කනප්පුවක් අවිදිනවා,,,,

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කනප්පුවක් අවිදිනවා,,,,

    දැන් ඉතින් කැගහන්න හදන්න එපා ඔව බොරු කියල ,,,,,, :growl:

    Video වගයක් තියෙන්ව අවිදගෙන යන Upload කරන්න බැ Size ලොකු වැඩී :yes:

     
    Last edited:
    • Like
    Reactions: naveenenushan

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    http://hisahasa.blogspot.com/2012/02/blog-post_20.html

    ගෙවල් කිට්ටුව චූටික්කු අයියලෑගේ ගෙදර හොරකමක් වෙලා සති ගාණක් ගත වුණා . පොලීසියත් අපරාධ කරුවන් සුවඳින් අල්ලාගන්ට දක්‍ෂකම් පෑ පොලිස් බල්ලනුත් ඇවිදින් ගම මුනිං අතට පෙරළලා වැරදි කරුවන් හෙවුවත් අබමල් රේණුවක තරම්වත් හෝඩුවාවක් හොයාගන්ඩ බැරි වුණා .

    මේ සිද්ධ වුණ හොරකම නිසා ගමේ උන්නු අපි පොලිස් බල්ලෙන්ව අපේ ඇස් වලින් දැකගත්තා. මීට ඉස්සර නම් පත්තර වල ටීවී එකේ ඉඳලා හිටලා මේ අති දක්‍ෂ පොලිස් බල්ලන්ව අපි දැකලා තිබුණත් හැබෑවටම උං දකින්න ලැබේවි කියලා මම වගේම මගේ ගමේ බොහොමයක් දෙනා හීනෙකින්වත් නොහිතන්න ඇති .

    යකා කියන තරම් කළු නැතෙයිලු , බුරන බල්ලෝ හපන්නේ නැතෙයිලු ! ගමේ සිදුවුණු මේ හොරකම පොලිස් බල්ලන්ටත් අල්ලන්ඩ බැරි වුණාට පස්සේ ඔය අපේ ගමේ නිතර භාවිතා වුණ උපැහැරණ අතරට අළුත් උපහැරණයකුත් එකතු වුණා .

    "පොලිස් බල්ලන්ටත් වරදිනවා !”


    ඔන්න ඕකයි අපේ ගමේ කට්ටිය අලුතෙන්ම හදාගත්තු උපැහැරනේ . ඇත්තටම එදා චූටික්කු අයියලාගේ ගෙවල් බින්ඳ හොරාගේ ඉව පාරේ ගියපු පොලිස් බල්ලෝ දෙදෙනා හොරා කියලා අල්ලගත්තේ ගමේ හිටපු බොහොම අහිංසක මිනිහෙක් වෙච්ච ගුණේ මාමව .

    ගුණේ මාමා අහිංසකයා කියලා අද මම කට පුරෝලා කීවට . එදා නම් එහෙම කියන්න මගේ හිත වගේම දිවත් නම්මගන්න මට බැරි වුණා . මගේ හිතත් කීවේ "මේ පොලිස් බල්ලෝ ටක්කෙටම හරි ! මේ ගුණේ කාරයා තමයි හොර ගෙඩියා" කියලයි .

    මම විතරක් නම් මදෑ ගමේ එවුං ගෙන් බාගයක්ම එදා ගුණේ මාමා දිහා බැලුවේ ගමේ ඉන්න තුච්චම කුපාඩියා දිහා බලන විදිහටයි .මම ඒ බව සිකුරටම දැනකියාගත්තේ ඔය සිදුවීම වෙච්ච සන්දියේ දවසක පාං භාගයක් ගේන්න කොනේ කඩේට ගිය මොහොතෙයි .

    මම පාං භාගය ගෙදරින් අරගෙන ආපු ඉටි මල්ලක දාගෙන එතන තිබුණු බංකුව උඩ පොඩ්ඩක් වාඩි ගත්තේ ගෙදර ඉඳලා කඩේට ආපු ගමන් මහන්සියට හෙම නෙවි කඩේට හැන්දෑවට ගොඩ වෙන ගමේ මහදැන මුත්තෝ කට්ටිය කතාවෙන දේවල් උන්ගේ කටපල්ලෙන් අහං ඉඳලා පුරුද්දක් මට ඒ කාලේ ඉඳලාම පිහිටලා තිබුණු නිසයි .

    "ගුණෙයා තමයි ගේ බින්ඳ හොරා" .

    ඉස්කෝලේ මුර කරන රතු මාමා එහෙම කියද්දී ගමේ උන් කීප දෙනෙක්ම ඒකට පෝර දාන්න එකතු වුණා. . . . !

    "මටත් එහෙම හිතෙනවා ඒකා කඩේටත් රුපියල් හාරසිය ගාණක් ණයයි ! මම ඕකට ණය ගෙවන්න කියලා පහුගිය ටිකේ පොඩ්ඩක් කෑගැහුවා. ඒක තමා එහෙනම් මිනිහා මේ සුද්දේ දීලා තියෙන්නේ “.

    කඩේ මුදලාලි මාමත් කතා කලේ වෙච්චි දේ නිකං බලා උන්නා වාගේ .ඔන්න ඔය අතරේ මගෙ ලොකු සීයා කඩේට ගොඩ වුණා .

    "දැන් උඹලට ගමේ එකාට වඩා පොලිස් බල්ලෙක් විශ්වාසයි නේ ?”

    මයෙ ලොකු සීයා එහෙම අහගෙනම මුදලාලිගේ මේසේ උඩ තිබුණු බෝතල් අතරින් එකක් ඇරලා සීනි නාරං බිකි කීපයක් අරගෙන මගේ දෝතට දැම්මා.

    "උඹ ඔයික කාපං මම නංඟිට තව ටිකක් ගිහින් දෙන්නම්" එහෙම කියාපු ලොකු සීයා සීනි නාරං බිකි වලට සල්ලි ගෙවුවා .

    "නෑ නෑ තැපැල් මහත්තයෝ ! එක බල්ලෙක් නම් බැරියෑ බල්ලෝ දෙන්නම ඉව කරගෙන උගෙ ගෙදෙට්ටම ගියා නෙව ඉතින් කෝමද අපි කියන්නේ ඌ හොරෙක් නෙවිය කියලා ?”

    කඩේ මුදලාලි එහෙම කියද්දී මම ආයෙමත් ලොකු සීයගේ මූණ දිහා බැලුවා . මට දැන් මේක විවාද තරඟයකටත් වඩා අල්ලලා ගිහිල්ලා , "අනේ ලොකු සීයා දිනන්න ඕනෙ" මම එතකොට පොඩි එකා නිසා ඒ විදිහට හිතින් මිමිනුවා ! .

    "උඹලෑ ඇස් පොට්ටද ? එක බල්ලයි බං බොලවු ඉව කරගෙන ගියේ අනික් එකා ගියේ මුලිං යන එකාගේ පුක පස්සෙන්නේ උඹලට තේරෙන්නේ නැද්ද උං බල්ලෝ කියලා ?”

    ලොකු සීයා එහම කියද්දි තමයි මටත් එදා සිද්ධිය ආයෙමත් මතකෙට ආවේ . ඇත්තටම එක බල්ලයි තමයි ඉව පාරේ ගියේ අනික් බල්ලා කලේ නිකම් ඔහේ ඉදිරියෙන් යන බලු රාළගේ පිටුපසින් ඇවිදගෙන ගියපු එක විතරමයි ! ලොකු සීයා මේ බව කියාපු ගමන්ම කඩේ මෙච්චර වෙලා කියව කියව හිටි ජූරි සභිකයන්ගේ කටවල් වලට අගුල් වැටුණා .

    ඔහොම සතියක් විතර ගත වුණා . පොලීසියත් මේ සිදුවීම ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් වුණේ නෑ . පොලීසියේ රාලහාමිලා ගමේ හැම ගෙයක් ගානෙම ගිහින් එක එක්කෙනාගෙන් ප්‍රශ්න කලා . ඉතින් ඔය කියන කාලේ මගේ ගම උන්නු මිනිස්සු තරමක් වෙනස් වුණා, එකාට එකෙක් නැති ගානට වැටුණා . කෙනෙකුගේ ගෙදරට පොලීස් රාළහාමි කෙනෙක් වතුර උගුරක් බොන්න ගියත් ගමේ උං ඒ ගෙදර එකාව සැක කලා .මේ සිදුවීම මුල් කරගෙන ගමේ තැන් තැන් වල ගෝරි කීපයකුත් ඒ දවස් වල ඇති වුණ හැටි මට තාම මතකයි .

    හොර කම වෙන්න කලින් එකමුතුවට උන්නු මිනිස්සු හොරකමට පස්සේ වෙනස් වෙච්ච හැටි පුදුමෙනුත් පුදුමයි . චූටික්කු අයියාගේ ගේ බින්ඳ හොරා ගමේ මිනිසුන්ගේ එකමුතු කමත් හොරකම් කරං ගිහිං තිබුනු විත්තිය මට වැටහුනේ ගොඩක් පහුවුණාමයි .

    එක දවසක් හැන්දෑවේ තුම්මං හන්දියේ ඉස්සර තිබුණු ලොකු සියඹලා ගහ යටට අමුත්තෙක් ආවා . සුදු පාට සරමක් ඇඳන් ඉණ වටේ රතු පටියක් ගැටගහගෙන උන්නු එයා . කට්ටඬියෙක් හෝ ගුරෙක් කියලා එක මම එක බැල්මකින්ම තේරුම්ගත්තා .

    මගේ හිතිවිල්ල හරියටම හරි ඒ ඇවිදින් උන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් . ! මමත් හනි හනිකට ඇඟ වැහෙන්න ඇඳුමක් කැඩුමක් දාගෙන ඒ පැත්තට පැද්දුවේ පුදුම උනන්දුවකින් . මම යනවිටත් ගමේ අයගෙන් වැඩි දෙනෙක් හනි හනිකට තම තමන්ගේ වැඩ කටයුතු නතර කර දාලා එතනට එකතු වෙන හැටි මම දැක්කා . එතනට එකතු වුණ අයගෙන් වැඩි දෙනා මේ මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කොල්ලෝ බවත් නොකියාම බෑ .

    අද වගේ තමයි ඒ කාලෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් , අංගම් ඉස්මුදුනින්ම විශ්වාස කරන අය වගේම නොකරන අයත් හිටියා . ඒත් ඒ විශ්වාස නොකරන උදවිය උන්නෝ බොහෝම ටික දෙනෙක් විතරමයි.

    අපි සියඹලා ගහ යටට එකතු වෙනකොටම ගුරුන්නාන්සේ එයාගේ කටහඬ අවදි කලා . ගුරෙකුටම ඔබින ගොරහැඩි ඒත් හොඳ පැහැදිලි කටහඬකින් ගුරා මෙන්න මේ වගේ කතාවක් කීවා .

    "මාව මෙහෙට ගෙන්නුවේ . පල්ලමේ ගෙදර උදවිය . ඒ අයගේ ගෙදර කඩපු හොරුන්ව අල්ලගඩයි මම ආවේ .”
    ගුරා එහෙම කියනකොට ගමේ උදවිය මූණෙන් මූණ බලාගත්තා . පල්ලමේ ගෙදර කීවේ මීට දින ගණනකට උඩදී හොරකමක් වෙච්ච අපේ චූටික්කු අයියලෑ ගෙදරට

    පොලීසිය දවස් ගාණක් උත්සාහ කළත් හොරු කවුද කියලා අල්ලගන්න බැරි වුණ නිසා චූටික්කුලෑ ගෙදර උදවිය කෙම් පාරේ ගිහිං හොරු අල්ලන්ඩ හිතන්නැති ! . ගමේ උදවියගෙන් බොහෝ දෙනා මේ වැඩේ කෙළින්ම අනුමත කළා .

    "ඔය පොලීසියට කියන්න කලින් අඳුනක් බැළෙවුවා නම් ඉවරයිනේ !”

    "අංගමක් පිම්ඹානම් හොරා දුවගෙන එයි නාහෙන් කටින් ලේ දමාගෙනම ,”

    "දැන්නම් ඉතින් පමා වැඩියි සක්කරයටවත් ආයේ හොරාව අල්ලන්ඩ බෑ "

    ඔන්න ඔය වගේ කතා බහ එදා අපේ ගමේ උදවිය එදා කතා වුණු හැටි මට අද වගේ මතකයි .

    එතනට එකතු වුණු ගමේ ගෑනු මිනිස්සුන් අහපු ප්‍රශ්න සේරෝටම කෙළින් උත්තර දීපු ගුරුන්නාන්සේ හොරකම වෙච්ච චූටික්කු අයියලෑ ගෙවල් පැත්තට යන්ඩද කොහෙද පල්ලම් බැස්සා . මමත් මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කට්ටියත් හෙමිහිට ඒ පැත්තට ගෑටුවේ හවස පහට ටීවී එකේ යන කාටුන් එක බලන්ඩ නොහැකි වීම ගැන දෙගිඩියාවෙන් . ඒත් අදනම් මම මේ සිද්ධිය වෙච්ච ස්ථානයට ගිහින් මගේ ඇස් දෙකෙන්ම මේ සිද්ධිය බලාගන්න හැකි වීම ගැන අනේක වාරයක් සතුටු වෙනවා.

    චූටික්කූ අයියලාගේ සාලේ මැද කකුල් තුනේ කනප්පුවක් හිටෝලා තිබුණා . ඒක මම ඔබ නිතර දකින ජාතියේ කනප්පුවක් නෙවෙයි .බොහෝම පැරණි මෝස්තරේක කනප්පුවක් . ඒ අසලම තෙල් පුරෝලා තිරයක් දාලා හදාපු පහනක් සහ මල් වර්ග කීපයක් සහිත මල් බුලත් තට්ටුවක් හදලා තිබුණා . දුම් ඇල්ලීම සඳහා ගිනියම් වෙච්ච පොල්කටු අඟුරු දාපු අඟුරු කබලකුත් ඒ ළඟම දිලිසි දිලිසි තිබුණා .

    "දැන් මෙතන ගමේ උදවිය හැමෝම වාගේ ඉන්නවා නේද ?”

    ගුරුන්නාන්සේ ඉන වටේ තිබ්බ රතු පාට රෙදි කෑල්ල ආයෙමත් තදකරලා ගැටගහගන්න අතරේ එහෙම ඇහුවා .

    "හැමෝම නම් මෙතන නෑ . උදයපාල ඉස්කෝලෙ මහත්තයල නෑ , සරුවත් සිල්වා මල්ලිලා නෑ , රජේ රස්සා කරන ගොඩක් දෙනා මෙතන නෑ .”

    ගමේ කටකාරි වෙච්ච චිත්‍රා නැන්දා එහෙම උත්තර දුන්නා .

    "හා හා කමක් නෑ අහල පහළ ගොඩ දෙනෙක් මෙතන ඉන්නවා නේ ? දැන් මම මේ කනප්පුවට මතුරනවා . එතකොට කනප්පුවට යක්‍ෂයෙක් ආරූඪ වෙනවා . ඒ යකා අපිව හොරාව ටක්කෙටම පෙන්නා දේවි “.

    ගමේ හිටි වැඩිහිටි මාමලා දෙන්නෙකුට කතා කල ගුරා උන් දෙන්නට කනප්පුව දෙපසින් අල්ලගන්ඩ කීවා. ඊළඟට මල් බුලත් තට්ටුව පිළියෙල කරලා කනප්පුවට දුම් අල්ලන ගමන් තේරෙන නොතේරෙන භාෂාවෙන් ගුරා මන්ත්‍ර වගයක් ජප කරන්න වුණා . මොහොතක් ගියත් කනප්පුව හෙලවුනේවත් නෑ . වටේ පිටේ හිටි උදවිය කසුකුසුවක් පටන්ගත්තා .ඔය අතරේ කනප්පුව වටේ වටයක් දෙකක් කැරකැවිච්චි ගුරුන්නාන්සේ දකුණු පැත්තෙන් කනප්පුව අල්ලාගෙන සිටි පාල මාමා ගාවට ආවා .

    "මේ උන්නැහේ ඔය කනේ තියන බීඩි කොටේ විහික් කොරලා ඉන්නවද ?”

    ගුරුන්නාන්සේ ටිකක් තදින් එහෙම කියනකොට වටේ පිටේ හිටිය අපිටත් තැන නොතැන අමතක වෙලා බකස් ගාලා හිනා ගියා . ලැජ්ජාවෙන් වගේ කනේ තිබුණු බීඩි කොටේ අහකට විසි කොරපු පාල මාමා ආයෙත් කනප්පුව අල්ලගත්තා . ගුරා ආයෙමත් මන්ත්‍ර ජප කරන්න පටන්ගත්තා .

    මොහොතකින් කනප්පුව හෙල වුණා . ඒ එක්කම ඒ කනප්පුව ගෙදර ඉස්සරහා දොරින් පිට වෙලා වත්තට බැස්සා . වත්තට බැහැපු කනප්පුව හෙමිහිට ගියේ කඩුල්ල ගාවට ගමේ එකක් හනි හනිකට කඩුල්ලේ තිබුණු උණ ලී ටික අහකට දමපු හැටියෙම කනප්පුව ඒ කඩුල්ලෙන් එළියට බැහැලා . ඇල පාරට හැරුණා .


    කනප්පුව වරෙක වමට බර වුණා , වරෙක දකුණට බර වුණා . එහෙට මෙහෙට බර වෙවී කනප්පුව ඇල පාර දිගේ ගොඩක් දුර ගියා . ඔහොම පාර දිගේ ගිය කනප්පුව තුම්මං හන්දියටත් සේන්දු වුණා . තුම්මං හන්දියේ තත්පර කීපයක් නතර වෙලා උන්නු කනප්පුව ගං සභා පාරට හැරුණා . ඉතින් ඔන්න ඔය මොහොතේ තමයි අපේ කථාවේ අවසාන ජවනිකාව සිද්ධ වුණේ

    කනප්පුව ගං සභා පාරෙන් හැරිලා ටිකක් දුර හෙමිහිට ඉදිරියට යන අතරේ . කනප්පුව පිටුපසින් අපේ ගමේ තිහක හතළික විතර කාණ්ඩයක් ගමන් කරමින් උන්නා . ඒත් ඔහොම ටික දුරක් යනකොට අපේ කාණ්ඩේ උන්නු ජයතිස්ස මාමා හෙමිහිට පාරෙන් එහාට මාරු වෙලා කැලෑව පැත්තට මාරුවක් දාන හැටි කවුරුන්හෝ කෙනෙකුගේ ඇහැට අහුවෙලා තිබුණා . ඇස් දෙකකට වැලි ගැහුවට ඇස් ගොඩකට වැලි ගහන එක ලේසි නෑ ! ඉතින් ජයතිස්ස මාමට ලේසියෙන් ලෙස්සලා යන්ඩ බැරි වුණා.

    "ජයතිස්සයියා . . !! උඹ කොයිබද ඔය කැලේ පද්දන්නේ ?”

    එකෙක් එහෙම කෑගහද්දී මුලු කාණ්ඩෙම ගමන නවත්තලා ඒ දිහාවේ බැලුවා

    "ම .. . . . මම මෙ . . . මෙ. . . . මේ වැස්සි කැ . . ලේ පැනලා ඒකිව හොයාන එන්ඩ .. . කි . කි යලා"

    ඒ වෙවුලන කහඬත් බයෙන් මිරිකුණු මුහුණත් ජයතිස්ස මාමගේ හොර කමේ රහස එළිකලා .ගමේ ලොකු එවුන් කීප දෙනෙක් අඩියට දෙකට ජයතිස්ස මාමා ළඟට දුවද්දී ඌ කැලේ කඩාගෙන දුවන්න ගත්තා . ගමේ පිරිමි කීප දෙනෙකුත් ඒ පිටුපසින් එළෙවුවා .

    "ජනා වරෙං වරෙං"

    මමත් මගේ මිත්තරයට අඬගහන ගමන් කැලේ දිහාවට දුවන්න අඩිය ඉක්මන් කලා . ඒත් ඒ එක්කම කවුදෝ මගේ අතකින් තදින් අල්ලගත්තා . දෙවියනේ ඒ මගේ නැන්දා ! මට තිබුණු කුතුහලේට හදිසියට මට මගේ නැන්දා මේ පිරිස අතරේ ඉන්න විත්තිය යාන්තමටවත් සිහියට නැඟුණේ නෑ .

    ඉතින් මම කපෝතියි !!

    "තෝ කොහේද දුවන්නෙ ? තෝ පල ගෙදර ! “

    "චටස් පටස්" ගාලා කස පුපුරන හඬින් කෝටු පාරවල් දෙකක් මගේ තට්ටමට වැදුණා හතර විලි ලැජ්ජාවයි ! කොල්ලෝ සෙට් එක බකස් ගාලා හිනාවක් තිවුවා ! හොරෙක් කියලා ඔප්පු වෙච්ච ජයතිස්ස මාමට දැනුණ ලැජ්ජවම ඔන්න ඔහොම වෙනත් විදිහකින් මටත් ලැබුණා .

    කනප්පුව තමන්ගේ රාජකාරිය තිතටම ඉටු කලා ! කනප්පුවට ආයෙමත් මන්ත්‍ර මතුරාපු ගුරුන්නාන්සේ කනප්පුව නතර කලා . ඉතින් පොලිස් බල්ලන්ගේ තියුණු ඉවට අහු නොවිච්චි හොර ගෙඩියෙක් හිත් පිත් නැති කනප්පුවක් අල්ලගත්තේ මෙන්න මේ විදිහටයි.

    කනප්පුව හරි පාර දිගේ තමන්ගේ ගෙවල් දෙසට යනකොට තමන් සිකුරටම අහුවෙන බව දැනගත්ත ජයතිස්ස මාමා හෙමිහිට මාරු වෙලා ගමෙන් පැනලා යන්න උත්සහ කළත් එයා ගමේ එවුන්ගේ අතටම අහුවුණා . කනප්පුව නොනැවතී ඉදිරියටම ගියා නම් ඒ පාර කෙළවර තිබුණු ජයතිස්ස මාමලාගේ ගෙදරටම ගිහින් නවතින බව ගමෝ ගොඩ දෙනෙක් කීවා . ඒ විතරක් නෙවි කනප්පුව ගමනාන්තයටම ගියා නම් මමත් නොපෙනෙන බලවේග ගැන ඉහළින්ම විශ්වාස කරන්න පෙළඹෙන්න තිබ්බා .

    කනප්පුවක් ඇවිද්ද බව කියාපු ගමන් සමහරවිට කෙනෙකුට ඒක වීශ්වාස කරන්න බොහොම අමාරු වේවි . මේ මොන කෝලමක්ද ? කියලා සමහරවිට හිනහා වේවි . ඇත්තටම මේ සිදුවීම ඇස් දෙකටම දැක්ක මමත් විශ්වාසයත් අවිශ්වාසයත් අතර හිර වෙලා . කොහොම වෙතත් මම මේ ගමේ ගත කරාපු අරුවුදු 23 කාලය ඇතුළේ විස්තර කරන්න බැරි අමුතු සිදුවීම් කිහිපයක් මම අත්විඳලා තියනවා . ඉතින් කනප්පුවක් කල මේ වික්‍රමය මම කවදාකවත් විකාරයක් විදියට සලකන්නේ නෑ .
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් ඔය සීන් එක ගැන මාත් ගොඩක් හෙව්ව.. අපේ ගේ ගාවත් ඔහොම සීන් එකක් කරා, ඒත් එදා කනප්පුව ඇවිද්දේ නැහැ..
    මචන් ඕකේ කෙනෙක් අතින් අල්ලගෙන නේ ඉන්නේ , ඕක ඇවිදිනවද නැත්තම් අල්ලගෙන ඉන්න අය ගෙනියනවද කියල හිතෙනව මටනම්..
    :eek::eek:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන් ඔය සීන් එක ගැන මාත් ගොඩක් හෙව්ව.. අපේ ගේ ගාවත් ඔහොම සීන් එකක් කරා, ඒත් එදා කනප්පුව ඇවිද්දේ නැහැ..
    මචන් ඕකේ කෙනෙක් අතින් අල්ලගෙන නේ ඉන්නේ , ඕක ඇවිදිනවද නැත්තම් අල්ලගෙන ඉන්න අය ගෙනියනවද කියල හිතෙනව මටනම්..
    :eek::eek:


    eka yanawa machan mage GF ge gewal pate karala tiba eya videot krala tiba me pics nam mage newei
     

    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara
    eka yanawa machan mage GF ge gewal pate karala tiba eya videot krala tiba me pics nam mage newei

    video num ona widiyakata karanna puluwan..Chris Angle ge magic TV series hitan yanne bun..Eth owa patta pal boru kiyala lokema dannawa. Umbe GF umbawa andala..
    ;);):lol::lol:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    video num ona widiyakata karanna puluwan..Chris Angle ge magic TV series hitan yanne bun..Eth owa patta pal boru kiyala lokema dannawa. Umbe GF umbawa andala..
    ;);):lol::lol:

    boru karana unuth athi machan

    eth apita nopenena nisama owa boru kiyala kiyanna bae machan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට යන්තර මන්තර මොකුත් ඔනෙ නැ ටිවි ඒකේම පන්නුව විශ්ව විද්‍යාලයක උගන්නන කෙනෙක් කරනනව.ඔක කරන්නෙ අත තියාලනෙ ඉන්න දෙන්න ඒක මානසික තත්වයක්.:yes: අර පොල්ගෙඩිය උඩ නැගල කරකවන එකත් ඔයවගේම තමයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් ඔය සීන් එක ගැන මාත් ගොඩක් හෙව්ව.. අපේ ගේ ගාවත් ඔහොම සීන් එකක් කරා, ඒත් එදා කනප්පුව ඇවිද්දේ නැහැ..
    මචන් ඕකේ කෙනෙක් අතින් අල්ලගෙන නේ ඉන්නේ , ඕක ඇවිදිනවද නැත්තම් අල්ලගෙන ඉන්න අය ගෙනියනවද කියල හිතෙනව මටනම්..
    :eek::eek:

    අත තියන් ඉන්නව විතරයි මචං. ඒ අත තියන්නෙත් කට්ටඩිය වත් උගේ ගෝලයෙක් වත් නෙමෙයි. ගෙදර කවුරු හරි. ඉතින් ගෙදර මිනිස්සුන්ට ඕක අවිද්දවන්න තියෙන රුදාව මොකද්ද බං;)

    අනික අත තිබ්බෙ නැත්නම් ඇවිදිද්දී කනප්පුව පෙරළෙනවා
     

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0


    gurane kanappuwa aran yanne. :D ira, waathaya , jalaya , gal pilima saha kanappu walata wanda wanda inne nathuwa budunge darshanaya hariyata pilipadinna igena ganna. methana kanapppuwak awidde naha. me kanappuwa awidinne gurage athe balen. lol umbala mewath vishwasa karanawane.
     
    Last edited: