කතරගම දෙවියෝ ගැන අදහසක්..

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama lagadi dakka fb eke dala tiyenwa ex Christian kenek , minihata aagama gana tiyena wishwase podi kaleyma nathi una lu Church eke tiyena Lightning Conductor eka dakala
    aawage oya katharagama deiyo kiyala dial ekak innawam , watey pitey unta ohoma horakan karanna deida ban othanata watena salli :P
    minissu kamathi prashna tiyeddi aawa wisada ganna kohen hari support ekak hambenwam ehema nathi unama ethin oya wage mithya dewal passe yanna parampara gaanak tisse purudu wela tiyenwa
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    moda katha kiyanna epa bn dewiwaru kiyanne kauda kiyala budu hamuduruwo pahadiliwama kiyala thiyenawa.. ithin apahu tawa mona kathada..ai oya wage anda wishwasa wala inne.. dewiyo adahanne demala minissu,buddhist ayata dewiyan adahanawata wada piwithuru darmayak thiyenawa rakinna,oya katharagama yanawata wada narakada dalada hamuduruwo gawata hari anuradhapure hari gihin barayak unoth
    කතරගම දෙවියන් කියන්නේ සිංහල දේවතාවුන් වහන්සේ නමක්,
    ලංකාවට අදිපති දෙවියන්...:)
    පලමුව බුදුන්,
    දෙවනුව දෙවියන්..සැම දෙයක්ම විශ්වාසය මුල් කරගෙන තමයි ඉන්න ඕනා..:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ආන්නද හාමුදුරුවො විසින් කථිත "අපට නොපෙනෙන ලෝකය" වෙන්න ඇති අද ඔය කියෝපු පොත. දැකපු තැන විදියට සදහන් වෙන්නෙ ගිනිපාගන තැන. කතරගම දෙවියන් ගැන ඉන්දියාවෙ නාඩි වාක්‍යයෙන් කියවෙන දේවල් පවා උන්වහන්සේ විස්තර කරල තියෙනව. ඊට අමතරව "නිවනට මග", "බළන්ගොඩ නාහිමි හා සැබැදි කතා" කියන පොත්වලත් මේ පිලිබදව තියෙනව. තව බෙල්ලන්විල මහාස්ථවිර හිමියනුත් දෙවියන් ගැන ගොඩක් කරුනු කියල තියෙනව. කතරගම රාජධානියකොටගෙන විසූ මහාසේන නම් වු දෙවු රජු දැනට කිරි වෙහෙර පිහිටි ස්තානයට වැඩි බුදු රජානන් වහන්සේගේ දහම් අසා සෝවාන් වූ බවටත් පිලිගැනීමක් තියෙනව.

    මහාසේන් දෙවියන් කදිරදේව වෙලා පස්සෙ කතරගම උනා කියලත් මතයක් තියෙනව. පදිංචිව සිටි කන්ද වැඩිහිටි කන්ද කියලත් කියනව. තවත් මතයක් තියෙනව දුටුගැමුනු රජතුමා යුද්ධයෙන් දිනා කතරගම දෙවොල කරපු බවකුත්..හින්දු ආගම අනුව ඉතිහාස කතාව තවත් වෙනස්.. බුදුදහම අනුව දඹදිව හිටපු දේවතාවෙක් බුදු නියමය පරිදි ලන්කාවට ඇවිත් රට වැසියන්ගෙ හා බුද්ධ ශාසනය ආර්ක්ශා කරන්න බාරගත්ත මතයකුත් තියෙනව. හැබැයි දැන් කවුරුත් කියන විදියට; දැන් කතරගම දෙවියන් කතරගම නෑ.. ඔක්කම්පිටියෙන් එහා ඈත ගල්ගුහාවක් භාවනායෝගීව ඉන්නව කියලත් ගොඩක් හාමුදුරුවරු ප්‍රකාශ කරනව. දැන් පාලන කටයුතුවලට ඉන්නෙ කඩවර දෙවියන්ලු. සමහර බෞද්ධ පොත පතේම (පිලිගත්) සදහන් වෙනව කතරගම දෙවියන් කියන්නෙ සුබහ්මණ කියල දේවතාවක් කියල.. බුදුරදුන්ම රෝහන ජනපදයේ කාචරගාම ගමේ ආරක්ශාව සදහා පත් කලා කියලත් සදන් වෙනව.

    දෙවියන් කියල මම විස්වාස කරන්නෙ සාමාන්‍ය මනුශ්‍යය කෙනෙකුගෙන් සෝවාන් ඵල ලබපු කෙනෙකුට.. සමණල අඩවියෙහි භාවනා යෝගීව කල් ගෙවන යෝගීන් හා බැදුනු කතාවල එවැනි සෝවාන් ඵල ලබපු හදිස්සි පෙනීසිටීම් ගැන කතා ගොඩක් කියවල තියෙනව.

    වැඩිපුර කරුණු


    chapter 01.
    Gods and Deities කියල හඳුන්වන්නෙ දෙගොල්ලක්. Gods කියන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වන මේ ලෝකෙ මැව්ව කියන අය.

    මේ චක්‍රාවාටයේ තල 31ක් තියෙනව මචන්. මේ මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, නිරය, බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක තමයි මේ තල 31 ට ඇතුලත් වෙන්නෙ. අන්න ඒ තල 31න් 6ක් දිව්ය ලෝක. අන්න ඒ දිව්ය ලෝක වල ඉන්න දෙවිවරු තමඉ Deities කියන්නෙ.
    ඇත්තටම Deities ල ඉන්නව. Gods ල නම් ඉතින්න්.... :P :P
    මෙතනදි එන ප්‍රශ්නයක් තමයි "කෝ ඉතින් අපි මේ Deities ල ව දැකල නෑ නෙ", මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති. ඕන නම් අපිටත් ඊලඟ ආත්මේ ඒ වගේ තලයක ඉපදෙන්න පුලුවන් ද්වේශය ගොඩාක් අඩු කරගත්තොත්. (ඒත් ඒක නෙවේ සිදුවිය යුත්තෙ, හේතුපල දහම දැනගෙන යතාර්තය දැකල සංසාර ගමන නවත්තන එක)

    chapter 02.
    මේ සෑම දේකටම මුල වන හේතුඵල දහම ස්වයං භූ ඤාණයෙන් දැනගෙන ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය තේරුම් නොගත්තාම පෘතක්ජනක මිනිස්සුන්ට හිතෙන්නෙ මේ හැම දේ ම දෙය්යො මැව්ව කියල. එතකොට දෙය්යොන් ව මවල තියෙන්නෙ කව්ද?:confused:

    chapter 03 (ලංකාවෙ ඔය Label බෞද්ධයො ගිහිල්ල යදින පතන දෙය්යො කවුද?)
    දෙවි කීයන්නෙ ද්වේශයෙන් වෙන් වූ කියන තේරුම.
    ඉස්සර මේ හෙළ බිමේ දෙවියන් කියල කොට්ඨාශ 3ක් සඳහන් කරල තියෙනව.

    01. විශුද්ධි දේව.
    02. උප්පත්ති දේව.
    03. සම්මත දේව.

    විශුද්ධි දේව කියල හඳුන්වල තිබිල තියෙන්නෙ කෙලෙස් ප්‍රහානය කරපු අරහතුන් වහන්සේ ල ට..
    උප්පත්ති දෙවි කියල හඳුන්වල තියෙන්නෙ ඔය උඩින් කිව්ව වගේ Deities ල ව.සම්මත දෙවියන් කියල හඳුන්වල තියෙන්නෙ ඒ කාලේ (හෙලබිම කොටස් 4කට බෙදා පාලනය වූ කාලයේ) ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු රජවරු. මේ රජවරුන්ට ඒ කාලෙ වැසියන් අමතල තියෙන්නෙ දේවයන් වහන්ස කියල. ඒ කාල වලදි ඔය රජවරුන් වැසියන්ගෙ පුද පූජා වන්දනා මාන වලට පාත්‍ර වේලා තියෙනව. ඒ කාලයෙ රුහුණෙ කාචරගාම පාලනය කරපු මහාසේන නැමැති දේව ගෝත්‍රික රජතුමාටත් මේ විදිහට මිනිස්සු වන්දනාමාන කරල තියෙනව. ඉතින් මේ රජු මරණයට පත්වුනාමත් මිනිස්සු රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගිහිල්ල තියෙනව. ඒක තමයි මේ විදිහට තාමත් කතරගම දෙය්යො වෙනුවෙන් පුදපූජා පවත්වන්නෙ.
    මේ විදිහම තමයි සම්න් දෙවියො කියන්නෙ ශ්‍රී පාද අඩවිය, රත්නපුර අයත් ප්‍රදේශය පාලනය කරපු සමන රජතුමත්.
    ඒ රජ්ජුරුවො නම් ගෛතම බුදුහාමුදුරුවො ශ්‍රී පාදයට වැඩම කල අවස්තාවෙ බුදු හාමුදුරුවන්ගෙ බණ අහල සෝවාන් ඵලයටත් පත් වෙලා තියෙනව කියල සටහන් වෙලා තියෙනව.

    මේ විදිහ තමයි දේවියන් හ්ඳින්වෙන්නෙ. අද සමාජය ඔක්කොම පටලවගෙන. ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.



    දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.

    ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ලොල්. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.

    දෙවියෙක් නැහැ කියනවා නම් රහතුන් නෑ වෙන්නෝනෙ කියන දෙකේ සම්බන්ධයක් නෑ. ඒක හරියට අර ඔබතුමා කියන කතාවල් වගෙම තමා හරියට මහින්ද හොරා නිසා ලංකාවට සම්බාධක දාන්න ඕනෙ කිව්වා වගෙ කතාවක්.

    ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ.

    ඔය දෙවියා ඉන්නවා තමයි කියන අය බුද්ධාගමෙත් කියලා තියෙනවා දෙවිවරු ඉන්න බව කියලා උදාහරණ පෙන්ව පෙන්ව දෙවිවරු පිළිගන්න කියනවායි කියමු. එතකොට බුද්ධාගමේ තියෙන නිසා පිළිගන්න කියලා අපට පෙන්ව පෙන්ව කියනවා නම් කියන්න තියෙන්නෙ

    බුද්ධාගමේ කියලා තියෙනවා කියලා මනුෂ්‍ය අපටත් අපිටත් දෙවිවරු වෙන්න පුළුවන් බව. අන්න ඒකත් පිළිගන්නවදැයි අහන්න ඕනෙ. ඒක කිව්වොත් පිළිගනීවිද ? නෑ පිළිගන්නෙ තමංට වාසි කොටසයි.

    ඒකත් හරි තේරුම දන්නෙ නැතිව වචනේ සමානත්වය නිසා. දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් ඒකත් හරි. එහෙම කිව්වට මේ අය පිළිගන්නෙ නැහැනෙ. නිකන් ශබ්ද කරන වචනෙ සමාන කම කියලා සර්ව බලධාරියෙක් ඉන්නවා කියලා අපිට පිළිගන්න කියනවා.

    ඉතින් ඒ උසස්තලවල ඉන්න අය ඉන්න තැන හඳුන්වන වචනය තමයි දිව්‍ය ලෝකය නැතිව ඔය මිත්‍යා දෘෂ්ඨිකයො කියනවා වගේ පාරාදීසයේ සදාකල් ඉන්න එකක් නෙවෙ. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඒක අනිත්‍යයි දෙවියො ආයි එතනින් චුතවෙලා ඇවිත් පෘථිවියෙ සත්ත්වයන් ලෙස උපදිනවා කියලා. කවිවල තියෙනවා සක්‍ර දෙවියා උන කෙනා පවා යම් දවසක අපායෙ ලෝ දිය බොන්න සිද්ධ වෙනවා කාලයාගේ ඇවෑමෙන් තියෙන විසඳුම නිවන මිස මේ එකක්වත් නෙවේ කියලා. සර්වබලධාරියා මැවුම් කාරයා ගැලවුම් කාරයා ගැන කියන අය මේවා පිළිනොගෙන අර උසස් තලවල ඉන්න අය හඳුන්වන්න පාවිච්චි කරපු දෙවියා කියන වචනය අල්ලගෙන අපිට කියනවා සර්ව බලධාරී දෙවියා පිළිගන්නලු.
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මට නම් හිතෙන්නේ මිත්‍යාවක් උනත් මිනිස්සු කතරගම වන්දනා කරන්නේ බැති බර සිතින්නේ බන්
    ඒකත් ලොකු දෙයක්නේ
    අනික කතරගම ගියහම සමහර අයට මුදුම ආත්මශක්තියක් ලැබෙනවා අලුතෙන් වැඩක් පටන්ගන්න

    machan eka mithyawak neme ban mama denata 25parak gihin thiyenawa.api deyak hithanne apita dakinna thiyana wela thiyana athdekim walin. deviyan gena pothak thiyenawa "mama deviyan dutimi" kiyala eka watinawa kiyala hithenawa oya bodamidum walata wediya.ekath boru kiyala hithenawanam balangoda ananda maithree hamuduruwo liyapu "nopenena lokaya" pothe pehediliwa e hamuduruwo katharagama deviyan dekka bawa prakasha karala thiyenawa.
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    අපේ මිනිස්සු වරද ගත්ත තැනක් මචන් ඕක..

    කතරගම විෂ්ණු පත්තිනි වගේ ගොඩක් දෙවිවරු ලංකාවේ ඇදහීම් වලට අවේ ඉන්දීය සම්භවය නිසා.

    අනික නිකමට හිතල බලපන් දෙවි කෙනෙක් ගේ අතේ අවි යුධ තියාගෙන කපපු බෙලි තියාගෙන කොහොමද බන් දෙවි වරු වෙන්නේ? එහෙනම් ඔක්කොටම කලින් ගිහින් ISIS එකේ නායකයට වන්දපල්ලා.

    උදාහරණයක් දේනම් මචං.

    ගහට නැගල පොල් කඩන්න කම්මැලි මිනිහෙක් දේවාලෙකට ගිහින් පුජාවක් තියනවා අනේ දෙවියනේ මට පොල් ගෙඩියක් වට්ටලා දෙන්න කියල. පලවෙනි දවසේ වෙන්නේ නෑ එත් විශ්වාසයෙන් ඔහොම දෙවැනි දවසෙත් කරනවා.

    ඉතින් කරුමෙට අර පොල් ගැහෙ වේලිච්ච ගෙඩියක් මිනිහ ගෙදර යනකොට බිම වැටිලා තියෙනව. මිනිහ හිතනවා ඉතින් අනේ දෙඉයෝ තමා දුන්නේ කියල.

    ඉතින් අනිත් යටත් කියනව. ඔහොම ඉතින් ඉඳල හිටලා ඔහොම දේවල් වෙනකොට මිනිස්සුන්ට විශ්වාසය ඇති වෙනවා. තමන් පැතු දේ නොවෙනකොට දේවාලේ දේව ගතිගෙන් ඇහුවම කියන්නේ ඔය අකැප දෙයක් කරන්න ඇති එකයි දෙයියෝ බැලුවේ නැත්තේ කියල. ඉතින් මෝඩ මිනිස්සු ඕක විශ්වාස කරනවා.

    සෝම හාමුදුරුවන්ට දඬුවම් දුන්නේ දෙවියෝ නෙවෙයි මචං. දෙවියෝ පස්සේ ගිය ලලත් කොතලාවලය. එකට තමා දැන් ඕක විඳවන්නේ.

    දෙවි වරු ඉන්නවා මචං. හොඳ විදිහට ඉඳල මිනිස්සුන්ට හොඳ දේවල් කරලා බන භාවනාදිය කරල ඒ තත්වෙට ආපු අය. සමහර අවස්ථා වල එම දෙවි වරු හොඳින් ඉන්න අයට උදව් කරන්න පුළුවන්. එත් පතන පතන දේ දෙන එකක්නම් නෑ. අනතුරක් වෙන්න යන අවස්ථාවක වගේ උදව්වට එන්නපුලුඅන්.

    තේරුමක් නැතුව සල්ලි වියදම් කරගෙන පුජ වට්ටි උස්සන් යන්න එපා මචං. උබලට එකෙන් කිසි දෙයක් ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙනවානම් ලංකාවේ o/l a/l රිසල්ට් මිට වැඩ හා පහළොස් ගුණයක් වැඩි වෙන්න ඕනේ.

    උබල පාඩමක් කලේ නැත්තන් දෙවියෝ ඇවිත් උබලගේ පේපෙර් එක ලියන්නේ නෑ බන්.

    උබල නඩුවක් වෙලාවේදී දෙවියෝන්ට බාර උන කියල. දෙවියෝ නඩුව අහන්නේ නෑ බන්. උබලට ශාක්ෂි තියේ නම් උබල දිනයි..

    අනික

    බෝගස් වල කොඩි එල්ලන එක. ඕකත් මචං කිසිම තේරුමක් නැතුව පව් කරගන්න තවත් වැඩක්.

    උබලට බුද්ධ ධම්ම සංඝ රත්න වල පිහිට ඕනේ නම් පන්සිල් ආරක්ෂා කරගෙන දාන ශිලා භාවනා වලට තැන දීල වැඩ කරපන්. ලොකු පිහිටක් ලැබෙයි..


    :yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මල්ලි හොඳ ප්‍රශ්නයක්. මෙතනදී කතරගම දෙවියන් කියන්නේ කවුද කියන එක ඉස්සෙල්ලා අපි හඳුනගන්න ඕන. මහා ශිව නම් ධ්‍යාන ලාභියාගේ පුතෙකුවන මහාසෙන් හෙවත් කන්දේ කුමාරත් ඉතාම සිත දියුනු කල පුද්ගලයෙක්. සිත දියුනු කල පිංකම් කල මිනිසුන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල උපදින බව අපි දන්නවනේ. දැන් තියන අනිත් ප්‍රශ්නේ මොහුගේ ස්වරූපය. අත් හයක් ඔලු හයක් සහිත ස්වාභාවය, ඇත්තටම පොතපත සැලකිල්ලෙන් පරිශීලනය කරන විට අපට පෙනියන්නේ මේ දක්වා තිබෙන්නේ ඒ ඒ දෙවියන්ගේ සැබෑ ස්වරූපය නොවන බවයි. උදාහරනයක් ලෙස කිව්වොත් දස කන්ඨ රාවනා රජුට ඔලු දහයක් නොතුබුන බව අප දනිමු නමුත් රාවනා රජුව නිරූපනය කරන හැම සිතුවමකම පිලිමයකම ඔලු 10ක් මගින් ඔහුව නිරූපනය කරනවා ඒක ඇත්ත රාවනා රජුගේ ස්වරූපය කියලා අපි හිතනවනම් අන්න එතනයි ගැටලුව. ඔලු 10න් පෙන්නන්නේ ඔහු ඔටුනු 10ක් දැරු බව දස විධ ඥානයන්ගෙන් පරිපූර්න වූ බව වගේ ඒවා. පූරාවෘත වල එන විදිහට කන්දේකුමාර හෙවත් මහසෙන් රජුත් රාජ්‍ය 6ක් පාලනය කල කෙනෙක්. අන්න ඒ නිසයි ඔලු 6කින් නිරූපනය වෙන්නේ ඊට අමතරව ඔහුගේ ශඩ් ගුනයනුත් නිරූපනය වෙනවා ඒකෙන්.
    දැන් එමු ප්‍රශ්නය පැත්තට ඇයි සොම හාමුදුරුවෝ කතරගම දෙවියන් ඇදහීමට විරුද්ද වුනේ? ඔය සෝමහාමුදුවෝ වැඩහිටි කාලේ දැන් වගේ නෙමෙයි අපේ මිනිස්සු කතරගම ගියේ අන්තගාමිව. ඒක පිස්සුවක් වෙලා තිබ්බේ. පන්සලට ඉස්සෙල්ලා රිංගුවේ දේවාලෙට. ඒක අපි කවුරුත් අනුමත කරන දෙයක් නෙමෙයි. සෝම හාමුදුරුවෝ ධ්‍යානලාභී හිමි නමක් නොවුන නිසා දෙවියන් සමග සජීවී අත්දැකීම් නොතිබෙන්නටත් ඇති. ඉතින් තමන් නොදන්න දෙයක් ගැන උන්වහන්සේ විශ්වාස නොකරන්නත් ඇති.

    නමුත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ධ්‍යානලාභී හිමි නමක් කියලා අපි කවුරුත් දන්නවා. තව රේරුකානේ හාමුදුරුවොත් එහෙමයි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේගේ අත්දැකීමෙන් තමා දෙවියන් පිලිගත්තේ.
    හැබැයි මෙතන වැදගත්ම දේ තමයි රේරුකානේ හාමුදුරුවොත් ආනන්ද මෛත්‍රි හාමුදුරුවොත් යන දෙනමම වදාලේ ඉස්සෙල්ලා ත්‍රිවිධරත්නය ඊට පස්සේ දෙවියන්. මොකද අපි අද ලංකාවේ අදහන බොහෝ දෙවිවරු බුද්ධ උත්පාද කාලයට පෙර දේවත්වයට පත්වෙලා බුද්ධෝත්පාදයෙන් පසුව බුදුන්ගෙන් බන අහපු සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු. කොටින්ම කාලි මෑනියෝ පවා. ඔය හින්දූන් තමයි අපේ බොදු දේව සංකල්පය විකෲති කරලා බිලිපුජා හා එක එක විකාර කරන්නේ. එහෙම තැන්වලට පෙරේතයෝ මිසක් දෙවියන්නම් වඩින්නේ නැත.
     
    • Like
    Reactions: akila12345

    thanujaka

    Well-known member
  • බෞද්ධයෝ විදියට අපි කතරගම දෙවියන් ඇතුළු ඔය දෙවිවරු පිලිබදව ඇදහිය යුතුද?


    • කතරගම දෙවියන් කියන්නේ හින්දු ආගමේ එන දෙවිකෙනෙක්.. බෞද්ධ අපි වෙනත් ආගම්වල එන දෙවියන් ඇදහීම අවශ්‍ය නෑ.. එහෙම කරනවනං කතෝලික දහමේ එන දෙවියන් වහන්සේත්, ඉස්ලාමයේ එන අල්ලත් අපි ඇදහිය යුතුයි.. මොකද කතරගම දෙවියන් ඇතුළු ඒ සියල්ලන්ම බුද්ධ දර්ශනයෙන් පිට ඉන්න වෙනත් ආගම් වලට අයත් දෙවිවරු.. හරිම බෞද්ධයෙක්ට නං ඔය දෙවියන් ඇදහීම කරන්න ඕනේ නෑ..බෞද්ධ හා හින්දු කලවම් වූ සිංහල පිරිසක් තමයි ඔය දෙවියන් අදහන්නේ..ඇත්තම කිව්වොත් ඔය දෙවියන් අදහන පිරිස කරන්නේ ආගම් දෙකක් සරණ යන එක...බෞද්ධයන් විදිහට පන්සල් යනවා.. ඒ ගමන්ම හින්දු කෙනෙක් විදිහට දේවාල වල යනවා.. එකට ඉතින් මම නං වැරද්දක් කියන්නෙත් නෑ... මොකද ඕන කෙනෙක්ට ආගම් දෙකක් නෙමෙයි 50ක් උනත් පිළිපදින්න අයිතිය තියෙනවනේ.. එක තම තමන්ගේ වැටහීම සහ විශ්වාස මත පවතින දෙයක්... නමුත් පිරිසිදු බෞද්ධ දර්ශනය තුල ඔය කියන දෙවියන් ඇත්තෙත් නෑ, ඇදහීම අවශ්‍යත් නෑ...

    • බුද්ධ දර්ශනයේ කොතනකවත් ඇදහීම කියල දෙයක් නැහැ..
     
    • Like
    Reactions: akila12345

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    නැකැත් රාල;17218606 said:
    මල්ලි හොඳ ප්‍රශ්නයක්. මෙතනදී කතරගම දෙවියන් කියන්නේ කවුද කියන එක ඉස්සෙල්ලා අපි හඳුනගන්න ඕන. මහා ශිව නම් ධ්‍යාන ලාභියාගේ පුතෙකුවන මහාසෙන් හෙවත් කන්දේ කුමාරත් ඉතාම සිත දියුනු කල පුද්ගලයෙක්. සිත දියුනු කල පිංකම් කල මිනිසුන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල උපදින බව අපි දන්නවනේ. දැන් තියන අනිත් ප්‍රශ්නේ මොහුගේ ස්වරූපය. අත් හයක් ඔලු හයක් සහිත ස්වාභාවය, ඇත්තටම පොතපත සැලකිල්ලෙන් පරිශීලනය කරන විට අපට පෙනියන්නේ මේ දක්වා තිබෙන්නේ ඒ ඒ දෙවියන්ගේ සැබෑ ස්වරූපය නොවන බවයි. උදාහරනයක් ලෙස කිව්වොත් දස කන්ඨ රාවනා රජුට ඔලු දහයක් නොතුබුන බව අප දනිමු නමුත් රාවනා රජුව නිරූපනය කරන හැම සිතුවමකම පිලිමයකම ඔලු 10ක් මගින් ඔහුව නිරූපනය කරනවා ඒක ඇත්ත රාවනා රජුගේ ස්වරූපය කියලා අපි හිතනවනම් අන්න එතනයි ගැටලුව. ඔලු 10න් පෙන්නන්නේ ඔහු ඔටුනු 10ක් දැරු බව දස විධ ඥානයන්ගෙන් පරිපූර්න වූ බව වගේ ඒවා. පූරාවෘත වල එන විදිහට කන්දේකුමාර හෙවත් මහසෙන් රජුත් රාජ්‍ය 6ක් පාලනය කල කෙනෙක්. අන්න ඒ නිසයි ඔලු 6කින් නිරූපනය වෙන්නේ ඊට අමතරව ඔහුගේ ශඩ් ගුනයනුත් නිරූපනය වෙනවා ඒකෙන්.
    දැන් එමු ප්‍රශ්නය පැත්තට ඇයි සොම හාමුදුරුවෝ කතරගම දෙවියන් ඇදහීමට විරුද්ද වුනේ? ඔය සෝමහාමුදුවෝ වැඩහිටි කාලේ දැන් වගේ නෙමෙයි අපේ මිනිස්සු කතරගම ගියේ අන්තගාමිව. ඒක පිස්සුවක් වෙලා තිබ්බේ. පන්සලට ඉස්සෙල්ලා රිංගුවේ දේවාලෙට. ඒක අපි කවුරුත් අනුමත කරන දෙයක් නෙමෙයි. සෝම හාමුදුරුවෝ ධ්‍යානලාභී හිමි නමක් නොවුන නිසා දෙවියන් සමග සජීවී අත්දැකීම් නොතිබෙන්නටත් ඇති. ඉතින් තමන් නොදන්න දෙයක් ගැන උන්වහන්සේ විශ්වාස නොකරන්නත් ඇති.

    නමුත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ධ්‍යානලාභී හිමි නමක් කියලා අපි කවුරුත් දන්නවා. තව රේරුකානේ හාමුදුරුවොත් එහෙමයි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේගේ අත්දැකීමෙන් තමා දෙවියන් පිලිගත්තේ.
    හැබැයි මෙතන වැදගත්ම දේ තමයි රේරුකානේ හාමුදුරුවොත් ආනන්ද මෛත්‍රි හාමුදුරුවොත් යන දෙනමම වදාලේ ඉස්සෙල්ලා ත්‍රිවිධරත්නය ඊට පස්සේ දෙවියන්. මොකද අපි අද ලංකාවේ අදහන බොහෝ දෙවිවරු බුද්ධ උත්පාද කාලයට පෙර දේවත්වයට පත්වෙලා බුද්ධෝත්පාදයෙන් පසුව බුදුන්ගෙන් බන අහපු සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු. කොටින්ම කාලි මෑනියෝ පවා. ඔය හින්දූන් තමයි අපේ බොදු දේව සංකල්පය විකෲති කරලා බිලිපුජා හා එක එක විකාර කරන්නේ. එහෙම තැන්වලට පෙරේතයෝ මිසක් දෙවියන්නම් වඩින්නේ නැත.

    දැනගන්න අහන්නේ සහෝදරයා.
    එතකොට කතරගම දෙවියෝන්ගේ අතේ තියෙන තියෙන අවි ආයුධ?

    කාලි අම්මන්ඩිව දකින කොටත් බයයි. දෙයිඑක් නෙවෙයි අපයේ මර දුතිකාවක් වගේ. මිනී ඔලුත් තියෙනව.
     
    Last edited:

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    බෞද්ධයෝ විදියට අපි කතරගම දෙවියන් ඇතුළු ඔය දෙවිවරු පිලිබදව ඇදහිය යුතුද?


    • කතරගම දෙවියන් කියන්නේ හින්දු ආගමේ එන දෙවිකෙනෙක්.. බෞද්ධ අපි වෙනත් ආගම්වල එන දෙවියන් ඇදහීම අවශ්‍ය නෑ.. එහෙම කරනවනං කතෝලික දහමේ එන දෙවියන් වහන්සේත්, ඉස්ලාමයේ එන අල්ලත් අපි ඇදහිය යුතුයි.. මොකද කතරගම දෙවියන් ඇතුළු ඒ සියල්ලන්ම බුද්ධ දර්ශනයෙන් පිට ඉන්න වෙනත් ආගම් වලට අයත් දෙවිවරු.. හරිම බෞද්ධයෙක්ට නං ඔය දෙවියන් ඇදහීම කරන්න ඕනේ නෑ..බෞද්ධ හා හින්දු කලවම් වූ සිංහල පිරිසක් තමයි ඔය දෙවියන් අදහන්නේ..ඇත්තම කිව්වොත් ඔය දෙවියන් අදහන පිරිස කරන්නේ ආගම් දෙකක් සරණ යන එක...බෞද්ධයන් විදිහට පන්සල් යනවා.. ඒ ගමන්ම හින්දු කෙනෙක් විදිහට දේවාල වල යනවා.. එකට ඉතින් මම නං වැරද්දක් කියන්නෙත් නෑ... මොකද ඕන කෙනෙක්ට ආගම් දෙකක් නෙමෙයි 50ක් උනත් පිළිපදින්න අයිතිය තියෙනවනේ.. එක තම තමන්ගේ වැටහීම සහ විශ්වාස මත පවතින දෙයක්... නමුත් පිරිසිදු බෞද්ධ දර්ශනය තුල ඔය කියන දෙවියන් ඇත්තෙත් නෑ, ඇදහීම අවශ්‍යත් නෑ...
    • බුද්ධ දර්ශනයේ කොතනකවත් ඇදහීම කියල දෙයක් නැහැ..

    sira kathawa machan.100% agreed,:yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැනගන්න අහන්නේ සහෝදරයා.
    එතකොට කතරගම දෙවියෝන්ගේ අතේ තියෙන තියෙන අවි ආයුධ?

    කාලි අම්මන්ඩිව දකින කොටත් බයයි. දෙයිඑක් නෙවෙයි අපයේ මර දුතිකාවක් වගේ. මිනී ඔලුත් තියෙනව.

    ඔය අවි ආයුධත් එක එක සංකේත කියලයි මම අහලා තියන්නේ. අනික මේ හැමෝම මිත්‍යාදෘෂ්ඨිකව ඉදලා බන අහලා සම්‍යක් දෘෂ්ඨික තත්වයට පත්වුන දෙවිවරු. එයාලව අවුරුදු දහස් ගනනක් තිස්සේ නිරූපනය කරපු විදිහ වෙනස් වෙලා නෑ. බෞද්ධ පොතපතේ තියනවා සතර වරම් දෙවිවරු ගැන ගොඩක් විස්තර මම දවසක දාන්නම්. කාලි මෑනියන්වනම් සම්පූර්නයෙන් විකෘති කරලා තියන්නේ ඉන්දියානුවෝ..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක දෙමල දෙය්යෙක් බන්.. බොරු.
    මෝඩ දෙමලුන්ටනම් ඇත්ත..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සෝම හාමුදුරුවන්ගේ බන මමත් අහලා තියෙනවා බන්
    හොදටම බනිනවා..

    එක එක මිනිස්සුන්ගේ විස්වාස මචන්

    මොනවා උනත් මාතර අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
    මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය

    :yes::yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ගොඩක් ලොකු අවබෝදයක් හම්බුනා මට..මේක කියල දුන්නු හැමෝටම පින්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර ශසින්දරයාට සලකන්න ගට්ටට පස්සේ ම‍ට කටරගමයා එපා උනා සිංහලු
     
    • Like
    Reactions: akila12345

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siyalu dena ----Anithyai------Ese nam Katharagama Devio marenne athi. Ehema nathnam marena day ekak vath kiyanne natthe ayi [why] ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්දදර්මය විශ්වාශ කරන්න ...
    එට වඩා සතයක් නැහැ බන්

    අපිට කතරගම දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක වැඩක් නැහැ.
    අනික කතරගම දෙවියෝ ඉන්නවනම් අරුට දේවාලේ ඉඩම් වලටයි පින් කැටෙටයි විදින්න දෙයිද
    පාතාලේ උන් මන්කොල්ලා කන්න රොබරියක් දෙන්න කලින් කතරගම යනවා
    දීලා ඔප්පු කරන කතරගම යනවලු
    ඔයවෙගේ ඒවාට සපෝට් කරන දෙවි කෙනෙක්ට උනත් වදින්න ඕනිද???
    එහෙනම් සාතන් ට වදින්නත් පුළුවන්නේ
    හිනා යන කාරනාව තමයි අල්ලාට බැන බැන
    කතරගම දෙවියෝ පස්සේ දුවන එක

    මිනිස්සු හොයන්නේ උදව් විතරයි පිහිට විතරයි
    තමගේ යුතුකම ගැන හිතන්නේ නැහැ.

    මිනිස්සු භක්තියෙන් අදහන දෙකට හිනාවෙන්න නරකයි තමයි.
    එත් මිනිස්සු භක්තියෙන් අදහලා බලාපොරොත්තුවෙන්නේ වැරදි දේනම්
    විහිළුවක් නේ.
    :yes::yes::yes::yes::yes::yes: