කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු

    කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු
    බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින කල්හි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සුභ මානවකයා උන්වහන්සේ අමතා;

    “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද, වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, ආඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක් ද?”

    එවිට බුදුරජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.

    සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක්, දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේ ය.

    සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා එ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේ ය.

    සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයනට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්ම බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේ ය.

    සත්ත්වයා නීරෝගී වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඬු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නො කරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නූපන් භවයන්හි නීරෝගී වූවෙක් වන්නේ ය.

    සත්ත්වයා දුර්වර්ණ වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙනෙන්නේ වේද, සුලු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

    සත්ත්වයා ලස්සන වීමට හේතු

    මානවකය, මොලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේ ද, වරද පෙන්වා දුන් විට නොකිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්මභාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේ ය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේ ය.

    සත්ත්වයා අල්පේශාක්‍ය වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේ ය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවය ට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.

    සත්ත්වයා මහේශාක්‍ය වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම් , ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.

    සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේ ය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.

    සත්ත්වයා අඥාන වීමට හේතු

    මානවකය, මොලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නො අසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේ ය.

    සත්ත්වයා ප්‍රඥාවන්ත වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේ ය.

    (චුල්ල කම්ම විභංග සූත්‍රය - මජ්ඣිම නිකාය)

    අද අද එයි මරු පින් කර ගන්නේ
    කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
    කිකලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමට ද කුසලට කම්මැලි වන්නේ
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    බුදුරජාණන් වහන්සේ දන්නවා නම් මේව ගේ පාදඩ ජරා කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතියකට වටිනා දර්ශනය දෙන්නෙත් නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බුදුරජාණන් වහන්සේ දන්නවා නම් මේව ගේ පාදඩ ජරා කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතියකට වටිනා දර්ශනය දෙන්නෙත් නෑ
    dannawa bun
    ekane kiwe me budu sasuna awurudu 2500 yanakan tiyenawa kiyala
    ita passe tika tika nati wela yanawa
    aye budu kenek pahala wenawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,506
    67,851
    113
    Godak ewa buduhamduruwo kiyala tiyena ewa kivvata source baladddi okoma hamduruwo athin dala liyapu ewa.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    සත්ත්වයා දුර්වර්ණ වීමට හේතු

    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙනෙන්නේ වේද, සුලු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

    ethakota will smith, martin luther king, malcom x wage un paw karayoda :lol:
    obama ?