කබල් වාහන 40ට පාර වහයි
අදදෙරන
කබල් වාහන 40ට පාර වහයි
බිබිල ප්රදේශයේ රථ වාහන 40ට තහනම් නියෝග නිකුත්කර තිබේ.
බිබිල රථ වාහන පොලිස් නිලධාරින් විසින් විශේෂ පරීක්ෂාවකින් අනතුරුව මෙම තහනම් නිකුත්කර ඇති බව සඳහන්ය.
අදාළ රථ වාහන පරීක්ෂාවේ දී වාහන 200 ක් පමණ පරීක්ෂා කර ඇති අතර එහිදී මාර්ගයේ ධාවනය කිරිමට නොහැකි තත්ත්වයේ පැවති රථවාහන 40ක් සඳහා මෙම නියෝගය නිකුත් කර ඇත.
ලංගම බස් රථ 05 ක්, ටිපර් රථ 20 ක්, ත්රීරෝද රථ 05 ක්, යතුරු පැදි 03 ක් සහ තවත් වාහන 07 ක් සඳහා එසේ තහනම් නියෝග නිකුත්කර තිබේ.