන්න ඕන නෑ,,
    මන් ඉතාමත් බක්තියෙන් විශ්වාස කරනවා,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Deviyek innavanam devale vate inna salli illana minissunta pihita venna bari ayi. A minissunta salli denneth api. Devaley athuley inna deviyonta salli denneth api. Buddhimathwa hithala balanna . A AYATA SALLI DENA APIMA NEDHA DEVIO.

    deyyo baktiyen wandina pudina ayata witarai karanne ;)
    duka naha hindu minissu owata kalanam.. mechchara nirmala dharmayak tiyeddi wikara passe yana ekai duka :baffled::oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :) දෙවියන් පිලිබද විශ්වාස කරන්නන් ඉන්න පුලුවන්,නොකරන්නන් ඉන්න පුලුවන්,

    එක ගැන කිසිම වාද විවාදයක් තියාගන්න ඕන නෑ,,
    මන් ඉතාමත් බක්තියෙන් විශ්වාස කරනවා,

    උබට පිලිමයක් විස්වාස කරන්න පුලුවන්, හැබැහින් ඉන්න විග්නේශ්වරන්ව දිරවන්නේ නැ නේ..