කරන්න වටින වැඩක්
ආදි ශිෂ්‍යය සංගම් කියන්නේ මාසයකට අවුරුද්දකට සැරයක් එකතුවෙලා වෙරි වෙන්නම බීලා යන එක කියලයි අද සමාජ මතය. ගුරුවරුත් ටියුශන් සල්ලි පස්සේම නහින, දොස්තරලත් මනුස්සකමක් නොහඳුනන, ශිෂ්‍යයොත් කළගුණ නොදන්න පිරිස්, විදියට සමාජගතවෙන අද කාලයේ පසුගිය සතියේ ජනමාධ්‍යවල සඳහන් නොවුණ නමුත් ඉතාම ආදර්ශමත් වටිනා දෙයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තිබුණුබවට දැනගන්න ලැබුණේ මිතුරෙකුගේ සමාජශාලා අඩවියක තිබූ ඡායාරූපපෙළකින්.
අහන්න ලැබුණු විදියට සෑම වසරකම මෙම කටයුත්ත කෙරෙන්නක්.
තමුන්ගෙන් ඉගෙනගත්ත සිසුවෙකු තමන්ට වඩා ඉහළට යනවා දකින එක තරම් සතුටක් ගුරුවරයෙකුට තවත් නෑ. එහෙම ඉහළ තැනකට ගිය ගෝලයන් මුල අමතක කරන්නේ නැතුව වයසට ගිය එම ගුරුවරුන් වෙනුවෙන් කරපු මේ දේ ඉතාම අගය කරන්න ඕනේ.
පාසලේ ආදිශිෂ්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රැසක් තම නිවාඩු දිනය සම්පූර්ණයෙන්ම කැප කර නොමිලේම
තම ගුරුවරුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් මහන්සිවීම අනෙකුත් සියලුම පාසල්වල ආදිසිසුන්ටත් හොඳ මගපෙන්වීමක්.
එම ගුරුවරුන්ගේ මුහුණුවල සිනහව දකිනවිට මටනම් සිතෙන්නේ එම සිසුන් ඔවුන්ගේ ණයෙන් සෑහෙන කොටසක් එදාම පියවා ඇති බවයි.
කරන්න පුලුවන්නම් අනෙකුත් පාසල් වල ආදි සිසුන්ටත් මෙන්න හොඳ වැඩක්.