කරපිංචා ශාකයේ ගුණය

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    කරපිංචා ශාකයේ ගුණය

    කරපිංචා කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. ඒ අතින් කරපිංචා යනු කුළුබඩුවකි. එහෙත් කරපිංචා කොළය පිඟානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත. ඒ අතින් සලකා බැලීමේදී කරපිංචා යනු ඔෟෂධීය ශාකයකි.

    කරපිංචා කටුකයි, තිත්තයි, කෂටයි, සැහැල්ලුයි, දාහය, අශිස්, පනුවන්. රුජා, තාපය, විෂ ඉඳිමුම නැසීම, වමනය සහ අමනුෂ්‍ය දොස් නැතිකරයි. මේ ආයුර්වේදයේ දක්වා ඇති කරපිංචාවල ගුණයන්ය.

    * මේදය අධික
    (කොලෙස්ටර්රෝල්) ඔබට කරපිංචා දිව්‍ය ඔෟෂධයකි එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස කරපිංචා විවිධ ආකාරයෙන් ආහාරයට එක්කර ගනී.
    කරපිංචා කොළ හොඳින් වේළා මඳ පවනේ වේළන්න. එයට ඉඟුරුපියලි කිහිපයක් එකතු කොට වතුර ස්වල්පයක් එක්කර තම්බා බොන්න.
    කරපිංචා පොතු, මුල්, නැටි ගෙන අරළු, බුළු, නෙල්ලි සමඟ තම්බා පානය කරන්න.
    කරපිංචා කොළ කොටා යුෂගෙන හීනැටි හාල් සමඟ මිශ්‍ර කොට තම්බා බොන්න. කරපිංචා කොළ, උම්බලකඩ, රතුලූනු, පොල් දමා සම්බෝලයක් සේ සකස් කරගෙන ප්‍රධාන ආහාර වේල සමඟ ආහාරයට ගන්න.
    .කරපිංචා දළු සම්බෝලය හෝ ලුණු මිරිස, කරපිංචා - සුදුලූණු සම්බෝලය ආදී වශයෙන් ආහාරයට එක්කර ගැනීම සුදුසු බව සඳහන් කළ හැකිය

    * රුධිරය පිරිසුදු වීමට
    කරපිංචා පොතු, සුදුලූනු, උළුහාල්, ගම්මිරිස්, මිශ්‍රකොට තම්බා බොන්න.
    කරපිංචා ලුනු වතුරෙන් සෝදා තෙලෙන් බදින්න. පසුව කිරි හොද්දක් සකස් කර එයට බැදගත් කරපිංචා දමා පිස ආහාරයට ගන්න.

    * සර්ප විසට
    සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.සර්ප විෂවලදී කරපිංචා කොළ කැඳ බීමට දෙනු ලැබේ. මෙම විෂ නාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළකැඳ දීම සුදුසුයි.
    කරපිංචා කොළ, කොහොඹ කොළ, එළ මුත්‍රා සමඟ කොටා ඉස්ම පෙවීමෙන් විස නැසේ.

    * ස්නායු දුර්වලවීම, වායුගෙඩි
    හට ගැනීම සහ බඩදැවිල්ලට
    කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න.

    * අර්ශස්, මලපහ පහසුවට.
    කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න.

    * අකලට හිස කෙස් පැසීම කරපිංචා පෝෂ්‍ය ගුණය නිසා නතර වේ.
    හිසකෙස් වර්ධනය කරයි.

    * පිපාසයට
    කරපිංචා කොළ වේළා කරාබු නැටි, කුරුඳු පොත්තක් සමඟ හොඳින් කුඩුකරගෙන, කෝපි මෙන් පානය කරන්න.

    * කෘමි කරදරේට
    කරපිංචා පැළයක් ‍ෙදාරකඩ සිටුවීමෙන් ඉන් වහනය වන සුවඳට කුරුමිණියන් වැනි කෘමීන් අඩුවේ.

    * දරුවන් වදන මවුවරුන්ට
    කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි.
    කරපිංචා යොදා කරන කෙම්

    * ඇස්වල වේදනාවට
    කරපිංචා කොළ, ‍ෙදාඹ කොළ ගොටුකොළ තැඹිලි වතුරෙන් කොටා කතා නොකර උදෑසන 6.30 - 8.00 අතර විනාඩි 45ක් පමණ එය ඇස මත තබන්න. පසුව තැඹිලි වතුරෙන් සෝදා හරින්න. මෙය කතා නොකර සිදුකරන්න.

    * කක්කල් කැස්සට
    කරපිංචා දලු කිහිපයක් කතා නොකර කැඩීමෙන් හින්දාගත් පොල්තෙල්වලට දමා නැවත මඳ පවනේ වේළා පපුව ප්‍රදේශයේ හා බෙල්ලේ තවරන්න. (කතා නොකර)

    * නිය පිරිත්ත දියවීමට හා පැසවීම
    කතා නොකර කරපිංචා නැටි ගලක තබා තළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එයට කොහොඹ තෙල් ස්වල්පයක් එකතු කොට එම නියට බඳින්න.

    * කල්ගිය හිසරදයට
    කතා නොකර කරපිංචා දලු, කරාබුනැටි, ඉඟුරු, දෙහි ඇඹුලෙන් අඹරා කතා නොකර නළලට පැලැස්තරයක් මෙන් තබන්න.

    * පණුගාය, බඩපිපීම, පෙකණිය වටා වේදනාව සහ කැසීම (කුඩා දරුවන්ටත් සුදුසුයි)
    කරපිංචා පොත්ත ගසෙන් කපන්න. එවිට කරපිංචා ගසට හිතින් නමස්කාර කරන්න (කරපිංචා ගසේ ගුණෙන් රෝග සුවවේවා යැයි සිතින් ප්‍රාර්ථනා කරන්න.) පසුව මී පැණියෙන් ගල ගා දෙහි ඇඹුල් දමා පෙකණිය වටා සහ උදරය අවට ගාන්න.

    ____________

    අප දැන් කරපිංචා කැඳ සාදා ගැනීමට අවශ්‍ය දෑ විමසා බලමු.

    අවශ්‍ය ද්‍රව්‍ය

    කරපිංචා කොළ අවශ්‍ය පමණට
    පොල් ස්වපල්පයක්
    ලුණු
    වතුර
    සුදු ලූනු
    උළු හාල් හැන්දක්
    හකුරු

    අඩංගු දෑ

    ඛනිජ ලවන
    ප්‍රෝටීන්
    විටමින් A, B, C, D, E සහ K
    කැල්සියම්
    යකඩ

    සාදන ක්‍රමය

    ප්‍රථමයෙන් කරපිංචා කොළ ටික සෝදා පිරිසුදු කර බ්ලෙන්ඩරයට දමා එයට සුදු ළූණු, පොල් ස්වල්පයක් හා වතුර එක්කර බ්ලෙන්ඩර් කර පෙරා යුෂ සාදා ගන්න. කැකුළු සහල් ටිකක් ගෙන එයට උළුහාල් හැන්දක් ද දමා බත් තම්බා ගෙන එයට කරපිංචා යුෂ දමා මදක් රත් වූ හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න. එයින් වැඩි රසයක් ලබා ගත හැක. අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැක.

    කරපිංචාවල අගුණවන අවස්ථා අඩුය. සියලු දෙනාටම ගුණදෙන ඔසුවකි.
    _repost nam sry fb yen uputaganna ladi
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11+....
    11.gif
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machoo karapincha sambolya hadana hati kiyannakoo..

    කරපිංචා ස්ම්බෝලේනම් දන්නේ නෑ බන්:no:
    මමනම් එහෙම එකක් අහලත් නෑ
    කරපිංචා ලුනුමිරිසක්නම් තියෙනවා
    ඒක හදන හැටි ඕනෙනං මට PM එකක් දාපන් මචන්:yes: