කරන්න වටින වැඩක්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කරන්න වටින වැඩක්

ආදි ශිෂ්‍යය සංගම් කියන්නේ මාසයකට අවුරුද්දකට සැරයක් එකතුවෙලා වෙරි වෙන්නම බීලා යන එක කියලයි අද සමාජ මතය. ගුරුවරුත් ටියුශන් සල්ලි පස්සේම නහින, දොස්තරලත් මනුස්සකමක් නොහඳුනන, ශිෂ්‍යයොත් කළගුණ නොදන්න පිරිස්, විදියට සමාජගතවෙන අද කාලයේ පසුගිය සතියේ ජනමාධ්‍යවල සඳහන් නොවුණ නමුත් ඉතාම ආදර්ශමත් වටිනා දෙයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තිබුණුබවට දැනගන්න ලැබුණේ මිතුරෙකුගේ සමාජශාලා අඩවියක තිබූ ඡායාරූපපෙළකින්.

අහන්න ලැබුණු විදියට සෑම වසරකම මෙම කටයුත්ත කෙරෙන්නක්.
තමුන්ගෙන් ඉගෙනගත්ත සිසුවෙකු තමන්ට වඩා ඉහළට යනවා දකින එක තරම් සතුටක් ගුරුවරයෙකුට තවත් නෑ. එහෙම ඉහළ තැනකට ගිය ගෝලයන් මුල අමතක කරන්නේ නැතුව වයසට ගිය එම ගුරුවරුන් වෙනුවෙන් කරපු මේ දේ ඉතාම අගය කරන්න ඕනේ.
පාසලේ ආදිශිෂ්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රැසක් තම නිවාඩු දිනය සම්පූර්ණයෙන්ම කැප කර නොමිලේම
තම ගුරුවරුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් මහන්සිවීම අනෙකුත් සියලුම පාසල්වල ආදිසිසුන්ටත් හොඳ මගපෙන්වීමක්.
එම ගුරුවරුන්ගේ මුහුණුවල සිනහව දකිනවිට මටනම් සිතෙන්නේ එම සිසුන් ඔවුන්ගේ ණයෙන් සෑහෙන කොටසක් එදාම පියවා ඇති බවයි.
කරන්න පුලුවන්නම් අනෙකුත් පාසල් වල ආදි සිසුන්ටත් මෙන්න හොඳ වැඩක්.
14457311_10154518719928416_8420156863326185949_n.jpg

14440635_10154518694133416_1527616026189666247_n.jpg

14492527_10154518703113416_309954709537326241_n.jpg

14457353_10154518681078416_2902691496383611454_n.jpg

14484917_10154518713773416_6249242969920238394_n.jpg

14479547_10154518670278416_8182795100760066577_n.jpg

14446234_10154518672968416_5821473771965368961_n.jpg

 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1st Pic: Dr. Duminda Yasarathna. Class mate.
    2nd Pic: Dr. Anuradha Kolmbage. 1yr senior to me, but know him very well. His favorite song was "Ran Yaaye.. ridee nimne..)
    3rd Pic: Ape diviyo tika. apiwa hadapu sir/madam la gen keepa denek.
    4th Pic: Dr. Harangala. junior to me.
    Last pic: Dr. Ravi Dissanayaka. Class mate