කන්නෙම වහ තමයි

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කන්නෙම වහ තමයි

    මගේ සටහනක් නෙවෙයි. හැමෝගෙම දැනුවත් වීම සදහා දාන්නම් මමත් මේ කියලා තියෙන දේවල් විශ්වාස කරන නිසා.

    1) චිකන්
    ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්.එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා.ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්‍රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා.
    සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ.එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා.ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.කවුද මේවා නියාමනය කරන්නේ.මුදලට සියල්ල යටයි.කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ.කවුද මේවා දන්නේ.හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට.

    2)
    👉ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.
    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා.
    👉වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
    👉කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ.
    👉ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
    👉හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
    👉පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
    👉හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
    👉දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි.
    👉හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
    👉රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
    👉මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා.

    ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.

    -by Damith Namal -

    උපුටාගැනීම දීනියස් එකතුව
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හොද පොස්ටුවක් මචං..++
    සිරාවට මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ලංකාවේ.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,550
    3,139
    113
    වටිනවා මචං.. දන් කන්නෙම බොහොමයක් වසම තමයි....
    මමනම් වෙජිටේරියන්.. එක නිස්ස මස් මාළු ප්‍රස්නානම් නැ. එත් එළවලු වර්ග එහම...
    අපේ රටේ තිබුන සම්ප්‍රදායික එළවලු වර්ග පලතුරු වර්ග තමයි අපිට ගැලපෙන්නේ.. රසයි වගේම ගුණයි.. අස්වැන්න ටිකක් අඩුයි. එත් දන් ඒවා වල ඇටවත් හොයාගන්ට නැනේ.. ඔය කම්පැනි වලින් ඒවාට කෙලොල තියෙන්නේ උන්ගේ ඇට වර්ග දීල. ඒවාට පොහොර බෙහෙත් නැත්නම් හැදෙන්නෙත් නැ. ඉතින් වසම තමයි කන්නේ. මුල ඉදල ආපහු හදලා ගන්ට වෙනවා ඕක වෙනස් කරන්ට නම්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය වකුගඩු ප්‍රශ්නේ තියෙනවා, කවුරුත් මීට අවුරුදු විස්සකට කලින් කෘමිනාශක ගහද්දි මෙච්චර දෙයක් වෙයි කියල හිතුවේ නෑ :yes: අද අපි කන බොන ඒවගෙත් ප්‍රතිපල තව අවුරුදු දහය පහළවකින් එලියට ඒවි :baffled: එදාට මොන මොන ලෙඩ හැදෙයිද දන්නේ නෑ. ඒවට බෙහෙත් තියෙයිද දන්නෙත් නෑ :baffled:

    TFS +18
     

    Ckds99

    Member
    Oct 2, 2014
    12
    1
    0
    මචන් ගොඩක් වැදගත් කාලීන මාතෘකාවක්.අපිට දැන් බේරෙන්ඩ බැරි තරමටම වස විස අපිව වට කරගෙන.අපි අපේ පුංචි එවුන්න්ට කවන්නේ පොවන්නේ තනිකර වස දැන දැනම.මේක සුළුවට හිතන්ඩ පුළුවන් ප්‍රශ්නයක් නෙවි.මමත් මේ ගැන හිතෙන විඳවන කෙනෙක්.අපේ රටේ අයට අපේකම නැති වෙලා.කෝ අද අපිට අපේ දේශීය රෝපණ ද්‍රව්‍ය.කොයි කාටවත් කිසිම උවමනාවක් නෑ මේවා නවත්වන්ඩ.හිතන්ඩ, රටේ මෙච්චර දියවැඩියා රෝගීන් වැඩිවීගන යනවා.නමුත් අපේ ප්‍රධාන ආහාරය වන බත් කන්නේ හොඳටම සුද්ද කරනලද හාල් වලින්.ආහාරයට ගැනීමට සුදුසුයි කියන නාඩු හාල් සහ කැකුළු හාල් අතර කිසිම වෙනසක් නැති තරමටම නාඩු හාල් සුද්ද කරලා.අපිට වුවමනාවක් තිබුනත් කුරුට්ට සහිත නාඩු හාල් අපිට ගන්ඩ තැනක් නැති තරම්.අනික මේ හැම හාලක්ම හොඳටම වස විසෙන් පොහොසත්, ඒවගේම හාල් කල්තබාගැනීමට මොන තරම් දේවල් දානවද?පොඩ්ඩක් බලන්න සමහර හාල් වල expire date එක අවුරුද්දක් විතර.ඔය හාල් ගැන පොඩි දෙයක් විතරයි.මේ වගේ අපේ කන හැම දෙයක්ම වස විස සමග බද්ද වෙලා තියෙන්නේ.මුලික ආහාර වල මෙහෙමනම් සකසනලද ආහාර ගැන කුමන කතාද?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න මේවා තමා රටක රජයකට විසදන්න තියෙන දේවල්