කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද
මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ
අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද
බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද
දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න
බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද
ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා
ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා
බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ
තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .
අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ
මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්
1, මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
ලියවිලා තියෙන විදියට වෙනවා කිවුවොත්, නිකන්ම වෙනවා වගෙ අදහාසක් එනවා, හෙතුවක් නැතුව වෙන සිද්දියක් වගෙ, එතකොට බුදුවරු නිකන්ම බුදු උනා හෙතුවක් නැ නිකන්ම බුද්දත්වයට පත් උනා වගෙ ප්රශ්නයක් එනවා, එවගෙ ඇයි අනිත් අයව එහෙම බුදු වෙන්නෙ නැත්ද වගෙ ප්රශ්න එනවා, එහෙම ලියවිලා තියෙන විදියට වෙනවා කිවුවොත් එහෙනම් ඉතින් වෙන දෙයක් වෙන දවසක වෙයි කියලා හොදට පෙරොගෙන නිදියගන්න තමයි තියෙන්නෙ, කල්ප ලක්ශ ගනන් පාරමිතා පුරන්න ඔන නැ බුදුවෙන්න, විබාග වලට පාඩම් කරන්න ඔන නැ, කන්න බොන්න වාගා කරන්න ඔන නැ , හිතන්නෙ කියන්නෙ කරන්නෙ නැතුව ඉබෙ දෙවල් සිද්ද වෙනවා, ඔබ ප්රශ්නය හිතන් ඉන්න විදිය වැරදි හෙතුවක් නිසයි පලයක් හට ගන්නෙ හෙතුව නැත්තන් පලය නැ
2, අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද
හෙතුව සකස් කරොත් පලය ලැබෙනවා, පාරමිතා පුරලා සම්පුරන කරා නම් බුද්දත්වයට පත්වෙන්න පුලුවන්, ලියවිලා තිබ්බත් නැතත් හෙතු හදපු නිසානෙ පලය ලැබෙන්නෙ, මයිත්රි බොදිසත්වයො පාරමිතා සම්පුරන කරලා බුද්දත්වයට පත් වෙනවා, හෙතු හදනවා බුද්දත්වයට ඔන හෙතු පාරමිතා පුරනවා පාරමිතා සම්පුරණ උනහාම බුද්දත්වය අවබොද කරගන්න පුලුවන් එතකොට ලියපු එකක් ප්රශ්න තෙරුමක් නැ , හෙතු පල දකින්න පුලුවන් වෙන්න ඔන. මම හිතුවෙ නැ එහෙම වෙයි කියලා කොහොමද එහෙම වෙන්නෙ වාසනාව දයිවය ඉබෙ උනා ලියවිලා තියෙන විදියට උනා කානාවට උනා ප්රශ්න එන්නෙ හෙතුව ගැන කල්පනා නොකරන නිසා
3, බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද
සත්වයො හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහාන් වෙනවා එවට කියන්නෙ නාම ගොත්ර කියලා , පෙර බවය ඉලග බව බලන්නෙ කර්ම විපාක බලන්නෙ මොහනය කරලා අතිත ජිවිත කියන්නෙ නාම ගොත්ර කියවලා , නාම ගොත්ර දිරන්නෙ නැ විනාස වෙන්නෙ නැ නාම ගොත්ර නජිරති කියලා දෙශනා කරලා තියෙනවා
4, දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න
කලින් විස්තර කරා වගෙ හෙතුව හදලා තිබෙන විදියට තමයි පලය ලබන්නෙ
සුමෙද තාපසයා දිපන්කර බුදුන්වහන්සේ ඉදිරිපිටදි දර්මය ශ්රවනය කරලා රාහාත් වෙන්න පුලුවන් උනත් පාරමිතාව උනෙ බුද්දත්වයට පත් වෙන්න , බාලාපොරොත්තුව බුද්දත්වයට පත්විම එකට ඔන හෙතු පාරමිතා පුරනවා නම් පලය ලැබෙනකන් හෙතු පල සකස් වෙමින් යනවා
5, බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද
සුනිත සොපාකලා මාර්ග පල ලබන්න හෙතු සකස් කරලා තියෙනවා පෙර බුද්ද සාසන වල ඉදලා හෙතු සම්පුරන නම් බුදුන්වහන්සේට පුලුවන් පලය ලැබෙන්න දර්ම දෙශනා කරන්න
කරන්න
කලින් උත්තර දිලා තියෙනවා නාම ගොත්ර කියවන්න පුලුවන් සිමාවක් නැතුව, එවගෙම බුදුවරුන්ට සත්වයන්ගෙ ඉන්ද්රිය දර්ම වැඩිලා තියෙන හැටි බලලා දර්ම දෙශනා කරලා මාර්ග පල වලට පත් කරන්න පුලුවන්
6, තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .
කලින් උත්තර දුන්නා බුදුවරු ලොකෙ පාහාල වෙලා දර්ම නියායක් දෙශනා කරනවා පටිච්චසමුප්පාදය කියන්නෙ එම දර්ම නියාය පටිච්චසමුප්පාදය දර්ම නියාය මගින් කර්මය කර්මයට හෙතුව කර්ම නිරොදය එකට තිබෙන ක්රමය තෙරුම් ගන්න පුලුවන්
7, අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ
හෙතුව දකින්න ඔන පටිච්චසමුප්පාදය නියාය අනුව එතකොට විපාකෙන් මිදෙන්න පුලුවන් , විපාකය කොච්චර තෙරුම් ගත්තත් වැඩක්නැ, හෙතුව තෙරුම් අරන් අයින් කරන් නැතුව
නැතුව
8, මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්
බුදුහාමුදරුවන්ගේ කාලෙ ඔන තරම් පෙර බවය දැකපු අය හිටියා ඔවුන් සසරෙන් ගැලවුනාද, එඩ්ගා කෙසිත් මිනිස්සුන්ගෙ පෙර බවය දැකලා කිවුවා ඔබ හිතනවද ඔහුත් සසරෙන් මිදිලා ඇති කියලා