කරාව කතාව

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අප සිංහලයන් අතරේ බොහෝ කාලයක සිට කුල වශයෙන් බෙදීම් තිබෙන බව පෙනෙන්නට තිබේ .මෙය සඳහා හොඳම නිදර්ශනය වන්නේ ප්‍රභූ සිංහල පන්ති අතර ඇතිවූ කුල බේධ සටන් වල උච්චතම අවස්ථාවකදී දෙමලෙකු වූ පොන්නම්බලම් රාමනාදම් මහතා වාසිය අත්කරගැනීමයි .මීට අමතරව මේ නිසා විවිද වශයෙන් අප අතර බෙදීම් ඇති වී ඇති බව නොරහසකි . පන්සල් අතරද මේ බෙදීම සිදුවී ඇත .මා උපන් පානදුර පුරවරයේ රන්කොත් විහාරය හා තවත් විහාරයක් අතරද මේ කුල වාදය නිසා කුලවතුන් එකී පන්සල් දෙක පිහිටවීය .නමුත් එදා එම රන්කොත් විහාරයට යාබද මෙතෝදිස්ත පල්ලියේ සිටි දේවගැති " ඩේවිඩ් ද සිල්වා " කල අමන කතාවකින් පසු ඇතිවූ පානදුර වාදය ලෝක ප්‍රසිද්දය .කල කී දෑ කුමක් වුවද එම වාදය ඇසුරින් නිපදවූ පොතකින් හෙන්රි ස්ටීල් ඕල්කට් අප රටට‍ පැමිණියේය .මෙහි බරපැන දැරුවේ "කරාව " සිංහල බෞද්ධයන් විසිනි. වාදය අවසානයේ එහි හටගත් විනාඩි ගණනක ජය ගෝෂාව නැවත්වීමට වාදිසිංහ ගුණානන්ද හිමිපාණන් හට මහජනයා ඇමතීමට සිදුවූ බව පැවසේ .අද සමාජයේද මේ කුල වාදය තරමක් දුරට ඇත . පානදුර සහ මොරටුව ප්‍රදේශයට මාතලේ, සබරගමුවෙන් ඇතිවූ අපගේ නිදහස් සටනින් පසු ලක්ෂ ගණනක සිංහල ජනතා සංහාරයක් සිදු කරන ලදී . ඉන් වසර ගණනක් යනතුරු එම ප්‍රදේශ තුල මිනිසුන් පදිංචිව සිට නැත. මෙම නිදහස් සටනින් අල්ලා ගනු ලැබූ අප සිංහල වීරයන්ගේ දරු,වැන්දබු අයවලුන් පානදුර හා මොරටුව ප්‍රදේශ වල පදිංචි කරන ලද අතර මේ අතර අපගේ වීර කැප්පෙටිපොල තුමන්ගේ දරු පරපුරද සිටි බව පැවසේ . ඉතා තිරිසන් අයුරින් එම පිරිස ක්‍රිස්තියානි ලෙස බව්තීස්ම කරන ලදී .
    මෙම කතාව "කරාව කතාව " නම් වෙයි .එහි ඉතා පිළිගත හැකි කරුණු අන්තර්ගතය . එය මා අන්තර්ජාලයෙන් සොයා ගන්නා ලද්දකි. මෙය එහි කතෘ නාරද කරුණාතිලක විසින් 1990 දශකයේ ලියන ලද්දකි . upload කිරීමේ ගව්රවය එම upload තැනැත්තාට හිමි විය යුතුය . බෞද්ධයන්ට දැන් රෙදි උස්සා පෙන්වන සමහර ක්‍රිස්තියානි අයවලුන්හට ද මෙය කියවීමට අරාදනා කරමි .මෙම ලිපියේ අරමුණ අප කෙසේ කුල වලින් බෙදී සිටියද අප සිංහල බෞද්ධයන් බව මතක් කර දීමය . බුදු සරණයි .:)

    link .http://www.mediafire.com/?2r44cdk2ax40so3
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මේ නුල දැම්මේ අපේ සිංහල මිනිස්සු බේද කරන්න සුද්දෝ අපේ අතර කුල බේදයක් ඇති කරන්න හදපු එකයි .