මචං චතුරංග, මේක repost එකක් උනත් නූනත් ඒකෙ වැදගැම්මක් නැහැ. ඔබ බලන අයට ඇති කළ කම්පනය ඉමහත්. මටත් මෙහෙම කේස් එකක් උනා. මං උදව් කරපු මෙඩ්ඩෙක් හිටියා. ගිනි බිසව් කියන african රටෙන් ආපු පොරක්. මේ හාදයා මෙහෙන් යන්න කළින් මට dinner එකකට එන්න කිව්වා. මිනිහා හොද cook. එදා හදලා තිබ්බා එළ ඩෙවල් එකක්. මාත් හිතුවා pork වෙන්න ඇති කියලා. කෑමෙන් පස්සේ යාළුවා මගෙන් අහපි "wije, do u know what u ate? " කියලා. මම කිව්වා"Pork? " මූ කියපි" No Horse!!" කියලා. දාන්න ද බං කෑවහම ආයෙ. බැලුව ම උන් ගේ රටේ තියෙන rare ම delicacy එක්ක ලු අශ්ව මස්. මූ කාට ද කියලා එහෙන් ම ගෙන්නගෙන!! එක එක රට වල rituals වෙනස්. නමුත් අමනුස්සකම් වලට breaks තියන්න ඕනෙ. ඔබ ඇති කළ සංවාදය යහපත් එකක්. තව තවත් හොද දේ ම කරන්න. ජයවේවා!!