මගෙ මැනිකේ ඇයි ඔය ලෙස
කතා නැතුව ඉන්නෙ මේම
වෙනදට මන් ලගට වෙලා
කියවන උබ කෝ අද....
පැටව් දෙන්න නිදි හොදටම
උබත් ඔහේ ඇස් පියගෙන
හිතට දැනෙන මේ දුක් කද
බෙදා ගන්න වරෙන්කො අද..
මගෙ පැටව්නෙ උබෙ තාත්තා
උබලා ගැන මැව්ව හීන
එකින් එකට කියලා අද
නිමා කරන්නට හැකි වෙද...
මතකද මැනිකේ උබ හට
දාල නොයන බව කිව් බව
මේ ලෙස මා රවටල
යන්න එපා පව් රන්කද.....
මේ සුරතල් සිගිති මූනු
උබෙ මුව ඇති අදර තෙපුල්
නිව්වා මගෙ හැම දුකක්ම
අද සිට මන් ඉන්නෙ කෝම......
මගේ තිබ්බ හිතේ සුවය
උදුර ගන්න කර ඇත පව
වැඩ ඉන්නා එක දෙවියෙකු
නොඅසයිදො මේ ගින්දර.....
මගෙ පැටවුන් සහ සොදුරිය
ලගට අරන් දෙවියන් අද
අනේ උන් හට පන දීලා
උදුර ගනින් මුලු සේසත....
සචී....
source -: https://www.facebook.com/groups/lahirugimhana70/permalink/595578940610778/
