කර්ම විපාක

Ganegconsul

Member
Nov 26, 2012
90
11
0
කර්ම විපාක ගැන පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි සම්පාදනය කල පොතක් හම්බ වෙච්ච නිසා ධම්ම දානයට දාන්න හිතුන:yes:

1. ඛුජ්ජුත්තාරවට දාසියක් වීමට හේතු

පෙර කාශ්‍යප බුදු සසුන කාලයේදී සිටි දියණියක්ව ඉපද දිනක් නිවසට වැඩි රහත් සාමනේර තෙරනියකට දුර තිබු රන් ආභරණ පොදිය තමා සමග හිතවත් බැවින් අරන් දෙන්න යයි කියා වැඩ ගත් පව




2. ඛුජ්ජුත්තරාව කු
දු වීමට හේතුව

ධනවත් පවුලක ඉපද මදක් කු
දු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙළිකවට සිතින් දඟකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා ඇද කොට පෙන්වීම




3. චුල්ලපන්ථක හිමිට සිව්මසක් යන තුරු එක ගාථාවක් පාඩම් කර ගැනීමට බැරි වීම

පෙර කාශ්‍යප බුදු සසුනේ පැවිදිව ඉගෙන ගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කල නිසා
ලැජ්ජාවට පත් එම භික්ෂුව
ධර්මය ඉගෙන ගන්න බැරි වීම




4. චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්ධ වීමට හේතුව

පෙර දක්ෂ වෛද්‍යවරයෙක්ව සිට දෙනෙත් සුව කල විට දාසියක් ලෙස සේවය කරනවා යයි පොරොන්දු දී පසුව පොරොන්දුව කඩ කල තැනැත්තියගේ දෑස් අන්ධ වීමට බෙහෙතක් ගැල්වීම




5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

පෙර භවයක චෛත්‍ය මළුවක වහන් පය ලා යාම හා ඉඩ ගැනීමට එලූ පදුරක නොසේදු පයින් පෑගීම



Updated on 02/01/2013:cool:



6. බිහි වූ දින කසල ගොඩකට දැමීම

බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙනවා දුටු කල්හි මසුරු පුරුෂයෙක්ව ඉපදී සිටි මොහු "මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩට දැම්මා නම් උතුම් වේ" යයි කීම




7. දෙමව්පියන් විසින් අතහැර ගිය දරුවෙක්

පෙර ජීවිතයක ධනවතෙකුව සිටියද අභිවාතක රෝගයෙන් ඒ නගරයේ අය පෙළෙන්නට වූ නිසා නගරය අතහැර බිරිද හා දරුවාද රැගෙන වෙන රටකට යන්නට සිදු විය. ඒ යන අතර කාන්තාරයක් පසු කිරීමේදී ගෙන ගිය ආහාර පාන ඉවර වූ නිසා පුතු වඩා ගෙන යාම අපහසු බැවින් පසුව දරුවෙකු හදා ගන්නට පුළුවන් යයි කියමින් දරුවා අතහැර යාම. පසුව බිරිදගේ විලාපයට දරුවා නැවත ගෙන ආවද හත් වාරයක්ම දෙමව්පිය සෙනෙහස ඔහුට අහිමි වුනා




8. සාමාවතිය අතුළු 500 ක් ස්ත්‍රීන් ගිනි ගෙන මැරෙන්නට වීම

පෙර ජීවිතයක රජ බිසවක්ව සිටියදී 500 ක් පරිවාර ස්ත්‍රීන් හා දිය ක්‍රීඩාවට ගොස් ඇත. සවස්කාලයේ ගිනි තැපීමට තෘණ ලැහැබක් ගිනි තැබුවේය. පසුව එහි වැඩ සිටි පසේ බුදුවරයෙක් දුටුවද රජු දැන ගනිතියි බියෙන් පසේ බුදු නම දැවීමට නැවත ගිනි දල්වා ඇත. පසේ බුදු නම සමවතින් සිටි නිසා කිසිදු හානියක් නොවුනද ඇයගේ පිච්චීමේ චේතනාව නිසා නිරයේ පැසී ආත්ම භාව 100 ක් ම ගෙවල තුල හිර වී දැවී මියයන්නට ඇයට සිදු විය




9. පූතිගත්ත තිස්ස හිමිගේ සිරුර කුණු වී දුක් විදින්නට සිදු වීම

පෙර කාශ්‍යප බුදු හිමි කාලයේ පක්ෂි වැද්දෙක් වූ මොහු පක්ෂීන් මරා ඇට පියාපත් කඩා කුණු වන්නට ගොඩ ගසා ඇත.




10. නයෙකුගේ කටේ අත දමා නාගයා දෂ්ඨ නොකිරීම

සිය දිවි නසා ගැනීමට නයෙක් සිටි කලයකට අත දැමූවද නයා දෂ්ඨ කර නැත. එයට හේතුව ලෙස බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ පෙර ජීවිතයක මොහුගේ දාසයෙකු වූ නාගයා ස්වාමියා යයි දැනී දෂ්ඨ කිරීමෙන් වැළකීමය


 
Last edited:

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේව කියවලවත් අපේ සමහරක් මිනිස්සු හැදෙනවනන් ලොකු දෙයක්......
    බොහෝම ස්තූතියි බෙදාගත්තට.......
     

    Ganegconsul

    Member
    Nov 26, 2012
    90
    11
    0
    එඩිට් කරන්න බැරි හින්ද ඔන්න මෙතන පොස්ට් කරනවා :D


    11. රහත්වීමට පින තිබියදී සප්පදාස හිමිට මහණකම එපා වීමට හේතු

    මහණකම එපා වී දිවි හානි කර ගැනීමට ගිය විට රැකි පිරිසිදු සීලය මතක් වී දැනුන සතුට විදර්ශනාවට නගා රහත් විය. ඊට පෙර එපා වූයේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියදී වෙනත් භික්ෂුවකගේ සිවුරු පිරිකර ලබා ගැනීමට ආශාවක් ඇති වී මහණකම එපා වීමට පැවිදි ජීවිතයේ දුක කියා ගිහි සැප වර්ණනා කිරීම




    12. නාවිකයාගේ බිරිදට මුහුදේ ගිලී මැරෙන්නට සිදු වීම

    කිසිදු යාන්ත්‍රික දෝෂයක් නැතිව නැව මුහුද මැද නතර වී ඇත. කවුරුන් හෝ අවාසනාවන්තයෙක් සිටී දැයි
    බැලීමට කුසපත් අදින ලදී. එසේ කල තුන් වතාවේදීම නාවිකයාගේ බිරිදට අවාසනාවන්තයාගේ කුසපත් ලැබිණි. ඇයගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දැමූ පසු නැව පණ ගන්වන්නට පුළුවන් විය. ඊට හේතුව නම් පෙර ජීවිතයක රූමත් කාන්තාවක් වූ ඇය තමා පසුපස පැමිණි බල්ලෙකුගේ ගෙලෙහි වැලි කලයක් බැද දියෙහි ගිල්වා මරා දැමීමය. මෙයින් අපාගත වූ ඇයට ආත්ම භාව සියයක්ම වැලි කල ඇතිවම දියේ ගිලී මැරෙන්නට සිදු විය.

    ඇය පසුපස ආ බල්ලා පෙර භවයක ඇයගේ සැමියාය. සසර පුරුද්දට ඇය යන යන තැන මේ බල්ලා ගිය නිසා ගම්මුන් ඇයට පද හදා විහිලු කර ඇත. ඒ ලජ්ජාවෙන් බේරීමට බල්ලා දියේ ගිල්වූ ඇයට එම පාපයෙන් බේරීමට නොහැකි විය




    13. ගිනි ගෙන ඩදැවුණ කපුටාගේ කතාව

    සැවත් නුවර ගිනගත් නිවසක් අසලින් ගිනි සහිත තෘණ කොටසක් අහසට විසි වී ඇත. එය වැදී අහසේ පියාසර කල කපුටෙක් ගිනි ගෙන දැවී ඇත. එය දුටු භික්ෂූන් පිරිසක් පූර්ව කර්මය බුදුරජානන්වහන්සේගෙන් විමසා ඇත. කපුටා පෙර භවයක ගොවියෙකුව සිට කුඹුර මැඩවීමට ගෙන ආ ගොනා ගේ කම්මැලි කමට කිපී පිදුරු වලින් වෙලා ගිනි තබා ඇත. අසරණ ගවයා මිය ගොස් ඇත. ඒ පාපයට අපා දුක් විද ඉතිරි වූ කර්මය ලෙස තිරිසන්ව ඉපිද පස්වන වතාවටද මෙලෙස ගින්නට අසු වී ඇත.




    14.
    දින හතක් ආහාර පාන නැතිව දුක් විදින්නට සිදු වීම

    භික්ෂූන් හත් නමක් දුර විහාරයකට වඩින අතර මග රාත්‍රිය ගත කිරීමට ගල් ලෙනක නතර වී ඇත. වෙනත් ගලක් පෙරලී විත් දොරටුව අවහිර වීම නිසා දින හතක් ආහාර පාන නැතිව දුක් විදින්නට සිදු වී ඇත. පෙර ජීවිතයකදී ඔවුන් ගොපළු දරුවන්ව සිටියදී තලගොයෙක් දින හතක හුඹසක් තුල සිර කර ඇත. ඒ නිසා ආත්ම භාව 14ක්ම විපාක විදින්නට සිදු වී ඇත




    15. ලද සම්පත් පරිභෝග කිරීමට වාසනාව නැති අපුන්නක සිටු

    විශාල සම්පතියක් තිබු සිටුවරයෙක් වූ ඔහු ට ප්‍රනීත භෝජනයක් අනුභව කිරීමට හෝ හොද රථයක ගමනක් යාමට සිත් පහල නොවිණි. හොද වස්ත්‍ර වෙනුවට වැරහැලි ඇන්ද ඔහු අන්ත අසරණ දිළින්දෙක් ලෙස ජීවත් විය. මෙයට හේතුව වී ඇත්තේ පෙර ජීවිතයක සිටුවරයෙක්ව සිටියදී පසේ බුදු වරයෙක්ට තම බිරිද පූජා කල ප්‍රනීත ආහාර දැක මසුරු සිතින් අසතුටු වීම
    . ඊට පෙර ඇයට යමක් පූජා කරන ලෙස කී පිනෙන් සම්පත් ලැබුනද පසුව කලකිරුණු නිසා ලද සම්පත් පරිභෝජනයට පිනක් තිබුනේ නැත






     
    Last edited:

    Ganegconsul

    Member
    Nov 26, 2012
    90
    11
    0
    මේව කියවලවත් අපේ සමහරක් මිනිස්සු හැදෙනවනන් ලොකු දෙයක්......
    බොහෝම ස්තූතියි බෙදාගත්තට.......


    Ekane kiyanne. habayi kochchara kiwwath hadenne nathi aya nisaa anek ayata nikan paw purawa ganna wenawa.


    chethanaawa hoda wunot pin sidda wenawa. waradi wunot paw sidda wenawa. eth me hari waradda hariyata therum ganna bari wunoth dhel wenawa. aneka podi siddiyak wunath athi aathma gaanakata. :( :(
     
    Last edited: