ජේඩ් කියන්නේ ලාෆ් ලගේ රෙස්ටුරන්ට් එක. මේකත් තැන් කීපෙකම තියනවා. මම ගිහින් තියෙන්නෙ ජුබිලි කණුවෙ තියන එකට.
පිහිටීම
නුගේගොඩ පැත්තෙ ඉඳල එනවනං 119 පාරෙ ඇවිල්ලා ජුබිලි කණුවෙන් වමට දානකොටම එහා පැත්තෙ තියනවා ලාෆ්ලගෙ සුපර් මාකට් එක. ඒකෙ උඩතට්ටුවේ තමයි ජේඩ් එක තියෙන්නේ. කෝට්ටෙ පැත්තෙන් එනවනං, නාග විහාරෙ එහෙම පාස් කරගන එනකොට වම් අත පැත්තෙ.
කෑම
තැන
- චෛනීස් මෙනු තියෙන්නේ.
- ඒ වගේම මෙනු එකේ තියෙන්නේ චෛනීස් නං වලින්. ස්ටාෆ් එකේ එකෙක්ට කතාකරලා ඒවායින් කියන්නේ මොනාද කියල අහල බලන්න වෙයි ඕඩර් කරන්න කලින්
- කෑම නියමයි.
- කෙල්ලත් එක්ක හරි, පවුලෙ අයට හරි ගිහින් කෑම කන්න මරු ප්ලේස් එක.
- පෝර්ෂන් එක සෑහෙන ලොකුයි. small එක දෙන්නෙකුට ටිකක් වැඩිත් එක්ක.
මිල
- ඉඩතියන ටිකක් විශාල තැනක්.
- චෛනීස් ඩෙකරේෂන් එහෙම කරලා තියනවා.
- ස්ටාෆ් එක හොඳයි.
- කෑම එන්න ටිකක් වෙලා යනවා.
- බ්‍රෝඩ් වෝක් එකට වඩා ටිකක් අඩුයි..ස්ටීම් බෝට් එකේ චෛනීස් රෙස්ටුරන්ට් එකට වඩා ටිකක් වැඩියි.
- චිකන් ෆරයිඩ් රයිස් එක්ක තව ඩිෂ් දෙකකුත් වගේ එක්ක දෙන්නෙකුට 1500 ක් වගේ යයි කන්න.
- සර්විස් චාර්ජස් ඇත.




මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක



