කයිසර් අත්තඩන්ගුවට. 
ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායක කයිසර් කයිස් යන අය පරුෂ වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව කොහුවල පොලීසිය පවසයි. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ මහත්වරු කොහුවල පොලීසියට කළ පැමිණිල්ලක් මත රැප් ගායක කයිසර් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 03 වැනිදා පැවැති සංගීතයකදී එම ගායකයා අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම හේතුවෙන් සංගීත ක්ෂේත්රයට අපකීර්තියක් වූ බවට එම ගායක දෙපල කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එම රැප් ගායකයාගේ අසභ්‍යවදන් ඇතුළත් වීඩියෝව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වීමත් සමග එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් සිය අප්‍රසාදය පළ කර අදහස් පළ කර තිබිණි.
මෙම සිදුවීමෙන් පසු කයිසර් නැමැත්තා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගෙන තිබිණි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාගරම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

ammawa gennanna hithenawa neda