ආගමකට සාපේක්ශ අර්ථයක් නෑ කියන තැනම පට්ට වැරදියි. හැම දේකටම තියෙන්නෙ සාපේක්ශ අර්ථක්. එකම පුටුව වත් දෙන්නෙක් එකම විදිහට තේරුම් ගන්නෑ. ඉස්සෙල්ල ඒ වැරැද්ද නිවැරදි කරගන්න ඕනෙ. නැත්තං මෙතන හෙන පැටලුං තොගයක් හැදෙනව.
ඔය අමල් අජිත් කතාව මෙහෙම කියන්නංකො එතකොට තේරෙයි.
X ගමනක් යනවා.... X දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... Xට අජිත් මැරීමේ චේතනාව එනවා... X හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා
Y ගමනක් යනවා.... Y දකිනවා අජිත් පාරේ කොනක ඉන්නවා... Yට අජිත් මැරීමේ චේතනාව එනවා... Y හෙමිහිට හෙමිහිට අජිත්ට ලං වෙනවා (ප්ලෑන් කරනවා), ඊට පස්සේ එකවරම අජිත්ට පොලූ පහරක් දෙනවා එතනම මැරෙනවා
X අජිත් ගැන දන්නෙ අජිත් මෙලෝ සිල්වත් භාවයක් නැති කෙනෙක් විදිහට
Y අජිත් ගැන දන්නෙ හොඳ සිල්වත් කෙනෙක් විදිහට
Y ට වෙන පව වැඩියි.
ආගමට සාපේක්ෂ අර්ථයක් නෑ කියන එක පට්ටම ඇත්ත... ආගම දිහා කෙනෙක් බලන කෝණය අනුව සාපේක්ෂ වෙන්න පුලූවන්.... ආගම්වල පදනම තියෙන්නේ පරම සත්‍යයයි කියන පදනම මත.... නැත්තං මිනිස්සු ඒ ආගමේ රැුඳිල ඉන්නේ නෑනේ... ඒක වෙනමම කතාවක්...
කොතන ද අමල්ගේ කෝණෙන් අජිත්ගේ චරිතය මම මැනල තියෙන්නේ... මම එහෙම කියන්නේ බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන්... අමල් අජිත් සිල්වත් ද නැද්ද කියල හිතන්නේ නෑ කියල කියන එක තේරුම් යන්න ඕන...
ඒ අනුව අමල්ට විපාකය බලපාන විදිය අජිත්ගේ සුචරිතවාදි දුස්චරිතවාදි කම වෙනස් වෙනවාද...?





