මෙය නොසිතිය යුතු කාරණාවකි.
කර්ම විපාක කරුණු ගැන සිතීම උමතු බවට, දුකට පත්වීමට හේතුවන බවත් ඒ නිසා එම කරුණ ගැන සිතන්නට නොයා යුතු බවත්, නොසිතිය යුතු බවත් බුදු පියානන් පවසා ඇත. මෙය අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ අචින්තෙය්‍ය සූත්‍රයේ (4.2.3.7) සදහන්ව ඇත.
ඒ නිසා ඔබේ ඔය ගැටළුව ගැන සිතන්න යන්න එපා, ඒ ගැන නොසිතා ඉන්න.
ඒ වෙනුවනට බුදු පියානන් පැවසූ විද්‍යාවට හේතුවන, සැපයට හේතුවන, සුවයට හේතුවන කරුණු ගැන සොයන්න, ඒ ගැන සිතන්න.
තවද ඔබේ කෝටි පහේ කතාව ගැන මෙලෙස ඔබට කියන්නම්. සමහරක් ඵල දීම් සිදුවන්නේ විපත් පිණිස, පරිහානිය පිණිස. උදාහරණයකට කෙසෙල් ගස, උණ ගස, බට ගස යන ගස් වල ඵල ලැබීම එම ගස් වල විනාශය පිණිස, පරිහානිය පිණිස හේතු වෙනවා. ඒ වගේම අශ්ව වෙළඹකට බූරුවෙකුට දාව ගැබ් ගැනීම අශ්ව වෙළඹගේ මරණයට හේතු වන බව සදහන්. මේ නිසා මෙවන් කරුණු සිදුවීම හෝ නොසිදුවීම කිනම් අයුරින් අපට බලපානවාදැයි කීම අපට ගෝචර විෂයක් නොවේ. මේ ඵල දීම (උදා: ලාබ සත්කාර, යශස්) විපත් පිණිස වන බව දක්වා ඇති එක් සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ දෙවදත්ත සූත්‍රය (4.2.2.8).
ඉතින් ගෝචර නොවන මේ විෂය ගැන සිතන්නට නොයා, නොසිතා, ඒ වෙනුවනට බුදු පියානන් පැවසූ විද්‍යාවට හේතුවන, සැපයට හේතුවන, සුවයට හේතුවන කරුණු ගැන සොයන්න, ඒ ගැන සිතන්න.