කරණීය මෙත්ත සුත්‍රය..............!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කරණීය මෙත්ත සුත්‍රය..............!!!

    h7Jo.jpeg


    කරණීය මෙත්ත සුත්‍රය
    (සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, සුත්ත නිපාතය, උරග වග්ගය)




    ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ වැඩසිටි සමයේ භික්‍ෂූන් වහන්සේ 500 නමක්‌ භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක්‌ බුදුරදුන්ගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ අරඤ්ඤා ගතෝවා, (ආරාම තූළ) රුක්‌ක මූල ගතෝවා, (රුක්‌ සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශුන්‍ය) පෙදෙස්‌ යන ස්‌ථානවලින් එක්‌ ස්‌ථානයකට යන මෙන් කියා සිටියා.

    ඒ අනුව එම භික්‍ෂූන් වහන්සේලා විශාල රුකක්‌ යටට ගොස්‌ භාවනාවේ යෙදෙන්නට වුණා. එම අවස්‌ථාවේ වනයේ රුක්‌ වලට අධිගෘහිත දෙවි දේවතාවුන් වහන්සේලා ගස්‌ ගල් පෙරලෙන ආකාරයෙන් විවිධ ශබ්ද නගමින් භික්‍ෂූන්ගේ භාවනාවට බාධාවන ලෙස හිරිහැර කළා.


    අනතුරුව බුදුන්වෙත ගිය භික්‍ෂූන් මේ බව කියා සිටි අවස්‌ථාවේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වෙනත් ස්‌ථානයකට නොගොස්‌ පෙරදී බාධා ඇතිවූ ස්‌ථානයටම ගොස්‌ කරණීය මෙත්තසූත්‍රය දේශනා කොට නැවත භාවනාව ආරම්භ කරන ලෙස දැන්වූවා.


    එහි ගිය භික්‍ෂූන් වහන්සේලා පංච ශීලය ආරක්‍ෂා කරමින් මෙත්ත සූත්‍රය සජ්ජායනා කොට භාවනාවට සැරසෙත්ම ප්‍රමෝදයට පත් රුක්‍ෂ අධිපති දෙවි දේවතාවෝ පැමිණ සැම කල්හිම මේ ස්‌ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක්‌ ගතකරන ලෙස ආරාධනා කළා. එයින් අපට වටහාගත හැකියි. කරණීය මෙත්ත සූත්‍රයේ බලසම්පන්න බව.


    යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය බය දුරලීම පිණිස දේශනා කරන ලද මෙම සූත්‍රය වර්තමානයේ බොහෝ දෙනා
    සජ්ජායනා සූත්‍රයක්‌ ලෙස භාවිත කළත් මෙම සූත්‍රය සජ්ජායනයට පමණක්‌ සීමාවිය යුතු සූත්‍රයක්‌ නොව ක්‍රියාවට නැංවිය යුතු සූත්‍රයකි. මෙම සූත්‍රය සජ්ජායයෙන් දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙන අතර ක්‍රියාවේ යෙදවීමෙන් විදුල ප්‍රයෝජන ලැබිය හැකිබව මතක තබාගත යුතුම කාරණයකි.

    කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. එබැවින් මෙම සූත්‍රයේ දැක්‌වෙන ගුණ තමා තුළ වර්ධනය කරගනිමින් ක්‍රියාවේ යෙදවීමටත් දමනය කළ නොහැකි අමනුෂ්‍ය බලවේග යක්‍ෂ, ප්‍රේත දෝෂ සියල්ල තමා ඉදිරියේ දමනය වී සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ වෙත පැමිණෙන සියලු ප්‍රශ්න විසඳාගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ඔබට ලැබේ.


    නිතිපතා
    සජ්ජායන කරමින් ක්‍රියාවට නැංවිය යුතු මෙම අගනා සූත්‍රයේ විශේෂ ගුණාංග මෙසේ පැහැදිලි කළ හැකි අතර එම ගුණාංග ඔබේ දිවියට ළංකර ගැනීමෙන් එය ඔබේ ඉදිරි යහපත සඳහා මහෝපකාරී වනු ඇත.

    hiaD.jpeg




    කරණීය මත්ථ කුසලේන
    යං තං සන්තං පදං අභිසමේච්ච
    සක්කෝ උජූ ච සූජූ ච

    සුවචෝ චස්ස මුදු අනතිමානී


    සන්තුස්සකෝ ච සුභරෝ ච

    අප්පකිච්චෝ ච සල්ලවුකවුත්තී
    සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච

    අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ


    න ච බුද්දං සමාචරේ

    කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං

    සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු

    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා



    යේ කේචි පාණභූතත්ථි තසා වා

    ථාවරා වා අනවසේසා

    දීඝා වා යේ මහන්තා වා

    මජ්කධිමා රස්සකාණුකථූලා



    දිට්ඨා වා යේව අද්දිට්ඨා

    යේ ච දූරේ වසන්ති අවිදූරේ

    භූතා වා සම්භවේසීවා

    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


    න පරෝ පරං නිකුබ්බේථ

    නාතිමඤ්ඥේථ කත්ථචී නං කඤ්චී

    ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
    නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙයිය



    මාතා යථා නියං පුත්තං

    ආයුසා ඒකපුත්තමනුරක්ඛේ

    ඒවම්පි සබ්බභූතේසු

    මානසං භාවයේ අපරිමාණං



    මෙත්තං ච සබ්බ ලෝකස්මි
    මානසං භාවයේ අපරිමාණං

    උද්ධං අධෝ ච තිරියඤ්ච
    අසම්බාධං අවේරං අසපත්තං


    තිට්ඨං චරං නිසින්නෝ වා

    සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ

    ඒතං සතිං අදිට්ඨෙය්‍ය

    බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු


    දිට්ඨිං ච අනුපගම්ම සීලවා

    දස්සනේන සම්පන්නෝ

    කාමේසු විනෙය්‍ය ගේධං

    නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති

    hiaD.jpeg



    කරණීය මත්ථ කුසලේන – ඒ ශාන්ත පදය වන ‘අමා නිවන’ ට පැමිණ වාසය කිරීමට

    යං තං සන්තං පදං අභිසමේච්ච – කැමති අයෙකු විසින් ඒ සඳහා ඇති කර ගත යුතු කුසලතා


    සක්කෝ - (කුටි සෑදීම සිවුරු මැසීම පඬු පෙවීම පාත්තර සකස් කිරීම ආදී) සියලු කටයුතු වල දක්‍ෂයෙක් විය යුතුයි


    උජූ ච - සෘජු (අවංක) කෙනෙක් විය යුතුයි


    සූජූ ච – ඉතා අවංක කෙනෙක් විය යුතුයි


    සුවචෝ චස්ස - කීකරු කෙනෙක් විය යුතුයි


    මුදු – මෘදු හිතැත්තෙක් විය යුතුයි


    අනතිමානී – අධික මාන නැත්තෙක් විය යුතුයි


    සන්තුස්සකෝ ච – ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතුයි


    සුභරෝ ච – පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් විය යුතුයි


    අප්පකිච්චෝ ච – අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුයි


    සල්ලවුකවුත්තී - සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුයි


    සන්තින්ද්‍රියෝ ච – දමනය කළ සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුයි


    නිපකෝ ච – තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුයි


    අප්පගබ්භෝ - හැඩිදැඩි අසංවරගති නැත්තෙක් විය යුතුයි


    කුලේසු අනනුගිද්ධෝ - හිත මිත්‍ර කුල පවුල් වල නොඇලෙන්නෙක් විය යුතුයි


    න ච බුද්දං සමාචරේ කිඤ්චි යේන – නුවණැත්තන් නින්දාකරන ඉතා සුළු වරදක් වත් නොකරන


    විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං - අයෙක් විය යුතුයි.
    (මෛත්‍රිය වඩන ආකාරය)


    සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා භය නැත්තෝ වෙත්වා සැප


    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - ඇති සිත් ඇත්තෝ වෙත්වා


    යේ කේචි පාණභූතත්ථි තසා වා - කෙලෙස් සහිත වූ ද, කෙලෙස් රහිත වූ ද, යම් සත්ව


    ථාවරා වා අනවසේසා - පිරිසක් ඇද්ද ඒ සියලුම දෙනා ද


    දීඝා වා යේ මහන්තා වා - දිග සත්තු ද මහත ශරීර ඇති සත්තු ද


    මජ්කධිමා රස්සකාණුකථූලා - මධ්‍යම ප්‍රමාණයේ සත්තු ද මිටි සත්තු ද

    ඉතා සියුම් සත්තු ද ස්ථුල සත්තු ද


    දිට්ඨා වා යේව අද්දිට්ඨා - ඇසට පෙනෙන සත්වයෝ ද ඇසට නොපෙනෙන සත්වයෝ ද


    යේ ච දූරේ වසන්ති අවිදූරේ – දුර වාසය කරන සත්වයෝ ද ළඟ වාසය කරන සත්වයෝ ද


    භූතා වා සම්භවේසීවා - ඉපදි සිටින සත්වයෝ ද ඉපදෙමින් සිටින සත්වයෝ ද


    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ සුවපත් වෙත්වා


    න පරෝ පරං නිකුබ්බේථ – කිසිවෙක් කිසිවෙකුට (රැවටීම් ආදියෙන්) හිංසා නොකෙරේවා


    නාතිමඤ්ඥේථ කත්ථචී නං කඤ්චී – කිසි තැනකදී කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා


    ඛ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා - නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන්


    නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙයිය – ඔවුනොවුන්ට දුකක් කැමති නොවෙත්වා


    මාතා යථා නියං පුත්තං - තම ජීවිතය මෙන් පුතු සුරකින


    ආයුසා ඒකපුත්තමනුරක්ඛේ – එකම පුතෙකු ඇති මව් විලසින්


    ඒවම්පි සබ්බභූතේසු - සියලු සත්ත්වයන් කෙරෙහි


    මානසං භාවයේ අපරිමාණං - අප්‍රමාණ වු මෙත් සිත පැතිර විය යුතුය


    මෙත්තං ච සබ්බ ලෝකස්මි – උඩ ද යට ද හරහට ද සීමාවක් නැතිව වෛර සිත්


    මානසං භාවයේ අපරිමාණං - නැතිව සතුරු බාධා නැතිව සියලු ලෝකය කෙරෙහි


    උද්ධං අධෝ ච තිරියඤ්ච – අප්‍රමාණ වු මෙත් සිත පැතිරිය යුතුය.
    අසම්බාධ අවේර අසපත්ත


    අසම්බාධං අවේරං අසපත්තං - සිටගෙන සිටින විට ඇවිදින විට හෝ හිඳගෙන සිටින විටද


    තිට්ඨං චරං නිසින්නෝ වා - සිටගෙන සිටින විට ඇවිදින විට හෝ හිඳගෙන සිටින විට ද


    සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ - නිදාගැනීමට ගිය විට හා නින්ද යන තුරු ද


    ඒතං සතිං අදිට්ඨෙය්‍ය - මේ මෛත්‍රී සහගත සිත අධිෂ්ඨානයෙන් සිහි කළ යුතුය


    බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු - එසේ විසීම බ්‍රහම විහරණය යි කියනු ලැබේ.


    දිට්ඨිං ච අනුපගම්ම සීලවා - (මෙසේ කරන තැනැත්තා) කිසිදු මිථ්‍යා දෘෂ්ටියන් හි නොඇලී සිල් ගුණ ධර්ම දියුණු කරගෙන


    දස්සනේන සම්පන්නෝ - සොතාපණ්ණ මාර්ගය දකිනා නුවණින් යුතුවී


    කාමේසු විනෙය්‍ය ගේධං - කාමයන්ට ඇති ඇල්ම දුරු කොට


    නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති – නැවත මව් කුසක බැස ගැනීමට නොපැමිණේ (පිරිණිවන්පානු ලැබේ)


    තෙරුවන් සරණයි...!!

    :):):)
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    අපි කථා කරනවානේ සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැන. ටිකක් හිතලා බලන්න මේ සූත්‍රයත් එක්ක. අපි නොදකින පැත්තක් එතන තියෙනවා