කර්මය ගැන ප්‍රශ්නයක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒ වගේ දෙයක්නම් අනිවාර්යෙන්ම පෙර කරපු කුසල කර්මයක්ම තමයි සහෝ.

කර්මය විපාක දෙන විදිහට බලපෑම් කරන්න පුළුවන් තව නියාම ධර්ම 5ක් තියෙනවා
1. බීජ නියාමය
2. උතු නියාමය
3. කම්ම නියාමය
4. ධම්ම නියාමය
5. චිත්ත නියාමය

වැඩි විස්තර මෙතන ඇති මචන් link

වටිනා කරුනු වලට බොහොම පිං.... :)
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට අහන හැම කෙනාම කිව්වෙ පෘථග්ජන මිනිස්සුන්ට පෙර භවයක කර්මයන් පිලිබඳව දැන ගන්න විදිහක් නැහැ, ඒ වගෙ දේවල් බුදුන්ට හෝ රහතුන්ට පමණක් සීමා වූ හැකියාවන් කියල.

    එතකොට මට කියන්න කවුරු හරි ජෝතිෂයෙන් කියවෙන්නෙ කර්ම ඵල විපාක දෙන හැටි යයි කියනව නම් ඒක බුදු දහමට එකඟද?

    අදහස් හා බම්ප් දාපු අයට පිං හා රෙප් දුන්නා:yes:. සමහරුන්ට ලඟදි දීපු නිසා ආයෙත් දෙන්න ඉඩ දෙන්නෙ නෑ:rolleyes:.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    අචින්තෙය්‍ය සූත්‍රයට අනුව කර්ම විපාක විෂය ගැන සිතන්න යොමුවන, සිතන අය උමතු බවට පත්වන බවත්, එය ඔවුන් දුකට පත් කරන බවත් සදහන්නේ.

    ඒ නිසා යමෙක් ජන්ම පත්‍ර/නක්ෂත්‍ර/ජෝතිෂය අනුව කර්ම විපාක ගෙන හැර දක්වනවානම් ඒ කෙනා කිසිම අඩුවක් නැතිව අචින්තෙය්‍ය සූත්‍රයේ සදහන් එපා කියූ දේ කරන කෙනෙක් වෙනවා. ඒ නිසා එලෙස ජන්ම පත්‍ර අනුව හෝ නක්ෂත්‍ර/ජෝතිෂය ආකාරන්ට කෙනෙක් කර්ම ඵල බලා දෙනවා නම් එසේ කරන අය උමතු බවට පත්වීමත්, එසේ කරන අය තමාවම දුකේ හෙලීමක් ලෙසත් දැකිය යුතුයි.

    එලෙසම යමෙක් ජන්ම පත්‍ර/නක්ෂත්‍ර/ජෝතිෂය අනුව තමාගේ හෝ අන් අයෙක්ගේ කර්ම විපාක දැන ගන්න අන් අය හොයා යනවානම්, එසේ යම් යම් දේ කිරීමට පෙළබෙනවානම් ඒ අයත් අචින්තෙය්‍ය සූත්‍රයේ සදහන් එපා කියූ දේ කරන අය වෙනවා. ඉතින් එසේ තමාගේ කර්ම විපාක දීම පිළිබද ජන්ම පත්‍ර අනුව හෝ නක්ෂත්‍ර/ජෝතිෂය ආකාරන්ට කටයුතු කරන අයට, කරන්න යොමුවන අයට එසේ කිරීම ඒ අය උමතු බවට පත්වීමටත්, දුක් පිණිසත් තමයි පවතින්නේ.

    එලෙසම යමෙක් අන් අයව ජන්ම පත්‍ර/නක්ෂත්‍ර/ජෝතිෂය අනුව කර්ම විපාක දැන ගැනීම පිණිස යොමුකරනවානම් එයත් අචින්තෙය්‍ය සූත්‍රයට අනුව සියල්ල දන්නා, සියල්ල දක්නා සර්වඥයන් වහන්සේ තම විශිෂ්ට ඥානයෙන් ලෝක සත්වයාගේ හිත සුව පිණිස එපා කියූ දෙයක් කරන්න අන් අයව යොමු කිරීමක් වෙනවා. මේ නිසා එසේ ජන්ම පත්‍ර/නක්ෂත්‍ර/ජෝතිෂය වලට අනුව කර්ම විපාක දැන ගැනීම පිණිස අන් අයව යොමු කරවන අය තමාගේ උන්මත්තක බවත්, අන් බොහෝ අයගේ උන්මත්තක බවත්, තමා දුකේ හෙලීමත්, අන් බොහෝ අයව දුකේ හෙලීමත් පිණිස සියල්ල දන්නා, සියල්ල දක්නා සර්වඥයන් වහන්සේ විසින් තම විශිෂ්ට ඥානයෙන් ලොව සත්වයාගේ හිත සුව පිණිසම යමක් පැවසුවාද එය ඉක්මවා තමාගේ අසත්පුරුෂ ධර්මය වෙත, තිරිසනුන්ගේ විද්‍යාව වෙත අන් අයව යොමු කිරීමක් කරනවා වෙනවා.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට අහන හැම කෙනාම කිව්වෙ පෘථග්ජන මිනිස්සුන්ට පෙර භවයක කර්මයන් පිලිබඳව දැන ගන්න විදිහක් නැහැ, ඒ වගෙ දේවල් බුදුන්ට හෝ රහතුන්ට පමණක් සීමා වූ හැකියාවන් කියල.

    එතකොට මට කියන්න කවුරු හරි ජෝතිෂයෙන් කියවෙන්නෙ කර්ම ඵල විපාක දෙන හැටි යයි කියනව නම් ඒක බුදු දහමට එකඟද?

    මෙහෙමයි....

    කර්ම කිරීම හා පලදීම ස්වභාවධර්මයේ දෙයක්. හැබැයි, බුදු දහමෙන් තමා ඒක උගන්වන්නේ.

    ජෝතිශ්යෙන් කිසි වෙලාවක පෙර කර්ම හොයන්න බැහැ. බුදුදහමෙන් හැර වෙන කිසි දෙයකින් ඒක හොයන්න බැහැ.

    හැබැයි ජෝතිෂ්‍ය කරන අය කියන්නේ මෙහෙම දෙයක්. මේ ජිවිතයේ පල දෙන්න මොනාහරි තියනවා නං අන්න ඒක පලදෙන්න කලින් දළ වශයෙන් කියන්න පුළුවන් කියලා. නිකන් අනාගතේ ගැන සාස්තරයක් බලනවා වගේ වැඩක්. (ඒකම නෙවේ. තව ඒවා කරන්න පුළුවන් කියලා එයාලා කියන්නේ!)

    ඉතින් ස්වභාව ධර්මයේ දෙයක්, බුදු දහමෙන් පෙන්නනවා වගේ, වෙනත් version එකකින්, සිමා සහිතව පෙන්වීමක් කියලා තමයි ජෝතිෂ්‍ය කරන අය කියන්නේ.

    බුදු දහමට එකඟද? කියලා කියන්න බැහැ. වෙනස් විෂයන් දෙකක් නේ. බුදු දහමට සම්බන්ධයක් නැති වෙන subject එකක්. හරියටම කියන්න පුළුවන් නම් බුදු දහමට එකඟ වෙයි. වැරදියට කිවුවොත් වැරදියි.

    ජෝත්ශ්‍යවේදියෝ කියන්නේ හරියට කියන්න පුළුවන් කියලා. ඔකේ ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ. මොකද ඕක හරි වුනත් වැරදි උනත් මන් follow කරන්නේ නැහැ. මන් ඔය කිවුවේ ඒගොල්ලෝ කියන දේ. ඉතින් ඕක බුදු දහමට හරියටම හරියන විදිහට කරන්න පුලුවන්ද කියලා කරන කෙනෙක්ගෙන් අහලා බලන්න. :)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙය නොසිතිය යුතු කාරණාවකි.

    කර්ම විපාක කරුණු ගැන සිතීම උමතු බවට, දුකට පත්වීමට හේතුවන බවත් ඒ නිසා එම කරුණ ගැන සිතන්නට නොයා යුතු බවත්, නොසිතිය යුතු බවත් බුදු පියානන් පවසා ඇත. මෙය අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ අචින්තෙය්‍ය සූත්‍රයේ (4.2.3.7) සදහන්ව ඇත.

    ඒ නිසා ඔබේ ඔය ගැටළුව ගැන සිතන්න යන්න එපා, ඒ ගැන නොසිතා ඉන්න.

    ඒ වෙනුවනට බුදු පියානන් පැවසූ විද්‍යාවට හේතුවන, සැපයට හේතුවන, සුවයට හේතුවන කරුණු ගැන සොයන්න, ඒ ගැන සිතන්න.

    තවද ඔබේ කෝටි පහේ කතාව ගැන මෙලෙස ඔබට කියන්නම්. සමහරක් ඵල දීම් සිදුවන්නේ විපත් පිණිස, පරිහානිය පිණිස. උදාහරණයකට කෙසෙල් ගස, උණ ගස, බට ගස යන ගස් වල ඵල ලැබීම එම ගස් වල විනාශය පිණිස, පරිහානිය පිණිස හේතු වෙනවා. ඒ වගේම අශ්ව වෙළඹකට බූරුවෙකුට දාව ගැබ් ගැනීම අශ්ව වෙළඹගේ මරණයට හේතු වන බව සදහන්. මේ නිසා මෙවන් කරුණු සිදුවීම හෝ නොසිදුවීම කිනම් අයුරින් අපට බලපානවාදැයි කීම අපට ගෝචර විෂයක් නොවේ. මේ ඵල දීම (උදා: ලාබ සත්කාර, යශස්) විපත් පිණිස වන බව දක්වා ඇති එක් සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ දෙවදත්ත සූත්‍රය (4.2.2.8).

    ඉතින් ගෝචර නොවන මේ විෂය ගැන සිතන්නට නොයා, නොසිතා, ඒ වෙනුවනට බුදු පියානන් පැවසූ විද්‍යාවට හේතුවන, සැපයට හේතුවන, සුවයට හේතුවන කරුණු ගැන සොයන්න, ඒ ගැන සිතන්න.

    නියමයි, හොද පැහැදිලි කිරීමක්,ඔබ තුමා ස්වාමින්වහන්සෙ නමක් ද ?මීට කලිනුත් මම දැකල තියෙනවා හොදට පැහැදිලිකිරීම් කරල තියෙනවා,එවගෙම කතා කරන විලාශයත් හරිම සන්වරයි.
     
    • Like
    Reactions: topkollek

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නියමයි, හොද පැහැදිලි කිරීමක්,ඔබ තුමා ස්වාමින්වහන්සෙ නමක් ද ?මීට කලිනුත් මම දැකල තියෙනවා හොදට පැහැදිලිකිරීම් කරල තියෙනවා,එවගෙම කතා කරන විලාශයත් හරිම සන්වරයි.

    මම ස්වාමීන්වහන්සේ නමක් නොවෙයි. මම ගෞතම බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙක්.

    ඔබ මගේ සංවරබවක් දුටුවානම් නම් එය කොයි ආකාරදැයි තේරුම් ගන්න ඉතාම අපහසු කරුණක්. කෙනෙක් යම් යම් ආකාරයන්ගේ හැසිරීම් යම් යම් අවස්ථාවල දක්වනවානම් (මෘදු බව, රළු බව, නම්‍යශීලී බව, දැඩි බව, නොසෙල්වෙන බව, කැමති බව, අකමැති බව, අන් අය කියන දේ ගනන් ගන්නා බව, අන් අය කියන දේ ගනන් නොගන්නා බව,...) ඒ කිනම් හේතු නිසාදැයි තේරුම් ගැනීම තවත් අයෙකුට අසීරු කාරනාවක්. යම් දහම් කරුණක් මා පැහැදිලිව ගෙන හැර දක්වනවානම් ඒ බුදු පියානන් දේශනා කල දහම් කරුණ විමසා බැලීම, නිවැරදි නම් ඒ ගැන පැහැදීම, වැරදිනම් මාවත් නිවැරදි කිරීම, නිවැරදි නම් ඊට ගැලපෙන ලෙස තමා තුල යම් වෙනසක් ඇති කර ගත යුතු යැයි සිතනවානම් ඒ වෙනස ඇති කර ගැනීම ඵලවත් කරුණක්.

    කෙසේ නමුත් ඔබ මගේ සංවර බවක් ගැන හා පැහැදිලි කිරීම් ගැන කවර අයුරකින් හෝ පැහැදීමක් ඇතිකරගෙන තිබෙනවා. එය ඔබේ හිත සුව පිණිසත්, යහපත පිණිසත් ඒකාන්ත හේතුවක්.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?

    උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා

    කර්ම විෂය අචින්ත්‍යයි සම්මා සම්බුදු රජාණන් වහන්සේටම පමණක් සියල්ල පැහැදිලිකල හැකිය
    සිත දියුණු කර (විදර්ශනා ඥාන හෝ අභිඥාලාභී ) අයට යම් තාක් දුරට හැකියාව ලැබිය හැක.
    දෙවියන් හට දෙව් සැප ලැබීමට හේතු වූ කුසලය සිහිකළ හැකිය (එක් භවයක් ) (විමන වත්ථු )
    සමහර ප්‍රේත කොට්ටාශ වලටද
    ප්‍රේත භවය ලැබීමට හේතුව සිහිකල හැකිය (ප්‍රේත වත්ථු)
    පෙර පින් නිසා විශේෂ හැකියාවන් ලැබූ අයටද මෙම හැකියාවන් ලැබිය හැකිය ( එඩ්ගාර් කේසි වැනි අය ..)
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    widarshanaawa wadana bhawana wedasatahanak thiyenawa. aarya maargaye gaman karanna upades dena abhigna thiyena ayath ethana innawa. ethanadi samaharunta bhaawana karanna amarui (bohowita pera akusala karma nisa "aarya upawaadaya wani")ethakota e aya ekata hethuwa hoyala balala karanna one wath piliweth kiyanawa.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම අහලා තියෙන විදිහටනම් එහෙම කියන්න පුලුවන් වෙන්නේ ( තියෙන්නෙ) ජාතිස්මරන කියන සිත දියුනු කරගත්ත අයටයි. කර්මය කියන්නේ ඉතා ගැබුරු විශයක් බුදුවරයෙකුට තමයි හරියටම කියන්න පුලුවන් අනික් අයට අපහසුයි

    මට තියෙන ප්‍රශ්නය නම් එක නෙමෙයි වැඩි හරියක්ම "මම" කියලා කෙනෙකු නොමැතිනම් සදාකලික ආත්මයක් හො අභෞතික කිසිම දෙයක් නොපවතී නම් කොහෙද මේ කර්මය තැන්පත් වන්නේ කියන එකයි.

    අපි දන්නවා මිනිසා ජිවත් වි ඇති කාලයේදි මිනිස් මොලයේ තමයි මතකය පිහිටන්නේ භෞතික මොලය අබිමුක කරගෙන. නමුත් එතනින් එහාට මතකය ගෙන යන්නේ කුමක් අරමුනු කරගෙනද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495

    Mathakaya Mole Pihitanawa Kiyanne Kawda,:no::no:
    Mathakaya enne Aramunu 18 kin kiyala thama kiyala thiyenne, nathuwa mole thiyaganne...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama kiya kenek nathnam Nivan dakinne kaudha ??--Short answer----A change of Universal energy[ That is not I. There is no I. The term----I----is just for easy use. ]
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology anuva , pera bavaya gana anumanayak kala haka.--------RAHU------KETHU--------akshaye laginma pihitana planet anuva[thamange birth chart eke].
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?

    උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා

    බෑනේ. පෘතඃජනයෙක්ට ඔය ඥාන ගන්න අමාරුයි. හැබැයි ඔය ඥානයක් තියෙන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහන්න නම් පුළුවන්. අනාර්ය භාවනා ක්‍රම කරලා බලන්නත් පුළුවන් හැබැයි ඔයවගේ ලෙවල් එකකට දියුණු කරගන්න අමාරු වෙයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ලෝසක හාමුදුරුවො පෙර ආත්මේ කරපු කර්මය ඊට කලින් ඒ රහතන් වහන්සේ දැක්කේ නැත්තේ ඇයි. රහතන් වහන්සේනමක් නිසා සිදුවන කර්මය ගැන උන් වහන්සේ කියන්නේත් නැත්තන් පොලීසියෙනුත් දැනගන්න බැරිනන් බුද්ධ ධර්මය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නේ කොහොමද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්‍රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?

    උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා

    මහත්මය, තථාගතයන් වහන්සේ වදාළේ සොයා නිම කිරීමට සමත් නොවන නිසා විෂයන් හතරක් නොසොයන ලෙසයි.
    1 ලෝක විෂය
    2 සත්ව විෂය
    3 කර්ම විෂය
    4 බුද්ධ විෂය යනු ඒ නොසෙවිය යුතු විෂයන් සතරයි.
    ඒ ඒවා දිගින් දිගට ගවේෂණය කිරීම සාමාන්‍යය අයට තබා මහා ශ්‍රාවකයන් වහන්සේලා ට ද වටහා ගැනීමට නොහැකි බැවිනි. භාග්‍යවතුන්වහන්සේ වරක් මහා කාෂ්‍යප හිමි මෙයින් කර්ම විෂයේ ගැඹුරට යද්දී උපදෙස් දුන්නේ එතැනින් නතර වන ලෙසයි. තවත් වරක් මුගලන් මහ රහතන් වහ්සේ විශ්වයේ කෙලවර සෙවීමට යද්දීද මේ අයුරින්ම නතර වන ලෙස අවවාද දුන් සේක. මේ විෂයන් ගෙන් අවශ්‍ය ප්‍රමාණය පමණක් තථාගතයන් වහන්සේ අනාවරණය කොට තැබූ සේක.

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy

    True