Galle
Hasara Hotel - Richmond Hill
මුන්ගේ දවල්ට රයිස් ඇන්ඩ් කරි බුෆේ එකක් තියනවා රු.300යි පට්ට රසයි නියම ලංකාවේ පැරණි රසට. කරි 8ක් විතර තියනවා හැබැයි බුෆේ එකේ තියෙන්නේ මාලු විතරයි චිකන් ඕන නම් වෙනම ගන්න ඕන. හරි නිදහස් ස්ටාෆ් එක මිත්රශීලි. (Recommend: Dessert-Caramel Pudding Rs.60/=)
Dinner එකට තියනවා රයිස් නාසි මැකරෝනි කොත්තු වගේ ඕන දෙයක්. කොත්තුව නම් පට්ට.
Fancis - Dangedara (UKG Building)
night time එකට යාලුවෝ සෙට් එකත් එක්ක යන්න හොද රෙස්ටෝරන්ට් එකක්. ලිකර් පිටින් අරන් යන්න ඕන. ඒ බිල්ඩින් එකේම පහල බාර් එකක් තියන නිසා කරදරයක් නෑ. ටිකක් විතර මිලෙන් වැඩි එත් රසයි පෝෂන් එක හොදයි. (recommend: Crispy Chicken)
ThreeRose - Julgaha Junction
මේක නම් කොත්තු කඩ ටයිප් එකට තියෙන්නේ ගිහින් කන්න ඒ තරම් සෙට් නෑ එත් takeaway වලට මෙතන ලාබයි. ආප්ප රයිස් තොසේ පරෝටා හැමදේම තියනවා 8, 9 වෙද්දී සමහර කෑම ඉවර වෙනවා.
Indian Hut - Galle Fort
මේකේ නම් අයිතිකරු දන්නා විදියට මුස්ලිම්. එත් මේ රෙස්ටෝරන්ට් එකේ වටිනාකම නිසා මේක නොදා බෑ කියල හිතුනා . ඉන්දියන් කෑම ඕනෑම දෙයක් ඉන්දියානු රසයටම කන්න හොදම සහ ගාල්ලේ නම් එකම තැන මේක. හැබැයි මේකන් රයිස් එහෙම නම් කන්න හිතන්නවත් එපා පෝෂන් එක එක්කෙනේක්ටත් මදි එච්චර රසකුත් නෑ කනවනම් චපාති නාන් ටන්දුරි රොටි එක්ක චන්න මසාලා, මටන්, චිකන් වගේ කරි ගන්න. රු.1500ක් වගේ දෙන්නෙක්ට යනවා. ගාලු කොටුව එක්ක මුහුදු හුළං වැදීගෙන නිදහසේ කෑම කන්න පුළුවන්.
(හම්බ කඩයක් දැම්ම කියල මට බනින්න එපා මම වෙන කිසිම හම්බ කඩේකට යන්නෙත් නෑ කන්නෙත් නෑ)