මට ප්‍රශ්නයක් තියෙනවා දන්නා කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න මම ප්‍රශ්නේ ඇරෙන්න කිසි දෙයක් දන්නේ නෑ.
ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද.
නැත්තං A ට මේ භාව්‍යෙදි පල දෙන්න සිද්ද වෙන්නේ අනතුරකින්, වගේ එකකින් මැරෙන්නේ ද?
අර 500 වාරයක් බෙලි කැපුම් ලබපු කතාවත් දාන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො
B ට තීරණය කරන්න පුලුවන් A මරණවද නැද්ද කියන එක. B හරියට බුදු දහමට අනුව ජීවත් වෙන කෙනෙක්නම් A ව නොමරා පවු පුරෝ ගන්නෙ නැතුව ඉන්න පුලුවන්. මැරුවොත් පව වෙනවා.
A මොනවා කරත් මොකක් හරි විදියකින් උට කර්මය පල දෙනවා. ඒක අපිට නිශ්චිතවම කියන්න බෑ කොහොමද කියලා.