කබල් වාහන 40ට පාර වහයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කබල් වාහන 40ට පාර වහයි

කබල් වාහන 40ට පාර වහයි

බිබිල ප්‍රදේශයේ රථ වාහන 40ට තහනම් නියෝග නිකුත්කර තිබේ.

බිබිල රථ වාහන පොලිස් නිලධාරින් විසින් විශේෂ පරීක්ෂාවකින් අනතුරුව මෙම තහනම් නිකුත්කර ඇති බව සඳහන්ය.

අදාළ රථ වාහන පරීක්ෂාවේ දී වාහන 200 ක් පමණ පරීක්ෂා කර ඇති අතර එහිදී මාර්ගයේ ධාවනය කිරිමට නොහැකි තත්ත්වයේ පැවති රථවාහන 40ක් සඳහා මෙම නියෝගය නිකුත් කර ඇත.

ලංගම බස් රථ 05 ක්, ටිපර් රථ 20 ක්, ත්‍රීරෝද රථ 05 ක්, යතුරු පැදි 03 ක් සහ තවත් වාහන 07 ක් සඳහා එසේ තහනම් නියෝග නිකුත්කර තිබේ.​

අද‍දෙරන ‍
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මිනිස්සු ආසාවට පරණ වාහන පදිනවා නෙවෙයිනේ. ඉන්දියාවේ ලක්ෂයට තියෙන ත්‍රීවීල් එකත් දැන් ලංකාවේ ලක්ෂ 4ක් විතර වෙනවනේ. ටැක්ස් අඩු කෙරුවා නම් ඔය පරන වාහන නිකම්ම අයින් වෙනවා.