කඳුලු දෙන්න මට හඬන්න
කඳුලු දෙන්න මට හඬන්නසත් සමුදුරු ගොඩ ගලන්නසුසුම් දෙන්න මට හෙලන්නසක්වල ගල සසල වන්නහිත උපන්න ආලවන්තඒ රුව කෝ මට කියන්නමගෙ තනියට මා පමණයිඇය එවන්න මා බලන්නලිහි� [...]
කඳුලු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
ලිහිණියනේ පියාඹන්න
ඈ ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඈ එවන්න මා බලන්න
හිතේ උනන ආල වේගය , විරහ වේදනාව තුල ඇති අරුම නිසාවෙන් හුස්මක් ගන්නටවත් බැරිව ගොස් යැයි මට හිතේ. බැලු බැලු අත ඒ මුහුණය. දින සති ගනන් සංඛ්‍යාලේඛන අතරේ සැරිසරන හිත වරින් වර ගැස්සෙන්නේ ආල හිත සිහිපත් වීමෙන්. කල කී දෑ... මතක මානයෙන් ඔබ්බට නොයේ.. කෑ ගසා හඬන්නට බැරි තරම් හිත හෙම්බත්ව සිටී. හැර ගිය ඒ මතකය රිදුම් දෙයි. මා තනිව ඇතැයි සිතේ. විටෙක් මා මියෙන බව කියා තර්ජනය කර ආලය යලි දිනා ගන්නට හිතුවක්කාර හිත බල කරයි...
මා හැර ගිය ඒ හිත... ඒ හිත... ඒ හිත... කොහිද? ඇස් මානයේ පෙනී නොපෙනී හිඳී ... වරෙක ඈත් වේ.. වරෙක ඇස් අබියස දසුනට ඇමිණ එයි.. වරෙක මතක ඇවිස්සී සිත තිගස්වයි... වරෙක විදිලියක් සේ සිත පුරා දිව යයි... විරහව මා විඳවන තරමටම ඒ ආල හිතට නොදැනෙන්නේ මන්ද? අතීතය එතරම් ඉක්මනින් උගුල්ලා දැම්මේ කෙලෙසද? මා මියෙන්නේ නම් යෙහෙකි.. එවිට ඒ ගල් හිත මට නොපෙනේ.. නොදැනේ. ඒ හිත මා කරා නො එයි... අහස ගොලුය.. අහස දෙස බලා ඉන්නා සඳ පායන්නට ඉඩ හසරක් නැතිව වැතිර ඉඳී.. පණ අදී... අමාවකක් ආ සඳ , සඳත් සමග විරසක වී සඳට දඬුවම් නොව සදහට බ්‍රහ්මදන්ඩය පැනවූ ගල් හිතකට , ලිහිණියකු ගෙනයන දූත පණිවිඩය ඇසේවිද?
අතීතය යනු මහ දුරක නොවෙයි. මතකය සියවසක වූ දෑ නොවෙයි. සිදුවීම් හුදෙක් සිද්ධීන් නොවේ... ඒවා සොඳුරු තිගැස්මක පැටලී මෙතරම් වද දෙන්නේ ඇයි.. ? අත් හැරී ගිය කවියට අකුරු මදිව ඇත.. එලිසමයක් නොරඳන කවියක් අමුණනු මිස,ගෙත්තමක් සේ ඒ කවිය නොගෙතෙයි. නිරායාසයෙන් අකුරුත් වචනත් මුතුහරක් මෙන් ගෙතී ගිය යුගයද සොරකම් කොට ගෙන හිත උපන්න ආලවන්ත රුව සැඟව ගොසින්... මගේ හුස්මත් රැගෙන ආලවන්ත රුව ගිය අත ලිහිණියනේ සොයා යන්න !
මේ .. මේ ගීය පිලිබඳව මට හැඟුන කතාවයි....