කපිල වස්තු ධාතු

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කපිල වස්තු ධාතු

    ලංකාවට ඊයේ ඉන්දියාවේ ඉදන් ධාතු වැඩම කලා. පොඩි ගූගල් පාරක් දාපු පාර මේ කපිල වස්තු පුර ධාතු ගැන විස්තරයක් හම්බ උන නිසා එළකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න හිතුනා.



    Casket.jpg





    කපිල වස්තු පුර යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි. කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම ගත කලේ කපිල වසතුවේය.බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා පිරිවරා කපිල වස්තුවටය.
    අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.



    ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි


    Alexander_19461.jpg



    කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී කපිල වස්තු පුරයද මහා වනයේ අනසකට යටත් විය.එය 19 වන සියවස වනවිට වන අලින්ගෙන් යුතු මහා වනයක් සේ දිස්විය.මෙකල එංගලන්තයේ පුරාවිද්යා අංශයේ ප්‍රධානියා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාය.ඔහු 1861 වනවිට ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් කටයුතුද ආරම්භ කර තිබිනි.එහි ප්‍රතිඵලයක් ලෙස 1861 දී කුසිනගර් හෙවත් එදවස කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදහනය කල තැන ඉදිවූ ආදාහන ස්තූපය සොයා ගැනිමට හැකිවිය.

    එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.


    ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්‍රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය.




    image005.jpg

    බ්‍රාහ්මීය අක්ෂර



    relicp1a.jpg

    කපිල වස්තු සෑයේ හරස්කඩකි.
    මම වාක්‍ය කන්ඩය කියවා ගත හැකි වුවහොත් මෙම බදුන් වල ඇත්තේ කුමක්දැයි කියා නිශ්චිතවම හඳුනා ගත හැකි බව දත් මෙම විද්‍යාඥයින් දෙපලගෙ මීලඟ මෙහෙයුම වූයේ බ්‍රාහ්මීය අක්ෂර කියවිය හැකි අයෙකු සොයා ගැනිමයි.


    relicp1c1.jpg

    සෑ ගර්භයේ අඩි 20ක් යටී තිබී සොයා ගත් ගල් පෙට්ටිය




    54685-large.jpg

    ධාතූන් වහන්සේලා සහිත භාජන හමු වූයේ මෙසේය


    ඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ.


    h_0007.jpg




    ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගෙන් ලැබුනු බ්‍රාහ්මීය අක්ෂර සුපරික්ෂාකාරිව කියවා බැලු උන් වහන්සේ සතුටින් ඉපිල ගියේ ඉතිහාසයේ සැඟව ගිය නිධානයක් නැවත විවර වන මග එහි සටහන් වූ නිසාය.එහි සටහන් වූ දෑ උන් වහන්සේ පාලි සංස්කෘත සිහංලයට පරිවර්ථනය කලේය.ඒ මෙසේය.

    ර්‍ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං
    සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”

    "ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ
    එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"



    ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්‍රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්‍රයේ දැක් වේ.
    "එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්‍යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය)

    මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ.



    "බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............
    "එවිට වෙදෙහ පුත්‍ර වූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා මහ නුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද, අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමෙද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම් පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය."(දීඝ නිකාය)

    image003.jpg

    ධාතු තැන්පත් භාජන


    relicp1c.jpg

    පරිවර්ථනය කල පාඨය සටහන් වූ බදුන



    එදා මහත් වූ හරසරින් ජීවමාන බුදු සමිදු මෙන් වඩමවා ගෙන ගිය එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට කිඹුල්වතෙහි ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුවෙහි මහා සැයක් බැන්ද වීය.සිරිසුබූති මහානාහිමියන් වහන්සේ අතින් පරිවර්ථනය වූයේ එදා ශාක්‍ය වංහිකයන් ධාතූන් වහන්සේලා තැන්පත් මංජුසා,ධාතූ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සටහන් කර තැබූ වාක්‍ය කණ්ඩයයි.
    මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි.


    h_0009.jpg


    පීප් මහතා විසින් එවන ලද ලිපිය



    ධාතූන් වහන්සේලාගෙන් කොටසක් එංගලන්තයට යැවුනු අතර එක් නමක් සියමේ රජුගේ ආයාචනයෙන් එරටට පුජා කෙරිනි.පීප් මහතා විසින් ඉතිරි දාතූන් වහන්සේලා 21නමක් සිරි සුභූති මහානාහිමියන්ට ලැබීමට සැලැස්වීය.එදා මීට වසර 113ට පෙර එනම් 1899 අප්‍රේල් මස 16 වනදා ඉන්දියා වේ සිට ලක් දිවට ලැබුනු ධාතූන් වහන්සේලා සමග පීප් මහතා විසින් එවන ලද ෙඓතිහාසික ලිපය තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය ලියවිල්ලක් ලෙස ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තෙමින්තු වේ සුරක්ෂිතව පවති.

    එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.​




    19, 20, 21 යන දිනයන්හි කැලණිය මානෙල්වත්ත විහාරය, 22, 23 දෙදින පැල්මඩුල්ල රජමහා විහාරය, 24, 25, 26 අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරය 27, 28 කන්තලේ අග්‍රබෝධි විහාරය, 29 – 30 ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු 31 – සැප්තැම්බර් 01 – වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, සැප්තැම්බර් 02, 03, 04 සහ 05 වැනි දින දහවල් 12.00 වනතුරු මාතර කොටිකාගොඩ විහාරස්ථානයේ දී දිවා රාත්‍රි දෙකෙහිම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කැරෙනු ඇත.


    :yes::yes::yes:

    source
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බුදුසසුන බැබලේවා !

    වටිනා ලිපියක් මචන්. නොදැන සිටි ගොඩක් දේවල් අද මම දැන ගත්තා,

    රෙප් +++


    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්ඇති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
    එකයි තවමත් සංසාරේ...//

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්ට ඒ කාලේ
    නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
    ඒකයි තවමත් සංසාරේ

    බුදුහාමුදුරුවො....//

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ

    බුදුහාමුදුරුවො...//


     
    • Like
    Reactions: vidura99