කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්
කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්
කඳුකරයේ දෙමළ පක්ෂ 03 ක් එක්ව වෙනම සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.
මෙය උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වන දෙමළ ජාතික සන්ධානයට සමාන සන්ධානයක් බවද වාර්තා වේ.
මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය මෙකී දේශපාලන පක්ෂ තුන වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවක් වාසය කරන බස්නාහිර, ඌව, මධ්‍යම හා සබරගමුව යන පළාත් තුළ මෙකී සන්ධානය පුළුල් ලෙස සිය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ පිළිබඳව ලබන සතිය වනවිට මෙරට ජනතාවට හෙළි කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
See more at: